මෙරට තුළ දියවැඩියාව පාලනය සහ ඒ සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (Sri Lanka College of Endocrinologists – SLCE) සහ, මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන මොරිසන් සමාගම (Morison Ltd.) එක්ව ක්‍රියාවට නැංවූ දියවැඩියා පාලනය පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ ප්‍රථම කණ්ඩායමට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය මෑතකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී 65 දෙනෙකුට වැඩි ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන් සහතිකපත් ලබා ගත්හ. දියවැඩියාව සහ එහි සංකූලතා කළමනාකරණය සම්බන්ධයෙන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් මෙම පුහුණු පාඨමාලාව සකසා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එහි ගරු ආරාධිතයා ලෙස සහභාගී විය. මෙබඳු ප්‍රධාන පෙළේ නිලධාරීන් මෙම උත්සවයට සහභාගී වීම, එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට කෙතරම් වැදගත්ද යන්නට සාක්ෂි දරයි.
දියවැඩියාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ බහුලව වාර්තා වන රෝගයක් බවට පත් වී තිබේ. වාර්තාවලට අනුව සෑම ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුට එක් අයෙක් දියවැඩියාවෙන් පෙළෙයි. මෙම රෝගීන්ගේ රෝග තත්ත්වය හා රෝග ලක්ෂණ පාලනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මූලික සෞඛ්‍ය සේවාවන් සපයන වෛද්‍යවරුන් හොඳින් දැනුවත් නම්, අනාගතයේදී දියවැඩියාව මෙරට ජන සමාජය තුළ බරපතළ අර්බුදයක් බවට පත්වීමේ අවදානම අවම කිරීමට හැකි වනු ඇත.
මෙම පාඨමාලාව පැවැත්වීම සඳහා වූ එකඟතාවට අත්සන් තැබීම 2024 වසරේ පෙබරවාරි මාසයේදී සිදු විය. දියවැඩියාව සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වඩාත් හොඳින් දැනුවත් කර, අනාගතයේදී දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග සෞඛ්‍ය සේවාවට එල්ල වීමට ඉඩ ඇති පීඩනය අවම කිරීම යන පොදු අරමුණ යටතේ දෙපාර්ශ්වය විසින් මෙම පාඨමාලාව ආරම්භ කරන ලදි.
මාස 4 ක කාලයක් පැවැත්වෙන මෙම පාඨමාලාව සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගිනි. සාර්ථක ලෙස දියවැඩියාව කළමනාකරණය කිරීම සහ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පාලනය කිරීම යනාදිය සම්බන්ධයෙන් න්‍යායික දැනුම හා ප්‍රායෝගික පුහුණුව මෙමගින් ලබාදෙනු ලැබේ. නවතම සායනික ක්‍රමවේදවලට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම පාඨමාලාව සැලසුම් කර ඇත.
මේ යටතේ වසරකට කණ්ඩායම් දෙකක් බැගින් පුහුණු කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී වෛද්‍යවරුන්ට දියවැඩියාව පාලනය කිරීම සම්බන්ධ චිකිත්සක ක්‍රම, ජීවන රටා උපදේශනය සහ දියවැඩියාව නිසා ඇති වන සංකූලතා වැළැක්වීම යනාදිය සම්බන්ධයෙන් පරිපූර්ණ පුහුණුවක් ලබාදෙනු ලැබේ.
“මෙම පාඨමාලාව ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් හා සාර්ථක ලෙස දියවැඩියාව පාලනය කරගැනීම සඳහා අත්වැලක් වීමේ අරමුණින් ගත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මූලික සෞඛ්‍ය සේවාවන් සපයන වෛද්‍යවරුන්ට නිසි දැනුම හා පුහුණුව ලබාදීම තුළින් අපට දියවැඩියාවට එරෙහිව ශක්තිමත් ඉදිරි පෙළක් නිර්මාණය කරීමට හැකි වේවි.” ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිරංජලා මීගොඩ විදානගේ මහත්මිය පැවසුවා ය. එමෙන්ම රට තුළ සිටින සීමිත අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් දියවැඩියාවට එරෙහි සටන තනිවම මෙහෙයවිය නොහැකි බවත්, ඒ සඳහා රට පුරා බිම් මට්ටමින් මූලික මට්ටමේ සෞඛ්‍ය සේවාවන් සපයන වෛද්‍යවරුන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබීම අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.
“මේ අර්ථවත් වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මොරිසන් සෑම විටම රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන ප්‍රවේශයක් අනුගමනය කරනවා. මෙම නවතම පියවර, රටට අවශ්‍යම මොහොතක සැබෑ වෙනසක් සිදුකිරීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම පෙන්නුම් කරන සාධකයක් ලෙස අප දකිනවා.” යැයි මොරිසන් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ දිනේෂ් අතපත්තු මහතා පැවසී ය. තව දුරටත් අදහස් එක් කරමින් ඔහු පවසා සිටියේ, ඉදිරියේදී මෙම ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින්, දියවැඩියාව පාලනය කිරීම සඳහා කළ යුතු අනෙකුත් මැදිහත් වීම් මොනවාද යන්න සොයා බලා, ඒවා සිදු කරන බවයි.
මොරිසන් සමාගමේ අරමුණ වන්නේ “උසස්ම තත්වයේ ඖෂධ සහනදායි මිලකට ලබාදීම” ය. එම අරමුණ මුල්කරගෙන, දියවැඩියාව පාලනය සම්බන්ධ ලොව නවතම ප්‍රතිකර්ම හොඳම ප්‍රමිතිය සහ සහනදායී මිලගණන් යටතේ ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීමට මොරිසන් සමාගම කැප වී සිටී.
වසර 60 කට අධික සාඩම්බර උරුමයක් සහිත ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොරිසන් සමාගම, ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී. එම සමාගම හෝමාගම ප්‍රදේශයේ ඉදිරිකර ඇති, European Union Good Manufacturing Practices (EU GMP) මාර්ගෝපදේශවලට අනුකූල අතිනවීන කර්මාන්තශාලාව, ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය දියුණු කිරීම් සඳහා සමාගම තුළ ඇති උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරයි.
ඡායාරූපය 01- මොරිසන් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ දිනේෂ් අතපත්තු ‘දියවැඩියා පාලනය පිළිබඳ පුහුණු පාඨමාලාවේ’ සහතිකපත් ප්රදානෝත්සවය අමතමින්
ඡායාරූපය 02 – සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා සහ ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිරංජලා මීගොඩ විදානගේ මහත්මිය, දියවැඩියා පාලනය පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ වෛද්‍යවරියක වෙත සහතික පත්‍රයක් පිරිනැමූ අයුරු
ඡායාරූපය 03 – උත්සවයේ ගරු ආරාධිතයා ලෙස සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිරංජලා මීගොඩ විදානගේ මහත්මිය, දියවැඩියා පාලනය පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ වෛද්‍යවරයෙකු වෙත අදාළ සහතික පත්‍රය පිරිනමමින්