හමීඩියා විසින් 2024 ජාත්‍යන්තර පිරිමි දිනයට සමගාමීව “Real Men, Real Talk”නමින් මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය පිරිමි පාර්ශවයේ මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජ කතිකාවක් ආරම්භ කරමින් 2024 ජාත්‍යන්තර පිරිමි දිනයේ දී සුවිශේෂී ඉදිරි පියවරක් තැබීය. මෙහිදී ආයතනය විසින්  “Real Men, Real Talk” නමින් පිරිමි මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ අදහස් හුවමාරු කරගන්නා පොඩ්කාස්ට් වැඩසටහන් මාලාවක් ආරම්භ කළ අතර මෙහි සමාරම්භක සාකච්ඡාවට එම විෂය සම්බන්ධ බුද්ධිමතුන් සහ විශේෂඥයක් සහභාගී විය.

හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසූල් හමීඩ් මහතා මෙම වැඩසටහන් මාලාවේ පූරක ලෙස කටයුතු කළ අතර සමාරම්භක වැඩසටහනේ දී ව්‍යාවසායක, අලෙවි සහ වෙළඳ ප්‍රවර්ධන විශේෂඥ, පෞරුෂ උපදේශක සහ පාපැදි සහ තිරසර ජීවනය ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රචලිත පුද්ගලයෙකු වන යසස් හේවගේ මහතා,  Colombo Fashion Week  සහ  College of Fashion & Design සංකල්පධාරී අජේ වීර් සින්ග් මහතා,  The Family Clinic (Pvt) Ltd ආයතනයේ ප්‍රධානී වෛද්‍ය සුනෙත් රාජවසම් ( MBBS,MCGP) මහතා සහභාගී විය. මානසික ගැටලුවක් නිරාකරණය කරගැනීමට යාමේ දී පිරිමි පාර්ශවය මුහුණදෙන අවමානය සහ ඊට අදාළ ගැටළු සහ වෘත්තීය සහ සමාජ ජීවිතය සමබර කරගන්නේ කෙසේ ද? පිළිබඳව ගැඹුර සාකච්ඡාවක් විද්වත් මඩුල්ල සාකච්ඡා කළේය. ක්‍රියාශීලී, නීරෝගී සහ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් පවත්වා ගන්නේ කෙසේද? මෙන්ම මානසික පරිපූර්ණතාවයක් පවත්වාගැනීමේ වැදගත්කම, ජීවිතයේ අරමුණ වටහා ගැනීම සහ එය හඹායාම, පිරිමි මානසික සෞඛ්‍ය වෙනුවෙන් පවුල සහ සමීප යාහළුවන් ක්‍රියාත්මක වෙන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.  


සමාරම්භක සටහන ලෙස පරිපූර්ණ සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මානසික සෞඛ්‍ය කෙතරම් වැදගත් ද යන්න පිළිබඳව ෆවුසුල් හමීඩ් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” හමීඩියා ආයතනයේ අපි විශ්වාස කරන්නේ ශක්තිය එන්නේ තමන් තුළින්ම බවයි. පිරිමින්ගේ මානසික සෞඛ්‍ය වැඩියෙන් කතා නොකරන මාතෘකාවක්- නමුත් අප ඒ නිහඬතාවය බිඳ සංවාදය විවෘත කරන්න අවශ්‍ය වෙනවා. “Real Men, Real Talk” යනු උපකාරයක් අවශ්‍ය පිරිමින්ට තමන්ගේ සෞඛ්‍ය පරිපූර්ණත්වය සහ ජීවිතය පරිපූර්ණත්වයට ලඟාවෙන්නේ කෙසේද? යන්න පිළිබදව දිරිමත් කරන මූලාරම්භයක්. අපි මෙම සාකච්ඡා වැඩසටහන මාසිකව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා, එසේම මෙම විෂයේ ප්‍රවීණයන්ගේ අදහස් මේ මගින් බෙදාගැනීමට අවකාශයක් විවෘත කරන්න අපේක්ෂා කරනවා. ”


  “Real Men, Real Talk” පොඩ්කාස්ට් වැඩසටහන් මාලාව පිරිමි පාර්ශවයට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ දී මුහුණ දෙන ප්‍රශ්න හඳුනාගැනීමට සහ මේ පිළිබඳ සමාජයේ කතාබහ ඇති කිරීමට මෙන්ම මානසික සෞඛ්‍ය අභියෝග ජයගැනීමට ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ වේදිකාවක් නිර්මාණය කිරීමට අඩිතාලමක් දැමීම සිදුකරයි. මෙම මූලිකත්ව වැඩසටහන මගින් පිරිමින්ව ඇඳුමින් පැළඳුමෙන් සාර්ථකත්වයට ලඟාවීමට අවකාශය ලබාදීම වෙනුවෙන් හමීඩියා හි කැපවීම පමණක් නොව සෞඛ්‍යසම්පන්න, සාර්ථක සහ සමබර ජීවිතයක් ලඟාකර ගැනීමට උපකාර ලබාදීම සිදුවෙයි.


Share with your friend