ශ්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR සේවාවන් ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ FriMi සේවාව හරහා අධිවේගී මාර්ග ගාස්තු ගෙවීම LANKAQR හරහා සිදු කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිල වශවයන් ආරම්භ කරන ලද අවස්ථාව

Share with your friend

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩී. කුමාරතුංග, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. අතලුවගේ සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත යන මහත්වරුන්.  

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රට පුරා LANKAQR සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘LANKAQR ජනගතකරණ  වැඩසටහන’ 2021 ඔක්තෝබර් 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදි. රට පුරා ඩිජිටල් ගෙවීම් දිරිගන්වමින්, රටේ අනාගත ඩිජිටල්කරණ සැලසුම් වලට අත්වැලක් වීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. 

මෙම වැඩසටහනේ එක් වැදගත් පියවරක් වශයෙන්, අධිවේගී මාර්ග ගාස්තු ගෙවීම් සඳහා LANKAQR ක්‍රමවේදය භාවිතයට ගැනීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ FriMi සේවාව අතර ඇතිකරගත් හවුල්කාරීත්වයක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply