සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් ‘Achievers’ Night 2025’ හිදී විශිෂ්ටයන් පිරිසකට ඇගයුම්

Share with your friend

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’ පසුගිය මැයි 10 වන දින කොළඹ Imperial Monarch හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී දිවයින පුරා විසිරී සිටින SDF කාර්ය මණ්ඩලයේ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක් වූහ. 

SDF සමාගමේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ සාමාජික සාමාජිකාවන්, නීතා ආරියරත්න මහත්මිය සහ ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ගරු සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා ඇතුළු සභාවනීය ආරාධිතයන් සහ SDF සමාගමේ කාර්ය මණ්ඩලයේ 600 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. SDF සමාගම ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගම් අතරින් එකක් ලෙස සැලකෙන අතර, මෙම උත්සවය සමාගම මෙතෙක් අත්කරගත් ජයග්‍රහණ සැමරීමට මෙන්ම සමාගමේ සාමාජික සාමාජිකාවන් අතර සුහදත්වය වර්ධනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය. 

Best Business Development Officer, Best Branch Manager and Best Region Manager, Best Recovery Officer, Best Regional Recovery Officer, Best Deposit Mobilizer සහ Best Gold Loan Officer යනාදී කාණ්ඩ රැසක් යටතේ මෙහිදී ජයග්‍රාහකයන් වෙත සම්මාන පිරිනමන ලදි. ඊට අමතරව තෝරාගත් විශිෂ්ටයන් පිරිසකට විදේශ සංචාරද හිමි වූ අතර, මෙය සිය කාර්ය මණ්ඩලයේ දියුණුව මෙන්ම ඔවුන් තුළ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියක් විය. 

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මෙසේ පැවසීය. “‘Achievers’ Night’ යනු හුදෙක් සම්මාන උළෙලක් පමණක් නොවෙයි. එය අපගේ සාමාජික සාමාජිකාවන් දිනපතා ප්‍රදර්ශනය කරන උනන්දුව හා කැපවීම මෙන්ම ඔවුන්ගේ දායකත්වය තුළින් ඉටු වන මෙහෙවර සමරන සුවිශේෂී අවස්ථාවක්. ඩිජිටල් තාක්ෂණය සහ නව ප්‍රවණතා ඔස්සේ අඛණ්ඩව වෙනස් වෙමින් පවතින මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් තුළ අප කවදත් පුද්ගල සංවර්ධනයට මුල් තැන දෙනවා. මේ ආකාරයට රටේ ග්‍රාමීය ප්‍රජාවන්ට ආත්මාභිමානයෙන් යුතුව අභියෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය ලබාදීම සඳහා අපට හැකි වී තිබෙන්නේ අපගේ කාර්ය මණ්ඩලයේ ලබාදෙන මේ දැවැන්ත දායකත්වය නිසයි.” 

පසුගිය කාලය තුළ කැපීපෙනෙන ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම සමත් විය. විනිවිදභාවය, තිරසාරභාවය සහ සමාජ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින ගෝලීය මූල්‍ය ආයතන ජාලයක් වන Global Alliance for Banking on Values (GABV) හි සාමාජිකත්වය හිමි වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම 2024/25 මූල්‍ය වර්ෂය තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමාගම සමත් වූ අතර, එය සමාජයට යහපතක් සිදුකරන අතරම වාණිජ සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා සමාගම සතු හැකියාවට මනා සාක්ෂියක් විය. 

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් යනු මෙරටට පුද්ගල කේන්ද්‍රීය සංවර්ධන බැංකුකරණ ආකෘතියක් හඳුන්වා දුන් සමාගමකි. එම ආකෘතිය වාණිජ සාර්ථකත්වය කරා ගෙනයමින් රටේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට සුවිශේෂී ආදර්ශයක් සපයන අතරම දීර්ඝකාලීන සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක් ඔස්සේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට සමාගම සමත් වී තිබේ. මෙම සාර්ථකත්වය උදෙසා සමාගමේ කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය ‘Achievers’ Night 2025’ තුළින් මැනැවින් පිළිබිඹු විය. 


Share with your friend