සෙලාන් බැංකුවේ රන් ණය පහසුකම හරහා ගනුදෙනුකරුවන්ට වැඩි මුදලක්

Share with your friend

පිරිසැකසුම් ගාස්තු ද ඉවත් කෙරේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය රන් ණය සේවාව යටතේ වෙළඳපොළේ ඇති හොඳම මිලගණන් තම ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට මේ වනවිට පියවර ගෙන ඇත. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ, ජනතාවට හැකි උපරිමයෙන් සහය ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. එමෙන්ම මින් ඉදිරියට ණය පහසුකම් සඳහා අතිරේක පිරිසැකසුම් ගාස්තු අය නොකිරීමට ද බැංකුව තීරණය කර ඇත. 

රන් ණය පහසුකම් යනු ඉක්මන් මුදල් අවශ්‍යතා සඳහා අවිධිමත් ක්‍රම වලින් ණය ගැනීම වෙනුවට බොහෝ දෙනෙකු තෝරාගන්නා විශ්වාසනීය ක්‍රමයකි. කිසිදු භේදයකින් තොරව සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයෝ, ඉහළ යන ජීවන වියදම් හමුවේ රන් ණය පහසුකම් ලබාගැනීමට පෙළඹෙති. මෙහිදී තම මුදල් අවශ්‍යතා සඳහා සෙලාන් රන් ණය සේවාව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට, තම රන් භාණ්ඩවල ආරක්ෂාව සහතික වීම සහ සෙලාන් බැංකුවේ සම්මානලාභී, අතිවිශිෂ්ට පාරිභෝගික සේවාව අත්විඳීමට හැකිවීම වැනි අමතර ප්‍රතිලාභ රාශියක් ද හිමි වේ. 

දිවයින පුරා විසිරුණු සෙලාන් බැංකු ශාඛාවල සේවය කරන සුහදශීලී කාර්ය මණ්ඩල, ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවකදී ඔවුන්ගේ වටිනා රන් භාණ්ඩ සඳහා ණය මුදලක් ලබාගැනීමට සිය පූර්ණ සහයෝගය පිරිනමයි. රන් ණය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ඉහළම වර්ධනය වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වීම, එම සේවාවේ කාර්යක්ෂමතාවට මෙන්ම ගනුදෙනුකරුවන් සෙලාන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසයට මනා සාක්ෂියකි. 

සමාජය කෙරෙහි වගකීම්සහගත ආයතයනක් වශයෙන් සෙලාන් බැංකුව සෑම විටම, ගනුදෙනුකරුවන්ට ජීවිතයේ දුෂ්කර අවස්ථාවලදී අත්වැලක් වීමට උත්සාහ කරයි. මෙම උත්සාහයේ එක් පියවරක් වශයෙන්, පූර්ව දැනුම් දීමකින් තොරව තම රන් ආභරණ බේරා ගැනීමට සෙලාන් බැංකුව සිය රන් ණය ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම පෝලිම්වල කාලය ගත කිරීම දුෂ්කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් ඔවුන්ට හැකි ඉක්මනින් සේවය සැලසීමට ද සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය සෑම විටම කටයුතු කරයි. 

011 200 88 88 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ https://www.seylan.lk/pawning/gold-loan වෙත පිවිසීමෙන් සෙලාන් බැංකුවේ රන් ණය සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ. සතියේ දින වල රැකියාවල නිරත වන ගනුදෙනුකරුවන්ට, සෙනසුරාදා දිනයන්හි විවෘතව පවතින සෙලාන් බැංකු ශාඛා වෙතින් රන් ණය සේවාව ලබාගත හැක. ශාඛා සහ ඒවා විවෘතව තැබෙන වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර https://www.seylan.lk/view-all-branches/  හි දක්වා තිබේ. 

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.


Share with your friend