ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, පාරිභෝගිකයන් හට නව සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබා දෙමින් සිය දෙවන ග්‍රීන් මාට් වෙළෙඳසැල අංක 271, ගාලු පාර, රත්මලාන යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී.
මෙම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ් ආයතනයේ හි සභාපති ෆව්මි ජිස්ටි සහ ශ්‍රී ලංකාවේ පදක්කම්ලාභී පිහිනුම් ශූර ජුලියන් බෝලින් සහභාගි වූ අතර හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඩ්, ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂන් ද සිල්වා සහ සභාපති රිස්වි සහීඩ් ඇතුළු හමීඩියා කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගි වන ලදී.
පවතින ආර්ථික අර්බුද තත්ත්වයත් සමඟ දැරිය හැකි මිලකට ආහාරපානාදිය පහසුවෙන් ලබා ගැනීම පාරිභෝගිකයන්ට සැලකිය යුතු අභියෝගයක් වී තිබේ. මෙම තත්ත්වය ලිහිල් කිරීම සඳහා හමීඩියා ආයතනය විසින් පසුගිය වසරේ රත්මලාන ප්‍රදේශයේ සිය ප්‍රථම ග්‍රීන් මාට් සුපිරි වෙළෙඳසැල ආරම්භ කරන ලද අතර රත්මලාන සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ආහාර පාන වර්ග රාශියක් පහසුවෙන් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවිය. රත්මලාන සහ අවට ප්‍රදේශ වාසීන්ට කාර්යක්ෂම ලෙස පහසු මිල ගණන් යටතේ ආහාරපානාදිය ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.
ග්‍රීන් මාට් වෙතින් පාරිභෝගිකයින්ට නැවුම් නැවුම් එළවළු සහ පලතුරු වර්ග, පාන වර්ග, ශීත කළ ආහාර, කෙටි ආහාර, රසකැවිලි, පැස්ටා සහ සෝස් වර්ග, ජෑම් වර්ග, කිරි නිෂ්පාදන, සිල්ලර ද්‍රව්‍ය, කුළු බඩු සහ තවත් බොහෝ දේ ඇතුළත් පුළුල් පරාසයක නිෂ්පාදනයන් ලබා ගත හැක. එමෙන්ම වෙළඳසැලේ සිට කිලෝමීටර් තුනක් ඇතුළත පදිංචි පාරිභෝගිකයින්ට දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් කර නොමිලේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.
මේ සම්බන්ධයෙන් හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ රත්මලාන ප්‍රදේශයේ අපගේ ප්‍රථම ග්‍රීන් මාට් වෙළෙඳසල් ශාඛාව ආරම්භ කළේ ප්‍රදේශයේ ජනතාවට වඩාත් පුළුල් පරාසයක ආහාර පාන නිෂ්පාදන සහනදායී මිලකට ලබා දීමේ අරමුණින්. ඒ සඳහා අපට ලැබුණු ධනාත්මක ප්‍රතිචාරත් සමගින් අපගේ මෙම දෙවන ශාඛාවත් ඉතා ඉක්මනින් විවෘත කිරීමට අපිට හැකියාව ලැබුණා- අපගේ බෙදාහැරීමේ සේවාවන් ඇතුළු අනිකුත් සියලුම සේවාවන් වැඩි දියුණු කර ගනිමින් පෙරටත් වඩා කාර්යක්ෂමව පාරිභෝගිකයින්ට සේවය කිරීමටත්, ඉදිරියේදී පාරිභෝගිකයන්ට ග්‍රීන් මාර්ට් වෙබ් අඩවිය හරහාත් භාණ්ඩ ඇණවුම් කිරීමේ පහසුකම ලබාදීමටත් අප බලාපොරොත්තු වනවා.”
ග්‍රීන් මාර්ට් පිළිබඳ වැඩි විස්තර 0777537967 ඇමතීමෙන් හෝ ග්‍රීන් මාට් ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.