ශ්‍රී ලංකාවේ British Council වෙතින් අධ්‍යාපන කටයුතු නිමවා පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය සහ Chevening ශිෂ්‍යත්වලාභීන් පිළිගැනීමේ උත්සවය 

Share with your friend

එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතු නිමවා යළි මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය සහ Chevening ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ British Council විසින් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදි. 

2025 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ Chevening ශිෂ්‍යත්වලාභීන් සෙසු ආදි විද්‍යාර්ථීන් සමග 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය පොදු රාජ්‍ය මණ්ඩලීය දිනයේදී (මාර්තු 10) පැවැත්විණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටනේ 65 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබුණු අතර, වාර්ෂිකව පවත්වනු ලබන මෙම පිළිගැනීමේ උත්සවය පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් සහ Chevening ශිෂ්‍යත්වලාභීන් යන කාණ්ඩ දෙකම වෙනුවෙන් පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සැලසුම් කර ඇත්තේ ලොව පුරා රටවල නැගී එන නායකයන්ට එක්සත් රාජධානියේදී උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීමේ අරමුණිනි. 

පොදුරාජ්‍ය මණ්ඩලීය සහ Chevening ශිෂ්‍යත්වලාභීන් සහභාගී වූ සංවාදමය වැඩසටහන 

මෙම පිළිගැනීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ශ්‍රී ලංකාවේ British Council à·„à·’ අධ්‍යක්ෂ ඕර්ලැන්ඩෝ එඩ්වර්ඩ්ස් සහ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ Commonwealth & Marshall ශිෂ්‍යත්ව ඒකකයේ ප්‍රතිපත්ති ප්‍රධානී ෆිලිප් එවරස්ට් යන මහත්වරුන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය හා Chevening ශිෂ්‍යත්ව ලබා සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් එක්වූහ. 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා, පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභී (University of Cambridge) ජිවංක පතිරගේ මහතා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය සහ Chevening ශිෂ්‍යත්වලාභීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ Commonwealth & Marshall ශිෂ්‍යත්ව ඒකකයේ ප්‍රතිපත්ති ප්‍රධානී ෆිලිප් එවරස්ට් මහතා 

පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය ලොව රටවල් 56 කදී සමරනු ලබන අතර මෙවර එහි තේමාව වූයේ ‘Together We Thrive’ යන්නයි. සාමූහිකව කටයුතු කිරීම තුළින්, දියුණුව සඳහා නව අවස්ථා උදා වන සහ අභියෝගවලට ඔරොත්තු දිය හැකි සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කළ හැකි බව එම තේමාව මගින් නිරූපණය විය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන එක්සත් රාජධානියේ රජු විසින් නිකුත් කරන ලද පණිවිඩයෙහි මෙලෙස දැක්විණි: “ලොව පුරා රටවල ජනතාව එකමුතු කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය සතු හැකියාව අතීතයේ පටන් එලෙසින්ම පැවතුණු අතර, එහි වැදගත්කම අදටත් නොවෙනස්ව පවතී. අප සියලු දෙනා එකට එක් වී පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සමරන මේ මොහොතේ, අප සතු වැදගත්ම කාර්යභාරය වන්නේ ලොව පුරාම බිඳ වැටී ඇති සාමය නැවත ගොඩනැංවීමයි. අපගේ තරුණ පරම්පරාවන්ගේ තර්ජනයට ලක්ව ඇති අනාගතයේ නාමයෙන්, එම සමගිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය ඉටුකරමින් සිටින වැදගත් කාර්යභාරය අඛණ්ඩව ඉදිරියට යනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.”

ශ්‍රී ලංකාවේ British Council හි අධ්‍යක්ෂ ඕර්ලැන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පැවසුවේ මෙම කලාපයේ පුද්ගලයන් එක්සත් රාජධානිය වෙත ගොස් තම අධ්‍යාපනය සම්පූර්ණ කර, රැකියා පළපුරුද්ද ලබාගෙන නැවත පැමිණියහොත්, ඉදිරි වසර 20 ත් 30 ත් අතර කාලය තුළ මෙම කලාපය වර්ධනයේ සහ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇති බවයි. 

මේ අතර ශ්‍රී ලංකාවේ British Council à·„à·’ අධ්‍යක්ෂ ඕර්ලැන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “British Council මෙරට පරම්පරා කිහිපයක ශිෂ්‍යත්වලාභීන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් ලබාගෙන, එම දැනුම ශ්‍රී ලංකාවේ යහපත සඳහා යෙදවීමට අවස්ථාව උදා කර දී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් ඉංජිනේරුවන්ට සමානයි. ඔවුන් සංවර්ධනයේ අඩිතාලම ප්‍රවේශමෙන් ගොඩනංවනවා.  එහිදී ගෘහ නිර්මාණ ශිල්පීන් වන්නේ Chevening ශිෂ්‍යත්වලාභීන්. මෙම ශිෂ්‍යත්වලාභීන් අතරින් බහුතරයක් මේ වන විට තෘතීය අධ්‍යාපන ආයතනවල මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඉහළ තනතුරු දරනවා.” 

මෙම උත්සවයේදී ඇන්ඩෘ පැට්‍රික් සහ ෆිලිප් එවරස්ට් යන මහත්වරුන් විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් 6 දෙනෙකුට සහ Chevening ශිෂ්‍යත්වලාභීන් 7 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කරන ලදි. මෙම ශිෂ්‍යත්වලාභීන් නීතිය, ඉංජිනේරු විද්‍යාව සහ ජාත්‍යන්තර සංවර්ධනය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය පශ්චාත් උපාධි සම්පූර්ණ කර තිබේ. 

මෙම උත්සවයට පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් සහ Chevening ශිෂ්‍යත්වලාභීන් 5 දෙනෙකු සහභාගී වූ සංවාදමය වැඩසටහනක්ද ඇතුළත් වී තිබිණි. එහිදී ඔවුන් විසින් තමන් ලද අධ්‍යාපනය හා පුහුණුව, විදේශ රටක නව ජීවිතයකට හුරු වූ ආකාරය සහ එම දැනුම හා අත්දැකීම් තම දියුණුවට උපකාරී වූ ආකාරය පිළිබඳව අදහස් පළකරන ලදි. එමෙන්ම තමන් අලුතින් ලබාගත් දැනුම හා අත්දැකීම් යොදාගනිමින් තම ආයතන තුළ මෙන්ම පොදුවේ ශ්‍රී ලංකාව තුළ ධනාත්මක වෙනස්කම් ඇතිකිරීමට සහ නවෝත්පාදනය දිරිගැන්වීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව ඔවුහු මෙහිදී අදහස් පළකළහ. 

1959 වසරේදී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 1,100 කට අධික පිරිසකට එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථා හිමි වී තිබේ.

ශිෂ්‍යත්ව කාණ්ඩය අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වෙනස් වන අතර, සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි හෝ ජූනි මාසවලදී අයදුම්පත් භාරගැනේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://cscuk.fcdo.gov.uk/  සහ https://www.chevening.org/scholarships/ වෙත පිවිසෙන්න. 

British Council පිළිබඳව 

British Council යනු යනු සංස්කෘතික සම්බන්ධතා සහ අධ්‍යාපන අවස්ථා සඳහා වන එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවිධානයයි. එක්සත් රාජධානිය සහ ලොව සෙසු රටවල් අතර සම්බන්ධතා, අවබෝධය සහ විශ්වාසය ගොඩනැංවීම තුළින් අපි සාමය සහ සමෘද්ධිය ඇතිකිරීම සඳහා සහය වන්නෙමු. කලාව හා සංස්කෘතිය, අධ්‍යපනය හා ඉංග්‍රීසි භාෂාව යනාදී අංශ හරහා මෙම අරමුණ සාක්ෂාත් කරගනු ලැබේ. අප රටවල් හා බලප්‍රදේශ 200 කට අධික සංඛ්‍යාවක ජනතාව සමග එක්ව කටයුතු කරන අතර, රටවල් 100 කට අධික සංඛ්‍යාවක අපගේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. 2021-22 කාලසීමාව තුළ අපගේ මෙහෙවර මගින් ආවරණය වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 650 ඉක්මවී ය. 


Share with your friend