ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තන වැඩසටහන ඔස්සේ ඉදිරියට යන මේ මොහොතේ, ශීඝ්‍රයෙන් වර්ධනය වන සයිබර් තර්ජන රැල්ලකට ද රට මුහුණ දෙමින් සිටී. සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයා වන Kaspersky නවතම සයිබර් ආරක්ෂණ දත්ත ඔස්සේ ද, මෙරට පුද්ගලයින්, ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ආයතන ඉලක්ක කරගත් පරිගණක වෛරස සහ සයිබර් ප්‍රහාරවල කඩිනම් වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

ගෝලීය වශයෙන්, 2024 වසර තුළ පමණක් මිලියන 302කට අධික සයිබර් ප්‍රහාර අවහිර කිරීමට Kaspersky සමත්වූ අතර, අනාවරණය වූ එකිනෙකට වෙනස් සයිබර් ප්‍රහාර ප්‍රමාණය මිලියන 72කට වඩා වැඩි ය. අන්තර්ජාල පරිශීලකයින් ලවා සංවේදී තොරතුරු මුදාහැරීමට පොළඹවන Phishing ප්‍රහාර, පෙර වසරට සාපේක්ෂව 26% කින් වැඩි වී තිබේ. එමෙන්ම මූල්‍ය සේවා සහ cryptocurrency මංකොල්ලකෑමේ ප්‍රයත්න 83.4% කින් ඉහළ ගොස් තිබේ.
“ගෝලීය වශයෙන් අප දකින ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිසරය තුළත් වැඩි වැඩියෙන් පිළිබිඹු වේ. Phishing ප්‍රහාර සරල ඊමේල් වංචාවලින් ඔබ්බට ගොස් නවීන සමාජ ඉංජිනේරු උපක්‍රම දක්වා පරිණාමය වී ඇත. පරිශීලකයින්ගේ අනිසි විශ්වාසය සහ සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය නොමැතිකම ඊට ප්‍රධාන හේතුවක් වී තිබේ. සයිබර් ආරක්ෂාව පිළිබඳ පවතින සීමිත දැනුම සහ යල් පැන ගිය ආරක්ෂක පද්ධති නිසා බොහෝ ශ්‍රී ලාංකික සංවිධාන සහ සාමාන්‍ය පරිශීලකයින් අවදානමට ලක්ව සිටිති, යනුවෙන් Kaspersky හි ආසියාවේ නැගී එන රටවල අලෙවි ප්‍රධානී සෑම් යාන් මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව ඩිජිටල් ගෙවීම්, ඊ-වාණිජ්‍යය සහ cryptocurrency ආයෝජන වෙත වැඩි ලෙස යොමුවීමත් සමඟ සයිබර් අපරාධවල ද වැඩිවීමක් දක්නට ලැබේ. තව ද ජංගම බැංකුකරණය වේගයෙන් වර්ධනය වීමත් සමඟ, සයිබර් ප්‍රහාරකයින් දැන් ව්‍යාජ VPN හෝ පාර්සල් බෙදාහැරීමේ සේවා ලෙස ස්මාර්ට් ජංගම දුරකථන ඉලක්ක කරගෙන තිබේ.
ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ක්‍රියාකාරකම් වැඩිවීම යනු දෙපැත්ත මුවහත් අසිපතක් බඳුයි. ඩිජිටල් සේවා මගින් පහසුව සැලසෙන අතරම ඒ හරහා අනන්‍යතා සොරකම් සහ මූල්‍ය වංචා ආදියට මුහුණ පෑමට සිදුවිය හැකියි. දුරස්ථව සේවය කිරීම (remote work) සහ ඩිජිටල් පසුම්බි (digital wallets) වැනි නවතම ඩිජිටල් ප්‍රවණතාවලට හොඳින් අනුගත වෙමින් තම සයිබර් අපරාධ සිදුකිරීමට සයිබර් ප්‍රහාරකයෝ දැන් කටයුතු කරමින් සිටිති, යනුවෙන් සෑම් යාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවදානම් අවම කිරීම සඳහා ආරක්ෂණ ස්ථර කිහිපයකින් යුතු විධිමත් සහ පරිපූර්ණ පද්ධතියක් පවත්වාගත යුතු බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ අවධාරණය කරති. එනම්, endpoint protection සහ web filtering වැනි ශක්තිමත් තාක්ෂණික ආරක්ෂක ක්‍රියාත්මක කිරීම; මහජන සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ ව්‍යාපාර දියත්කිරීම; සහ දත්ත රහස්‍යතාව සහ මාර්ගගත ගනුදෙනු වටා දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ආදී පියවර රැසක් අනුගමනය කිරීම වැදගත් ය.
ශ්‍රී ලාංකික ව්‍යාපාර, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, තම මෙහෙයුම් උපාය මාර්ගයේ මූලික අංගයක් ලෙස සයිබර් ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතුය. “සයිබර් ආරක්ෂාව සඳහා ආයෝජනය කිරීම තවදුරටත් විකල්පයක් නොව අවශ්‍යතාවයකි. බහු-ස්ථර සත්‍යාපනය (multi-factor authentication) අනුගමනය කිරීම, සයිබර් ආරක්ෂණය පිළිබඳ කාර්ය මණ්ඩල පුහුණු පැවැත්වීම සහ සයිබර් ආරක්ෂණ සැපයුම්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඊට ඇතුළත් ය, යැයි සෑම් යාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්‍ය ආයතන ද මෙහිලා ඉටුකරන්නේ තීරණාත්මක කාර්යභාරයකි. රාජ්‍ය ඩිජිටල් මුලපිරීම් පුළුල් වන විට, මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා පුරවැසි දත්ත සහ මාර්ගගත සේවාවන් සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
Kaspersky වාර්තාව මගින් අවධාරණය කරන්නේ, විශේෂයෙන් ව්‍යාපාර සහ ව්‍යාපාර අතර සිදුවන ගනුදෙනු (B2B) අංශයේ සයිබර් ප්‍රහාර ඉහළ යමින් පවතින බවයි. 2024 දී ඊට අදාළව සිදුවීම් 9,218 ක් වාර්තා වූ අතර, B2B වැඩිම මූල්‍ය ප්‍රහාර සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වේ.
මෙම වර්ධනය වන තර්ජනයට මුහුණ දීම සඳහා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ මූල්‍ය ආයතන අතර ක්‍රියාකාරී ආරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස Kaspersky නිර්දේශ කරයි. ක්ෂණිකව සයිබර් ප්‍රහාර හඳුනාගෙන ඒවා අවහිර කිරීමට අදාළ තාක්ෂණයයෙදවීම, සයිබර් ප්‍රහාර උපක්‍රම සහ සැක සහිත ක්‍රියාකාරකම් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සේවක දැනුවත්භාවය වැඩි කිරීම, සංවේදී මූල්‍ය ගනුදෙනු සඳහා අමතර ආරක්ෂිත පියවරක් එක් කිරීමට බහු-ස්ථර සත්‍යාපනය ක්‍රියාත්මක කිරීම ආදිය ඊට ඇතුළත් ය.
මූල්‍ය සයිබර් ප්‍රහාර සඳහා වර්ධනය වන ඉලක්කයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය සුවිශේෂී නොවේ. Kaspersky හි ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව, බෙලරුස්, මෝල්ඩෝවා සහ පිලිපීනය වැනි රටවල්, වෙබ් අඩවි මගින් සිදුවන තර්ජනවලට ගොදුරු වන පරිශීලක ලැයිස්තුවේ ඉහළින්ම සිටී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මුහුණදෙන සයිබර් අවදානමට අවතක්සේරු කළ නොහැකි අතර, මෙරට ව්‍යාපාරවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් තවමත් මෙම සයිබර් අපරාධවලට නිරාවරණය වී ඇත.
ව්‍යාපාරවලට ඔවුන්ගේ සයිබර් ආරක්ෂාව ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා, Kaspersky විසින් සිදුවීම් අධීක්ෂණය සහ කළමනාකරණය සඳහා පහසුකම් රැසක් ඇතුළත් ඒකාබද්ධ මෘදුකාංග විසඳුමක් ලෙස Kaspersky Unified Monitoring and Analysis Platform (KUMA) හඳුන්වා දී තිබේ.
KUMA යනු තොරතුරු ආරක්ෂණ සිදුවීම් නිරීක්ෂණය කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා භාවිත කළ හැකි ඒකාබද්ධ ඒකකයක් වන අතර ව්‍යාපාර සහ සංවිධානවලට සයිබර් අවකාශයේ ආරක්ෂිතව සිටීමට මඟපාදයි.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://support.kaspersky.com/help/KUMA/1.5/en-US/217694.htm හරහා ලබාගත හැක. Kaspersky හි නවතම සයිබර් තර්ජන වාර්තා පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, Securelist.com වෙත පිවිසෙන්න.