ශ්‍රී ලංකාව කලාපීය නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබන ජාතික මහෝත්සවය : Disrupt Asia 2025

Share with your friend

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වේගවත් කරන්නට යෝධ පියවරක් තබමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුව සහ නවෝත්පාදන වැඩසටහන වන Disrupt Asia 2025, සැප්තැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. දින හතරක වැඩසටහනක් වූ මෙය, හුදෙක් නව නිපැයුම් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගොස්, නවෝත්පාදනයන් මෙහෙයවීම, ගෝලීය අවස්ථා හිමි කරදීම සහ දිගුකාලීන ප්‍රතිපත්ති සහ තාක්‍ෂණය මත පදනම් වූ පරිවර්තනයන්ට බලපෑම් කිරීම කෙරෙහි අවධානය යොමු කළ ජාතික වැඩපිළිවෙළක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

වර්තමානය වන විට, රාජ්‍ය ආයතන, ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහ ගෝලීය වශයෙන් සම්බන්ධ ආයතනවල සහාය ද ඇතිව, ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක පරිසරය, මින් පෙර නොවූ වේගයකින් වර්ධනය වෙමින් පවතින බව දැකගන්නට ඇත. 


Disrupt Asia 2025 සමුළුවේ ප්‍රධාන අරමුණු අතර, ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර ආයෝජකයින්, නව ව්‍යවසායකයන් සහ පහසුකම් සලසන පාර්ශවයන් මෙරට වෙළඳපොළ වෙත පහසුවෙන් ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යන කරුණු විශේෂයෙන් කැපී පෙනෙයි. ගෝලීය වශයෙන් උපායමාර්ගික සම්බන්ධතා ගොඩනඟමින්, Disrupt Asia 2025 ශ්‍රී ලංකාව කලාපීය නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රබල සාධකයක් ලෙස ඉස්මතු වෙමින් සිටී.

මේ වන විට, Disrupt Asia 2025 සුවිශේෂී වැඩසටහන් මාලාවන් හා උපායමාර්ගික සංචාර හරහා ගෝලීය සම්බන්ධතාවන් පුළුල් කොට ඇත. එමෙන්ම, ගෝලීය උපායමාර්ගික වැඩසටහන් හරහා මෙරට ප්‍රධාන වෙළඳපොළවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නට සමත් වී තිබේ. එපමණක් නොව, දිනෙන් දින වෙනස්වන ශ්‍රී ලංකාවේ තාක්ෂණික පරිසරය වර්ධනය කරමින්, මෙම වසර අගදී පැවැත්වෙන දිවයිනේ ප්‍රමුඛතම නව ව්‍යවසායකත්ව සමුළුව සඳහා ශක්තිමත් පදනමක් ද නිර්මාණය කරන්නට Disrupt Asia සමත්ව ඇත.

නවදිල්ලියේදී පැවති, ඉන්දියාවේ නව ව්‍යවසායක වැඩසටහන වූ  Mahakumbh 2025 හිදී, ICTA නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ දැක්ම දහස් ගණනක් වූ ව්‍යවසායකයින් සහ ආයෝජකයින් වෙත ප්‍රදර්ශනය කරන්නට සමත් විය. ඇමරිකාවේ ඉන්දියානා හි පැවති ගෝලීය ව්‍යවසායකත්ව සම්මේලනයේ (Global Entrepreneurship Congress) නව ව්‍යවසායකත්වය පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික හමුවට සහ GEN ආයෝජන සංසදයට ද මෙම කණ්ඩායම සහභාගී වූ අතර,  සිංගප්පූරුවේ Echelon 2025 හිදී, ශීඝ්‍ර ඩිජිටල් වර්ධනයක් අත්පත් කරගෙන සිටින ජාතියක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් nVentures සමඟින් ද එක් විය.

මෙම සුවිශේෂී වැඩසටහන් මාලාව අවසන් වූයේ යුරේසියානු කලාපයේ ප්‍රමුඛතම නව ව්‍යවසායක ජාලයක් වන AsiaBerlin ජාලයේ කාල් රේනර් හාර්ට්ලයින් මෙරට සංචාරයක් සඳහා පැමිණීමෙනි. කොළඹ කේන්ද්‍ර කරගත් මෙම සංචාරයේදී ICTA, ඩිජිටල් ආර්ථික ආයෝජන කමිටුව, Hatch Works, කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ TRACE Expert City සමඟ සම්බන්ධ වෙමින් දේශසීමාවන්ගෙන් එපිට නවෝත්පාදන අවස්ථා ගවේෂණය කිරීම සඳහා අවස්ථාව සැලසීම විශේෂයෙන් කැපී පෙනුණි. මෙම සංචාරය සඳහා පහසුකම් සලසනු ලැබුවේ AsiaBerin ජාලයේ මෙරට තානාපති මනෝරි උනම්බුවේ විසිනි. 

“ශ්‍රී ලංකාව, වෙනස්වන නව ව්‍යවසායක පරිසරයක් සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා ඇති, ශක්තිමත් මෙන්ම නවෝත්පාදන ජාතියක් ලෙස කැපී පෙනෙන රටක්. මෙහි ඇති ක්‍රියාකාරී නවෝත්පාදන මධ්‍යස්ථාන සහ විශිෂ්ටත්වයෙන් පිරි ශක්තිමත් සංස්කෘතිය සමඟ, හුවමාරුව, සහයෝගීතාවය සහ ඉදිරිගාමී අදහස් පෝෂණය කරමින් ආසියාව තුළ මධ්‍යස්ථ මැදිහත්කරුවෙකු ලෙස සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනවා.”

මෙම සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඇතුළු රජයේ ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය. ආචාර්ය සංජීව වීරවර්ණ, භානුක හරිස්චන්ද්‍ර, පද්මජා රූපරෙල්, රාජන් ආනන්දන්, ක්‍රේග් ඩික්සන් වැනි ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙන පුද්ගලයන් රැසක් ද මෙම සමුළුවට සහභාගී වනු ඇත.

ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් පුරෝගාමියා වන Paytm හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විජේ ශේකර් ෂර්මා විසින් Disrupt Asia 2025 ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නව ව්‍යවසාය සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් හැඩගස්වා ගන්නේ කෙසේද? සහ ගෝලීය නවෝත්පාදකයින් රට තුළ තම ව්‍යාපාර ස්ථාපිත කිරීම ගැන සලකා බැලිය යුත්තේ ඇයි? යන කරුණු මෙම සමුළුවේදී ගවේෂණය කෙරෙනු ඇත.

ගෝලීය වශයෙන් පිළිගත් නිර්මාතෘවරුන්, නවෝත්පාදන පරිසර නිර්මාණකරුවන් සහ දකුණු ආසියාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ඉහළ වර්ධන අවස්ථා සොයන ජාත්‍යන්තර ආයෝජකයින් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. 

මෙම වසරේ සමුළුවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලෙස ස්ථානගත කිරීම මඟින් වැඩි වැඩියෙන් ව්‍යාපාරික ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමයි. ප්‍රධාන සමුළුව සහ නවෝත්පාදන උළෙල මඟින් රටේ ඉහළම තාක්ෂණික නව ව්‍යවසාය ඉස්මතු කරනු ඇති අතර, එමඟින් දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ඔවුන්ගේ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ද නිර්මාණය වනු ඇත. රාජ්‍ය ආයතන, කර්මාන්ත සංගම්, පහසුකම් නිර්මාණය කරන්නන් සහ ගෝලීය ජාල ඇතුළු තවත් හවුල්කරුවන් රැසක් ද මීට එක් වීමට නියමිතය. මේ සියල්ල සමඟින්, ශ්‍රී ලංකාව නව ව්‍යවසාය සඳහා යෝග්‍ය පරිසරයක් බවට පත් වීමේ විප්ලවීය වෙනසක් වෙත ගමන් කරමින් සිටී. ගෝලීය අවස්ථා විවෘත කර, රට තුළ නවෝත්පාදනය වේගවත් කිරීමේ ජාතික වැඩසටහනක් වශයෙන් ද Disrupt Asia 2025 අවිවාදයෙන්ම පෙන්වා දිය හැකිය.
නව ව්‍යවසාය ප්‍රදර්ශනය සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් විවෘතව ඇත. නැඟී එන සමාගම්වලට ඔවුන්ගේ නවෝත්පාදනයන් ගෝලීය ආයෝජකයින්, කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්තයන් හා බලාපොරොත්තු තැබිය හැකි හවුල්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට මෙමඟින් ඔවුන්ට අවස්ථාව හිමි වේ. ප්‍රදර්ශනය සඳහා අයදුම්පත් සහ ප්‍රධාන සම්මන්ත්‍රණය සඳහා ප්‍රවේශපත් www.disruptasia.today වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගස්වන ජාලකරණය, ඉගෙනීම සහ සහයෝගීතාවයට ප්‍රවේශය ලබා දෙන Disrupt Asia 2025 පිළිබඳ වැඩිදුර තොරතුරු info@disruptasia.today. වෙතින් දැනගැනීමට අවස්ථාව ඇත.


Share with your friend