ෆොන්ටෙරා සමාගමට හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී රිදී සම්මානයක්

Share with your friend

පසුගියදා ප්‍රථම වරට පැවැත්වුණු හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගැනීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා දියුණුව සඳහා වූ සංගමය (SLAAQP) විසිනි. 

පරිසර හිතකාමී නවෝත්පාදන සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. ආයතනික තිරසාර න්‍යායපත්‍රය යටතේ සිය ව්‍යාපාරික මෙහෙයුම් තුළදී පරිසර හිතකාමී නිෂ්පාදන මූලධර්ම අනුගමනය කිරීම වෙනුවෙන් ෆොන්ටෙරා සමාගම වෙත මෙම සම්මානය පිරිනමන ලදි. 

ඉදිරියේදී තම ව්‍යාපාර කටයුතු මගින් පරිසරයට සිදුවන බලපෑම් තවදුරටත් අවම කරන අතරම, කිරි කර්මාන්තය ගෝලීය අභියෝගවලට සූදානම් කරවීම සඳහා අඛණ්ඩව නවෝත්පාදනයෙහි යෙදීමට තමන් බලාපොරොත්තු වන බවත්, මෙම සම්මානය ඒ සඳහා තමන් තවදුරටත් දිරිගන්වනු ඇති බවත් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පවසයි. 

තම සැපයුම් දාමය පුරා ඉහළ ඵලදායීතාවක් සහ කාර්යක්ෂමතාවක් පවත්වාගන්නා අතරම පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා ෆොන්ටෙරා සමාගම සෑම විටම පියවර ගෙන තිබේ. මෙම හරිත සම්මානය ඒ සඳහා ලැබුණු ඇගයීමක් ලෙස හැඳින්විය හැක. ඉදිරියටත් වඩාත් පරිසර හිතකාමී අනාගතයක් වෙනුවෙන් කැපවෙමින්, හරිත ඵලදායීතාවේ නියමුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටීම ෆොන්ටෙරා සමාගමේ අරමුණ වී තිබේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply