ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය අඛණ්ඩව 23 වන වරටත් ආලෝකමත් කරයි

Share with your friend

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක්  ලෙස වැදුම් පිදුම් ලබන ඓතිහාසික පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය  ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය  යටතේ ආලෝකමත් කරන ලදී. 

ඇසළ මංගල්‍යය ආලෝකවත් කරමින් පවත්වන මෙම සත් ක්‍රියාව 2024 ජූලි 06 වැනි දින ආරම්භ වී 2024 ජූලි 20 දින දක්වා අඛණ්ඩව 23 වැනි වරටත් පැවැත්වේ.

වාර්ෂිකව පැවැත්වෙන මෙම ආලෝක පූජාව වැනි කටයුතුවලට සහය දක්වමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සම්ප්‍රදායික උරුමය සුරැකීමට දායක වීම දේශීය කර්මාන්තායතනයක් ලෙස තම යුතුකමක් බව ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය පැවසීය.

ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවාසි බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා දිවයිනේ පූජනීය ස්ථාන මෙලෙස ආලෝකමත් කරන බවත්, රටේ උරුමය සුරැකීමේ වැදගත්කම පිළිබඳව තරුණ පරම්පරාව දැනුවත් කිරීමටත් තම සමාගම අවධානය යොමු කරන බව ඇය වැඩිදුරටත් පැවසීය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැරක් ද පැවැත්විණි.

“ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරයට” සමගාමීව තිස්සමහාරාම කොහොඹගහපැලැස්සේදී, ස්වදේශී විසින් “ස්වදේශී කොහොඹ ගමට සත්කාර” ව්‍යාපෘතිය දියත් කරන ලදී. තිස්සමහාරාමයේ කොහොඹගහපැලැස්ස, වීරහෙළ කනිටු විදුහලෙහි පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය පහසුකම් මෙමඟින් සම්පාදනය කරයි.

බුදුරජාණන්  වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී ධර්ම දේශනය සඳහා කතරගම කිහිරි උයනට වැඩම කිරීම සිහි වනු වස් මහානාග රජු විසින් කිරි වෙහෙර තැන වූ බව මහා වංශයේ දැක් වේ. ශ්‍රී ලංකාව  ආරක්ෂා කර ගැනීම පිණිස තැබූ භාරයක් ඉටු කිරීමක් ලෙසින් දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලය ඉදි කරන ලදී. කතරගම දෙවියන් ශ්‍රී ලාංකිකයන්  පමණක් නොව ලෝකයේ විවිධ වූ රටවල විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාව  විසින් වන්දනාමාන කරනු ලබයි.

2013 වර්ෂයේදී ඓතිහාසික දඹදෙණි රජමහා විහාරස්ථානයේ අතීත ශ්‍රී විභූතිය යළි ගෙන එමින් දළදා වහන්සේ තැන්පත් කර ඇති ශ්‍රී දළදා මාලිගාව සහ පෞරාණික බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කඳාන ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය විසිනි. අමරි විජයවර්ධන මැතිණිය,  ක්‍රි. ව. 1927 දී කැලණිය රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මී මිණිබිරියයි. 

දෙවුන්දර ශ්‍රී විෂ්ණු  මහා දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ  දේවාලය, මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, සබරගමු මහා සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහ විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජමහ විහාරය, කොළඹගම රජමහ විහාරයදඹදෙණිය රජමහ විහාරය,  අත්තනගල්ල රජ මහා විහාරය, සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය ව්‍යාපාරයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය ඔස්සේ දිවයින පුරා විහාරස්ථානවල වාර්ෂික ආලෝකකරණයට දායක වෙමින්   “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය  “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” ,වියළි කලාපයේ පාසල් සහ විහාරස්ථාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම  “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය”, ළදරු රැකවරණය පිළිබඳ මවුවරුන් දැනුවත් කරන “ස්වදේශී කොහොඹ ළදරු මාතෘ සත්කාරය”   ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට ස්වදේශී කර්මාන්තායතනය කටයුතු කරයි.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අපි අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍ය වල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම  ශ්‍රී ලංකීය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය  අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ , රාණි සඳුන් , ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය  නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකීය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතයන් මෙන්ම පාරිභෝගිකයන් සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍යමත්බව හා පාරිසරික බලපෑම සලකා ඇති අතර, එයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය  1941 වසරේ ආරම්භ කරන ලද අතර ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළඳපලට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සදුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ් ප්ල්ස්, ලක් බාර්, බ්ලැක් ඊගල් පර්ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ  ඇතුලත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය, ස්වදේශී කොහොඹ සහ රුව දිදුලන රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය  සිදු කරයි.

සියලුම ස්වදේශී නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර ස්වදේශී නිෂ්පාදනවල භාවිතා වන සියලුම සුවඳ විලවුන් ගෝලීයව පිළිගත්, ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.

Photo Caption:

කඳාන, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනී අමරි විජයවර්ධන මැතිණිය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ ස්වදේශී කර්මාන්තායතනයේ නිලධාරීන්.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply