සිරිපා කරුණාවේ වෙහෙස නිවූ කොටගල කහට තේ දන්සැල මෙවරත්

Share with your friend

හොඳම තේ රසය සොයන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ නිසැක තේරීම කොටගල කහට සන්නාමය විසින් වාර්ෂිකව ශ්‍රීපාද වන්දනා සමයේදී බැතිමතුන් වෙනුවෙන් පවත්වනු ලබන “කොටගල කහට තේ දන්සැල” මෙවරත් සංවිධානය කොට තිබේ. කොටගල කහට තේ දන්සැලෙන් රසවත් හකුරු කැබැල්ලක් සමග පිරිනැමූ උණුසුම් කොටගල කහට තේ කෝප්පය ශ්‍රීපාදස්ථානය වන්දනා කළ දහස් ගණනක් වූ දෙස් විදෙස් බැතිමතුන්ගේ වෙහෙස නිවා සනහාලන්නට හේතු විය. කොටගල කහට කාර්ය මණ්ඩලය විසින් ඉපැරණි දේශීය සිරිතට “සිරිපා කරුණා කවි” ගායනා කරමින් හැටන් පාරේ ජපන් ශ්‍රී ලංකා සාම චෛත්‍ය අසල පවත්වනු ලබන මෙම තේ දන්සැල වෙත පැමිණෙන ලෙස සියළු සිරිපා වන්දනාකරුවන් වෙත කොටගල කහට කාර්යමණ්ඩලය බැතිසිතින් ඇරයුම් කොට සිටියි.

සිරිපා කරුණාව සමග බැඳුනු ප්‍රෞඩ සංස්කෘතික වටිනාකමත් තේ කෝප්පයක් සමග බැඳුනු ශ්‍රී ලාංකීය හෘද්‍යාංගම වූ ආගන්තුක සත්කාර සංස්කෘතියත් මතු පරපුරට නිර්මාණශීලී ලෙස දායාද කරමින් ශ්‍රීපාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන “කොටගල කහට තේ දන්සැල”, එම සන්නාමය සතු සමාජ වගකීම මැනැවින් වටහාගෙන සිදුකරනු ලබන සමාජ සත්කාරයකි.

කොටගල කහට සන්නාමය ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ විශිෂ්ඨත්වය ශ්‍රී ලාංකයන් වෙත සමීප කළ අභිමානවත් සන්නාමයකි. “කොටගල කහට” සන්නාමයේ හිමිකාරීත්වය දරණ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වසර 120 කට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත කොළඹ කොටස් වෙළඳපොළෙහි (CSE) ලැයිස්තුගත සමාගමකි. තම සමාගම හා සබැඳුනු සියළු පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් උසස් තත්ත්වයේ නිෂ්පාදන සිදුකිරීම, ඒවා අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒම සහ ලොව හොඳම නිපැයුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීමෙහිලා ආනයනය කිරීම සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සිදුකරනු ලබයි. විවිධාංගීකරණය වූ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ FMCG අංශය ලෙස ක්‍රියාත්මක Scan Products Division විසින් සාම්ප්‍රදායික හා නවීන කර්මාන්ත, ආගන්තුක සත්කාරක සේවා හෙවත් HORECA (Hotel, Restaurant, and Catering) ක්ෂේත්‍රය සහ ආයතනික බෙදාහැරීම් කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන් ලෙස ඒ ඒ නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ප්‍රමුඛත්වයට පත්ව සිටින සන්ක්වික්, ස්කෑන් ජම්බෝ පීනට්, Scan Snacks, කොටගල කහට, Delish Jelly, ස්කෑන් බෝතල් කළ පානීය ජලය, KVC සැකසූ එළවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, N-Joy පොල්තෙල්, Star Brand එසන්ස් සහ කලරින් නිෂ්පාදන පෙළ යන විශිෂ්ඨ සන්නාම හිමිකාරීත්වය සී.ඩබ්ලියු. මැකී පී.එල්.සී සමාගමේ කීර්තිය ඔප්නැංවීමට සමත්ව තිබේ.


Share with your friend