හෙලදිව් ටී ක්ලබ් එක විසින් කොළඹ ඩච් හොස්පිටල් පරිශ්‍රයේ සිට ලාංකේය තේ සංස්කෘතියට නව අංග රාශියක් එකතු කරයි!

Share with your friend

කොළඹ නගර මධ්‍යයේ තිබෙන ඩච් හොස්පිටල්, එනම් ලන්දේසි රෝහල් පරිශ්‍රය තුළ පිහිටා ඇති හෙලදිව් ටී ක්ලබ් (HTC) විසින් කොළඹ රාත්‍රී සමාජය රසවත් කිරීම වෙනුවෙන් විවිධ රසවලින් නිමවුණුතේ ආශ්‍රිත කොක්ටේල් පාන වර්ග සහ අදහා ගත නොහැකි හැපි හවර් දීමනා රැසක් පිරිනමනු ලබයි. 

ශ්‍රී ලාංකේය තේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය පුනර්ජීවනය කළ හෙලදිව් ටී ක්ලබ් එක මේ වන විටත් තේ විචාරකයින්ගේ මෙන්ම නව තේ වර්ග සොයන්නන්ගේ නියත ගමනාන්තයක් වී අවසන් ය. එබැවින් HTC මෙනු පතට අලුතින් එක් කළ බීම සහ බයිට් වර්ග නිසා එය, කොළඹ නගරයේ තරුණ වෘත්තිකයින් සහ සංචාරකයින් විසින් වෙහෙසකර දවසකට පසු කොක්ටේල් පානයක් රස විඳීමට හෝ අයිස් ටී එකක් රස විඳීමට අනිවාර්යයෙන්ම පැමිණෙන ස්ථානයක් බවට පත් වී ඇත. එපමණක් නොව මේ වන විට HTC හි රැකියාවෙන් පසු වෙහෙස නිවා ගැනීම හෝ සති අන්තයේ නිදහසේ කාලය ගත කිරීම සඳහා සිහි වෙන අනිවාර්යය නැවතුමක් බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී තිබේ. 

මෙම අලුතින් එකතු කළ නව ආහාර වර්ග සියල්ල ඉතා නිර්මාණශීලිව, උසස් වට්ටෝරුවකට අනුව සකසන ලද ඒවා වේ. ඒ අතරට, එළවළු සමග මිශ්‍ර කළ ෆ්‍රයිඩ් චිකන් හා අන්නාසි සෝස් දැවටූ ශ්‍රී ලාංකේය අච්චාරු ඇතුළත් ටැංගි චිකන් ට්විස්ට් සහ හොඳින් කුළු බඩු මිශ්‍ර කර මෘදුව සෙමින් පිස ගත් හෙලදිව් පෝර්ක් බයිට් ද අන්තර්ගත වේ. පාරිභෝගිකයින් හට මීට අමතරව හොට් බටර් කැලමාරී, ක්‍රිස්පි කැච් ඇන්ඩ් නට්ස්, හොට් බටර් මශ්රූම් සහ චික්පී ස්ක්‍රැම්බල් යන ආහාර වර්ග රස විඳීමට ද අවස්ථාව හිමි වනු ඇත.මෙම ආහාර වර්ග සමග පානය කිරීම සඳහා HTC ප්‍රධාන බීම වර්ග මෙන්ම තේ ආශ්‍රිත කොක්ටේල් වර්ග රැසක් ද මෙහි දී ලබා ගත හැකිය. මේ අතුරින් පාරිභෝගිකයින් අතර ඉහළම ඉල්ලුමක් සහිත බීම වර්ග ලෙස මොහිතෝ හා හෙලදිව් ලෙමන් අයිස් ටී මිශ්‍ර කොට සාදා ඇති ටීහිතෝ පානය සහ තැප්‍රොබානා අයිස් ටී පානය නම් කළ හැකිය. මධ්‍යසාර නොවන පාන වර්ග සොයන්නන් හට මෙහිදී ලංකාවේ ඇති උණුසුම් සන්ධ්‍යාවන්ට හොඳින්ම ගැළපෙන සේ නිර්මාණය කර ඇති ලොවි හා බෙරි ලශ් සහ ට්‍රොපික් ටීස් වැනි බබ්ල් ටී වර්ග රාශියක් ලබා ගැනීමට ද අවස්ථාව තිබේ.

දිනපතා හැපි හවර් දීමනා පිරිනමන බැවින් HTC යනු එම ප්‍රදේශයේ අඩුම මිලකට උසස්ම තත්ත්වයේ අත්දැකීමක් ලබා ගැනීමට, නිදහසේ කාලය ගත කිරීමට මෙන්ම කල් මැරීමට වුවද වඩාත් සුදුසුම ස්ථානයකි. ඔබට එහි දී ඔබ ප්‍රිය කරන ආකාරයකට සිසිල් බීමක් පානය කරන ගමන්, නැතිනම් පීච්ජැක් පර්ල් බබ්ල් ටී රස විඳීමට ගමන්, එසේත් නැතිනම් ස්පයිසි චිකන් ෆ්‍රයිඩ් රයිස් රස විඳින ගමන් කාර්ය බහුල නගරය තුළම, නිදහස් අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. හෙලදිව් ටී ක්ලබ් දිනපතා සවස 3.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව පවතියි. හෙලදිව් ටී ක්ලබ් එක විසින් අඛණ්ඩව, පාරම්පරික ශ්‍රී ලාංකේය තේ සන්නාමය වර්ණවත් සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීම උදෙසා කැපවෙනු ඇත.


Share with your friend