ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම තිරසර කර්මාන්ත මෙහෙයුම් සඳහා තවදුරටත් කැපවෙයි

Share with your friend

ගෝලීය ක්‍රියාවලි කර්මාන්තය තුළ බලශක්ති සංරක්ෂණ සහ ස්වයංකරණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රධාන කාර්යඵලසාධන දර්ශක (Key Performance Indicators -KPIs) පවත්වාගැනීම වෙනුවෙන් සහයෝගීතාව යන මමැයෙන් විශේෂ කර්මාන්ත සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදී. ඉකුත් මැයි 31 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරන ෆෝබ්ස් මාෂල් සමාගමේ ශ්‍රී ලාංකික සහ මාලදිවයින් පාරිභෝගික ආයතන රැසක 500කට අධික නියෝජිත පිරිසක් සහභාගී වූහ. 

මෙම සම්මන්ත්‍රණය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත විය. ප්‍රධාන කාර්යඵලසාධන දර්ශක පවත්වාගැනීම සඳහා වූ ආයතනික එළඹුම ඉන් පළමුවැන්න වූ අතර, දෙවැන්න වූයේ සමාගමේ ඩිජිටල් සේවා නඩත්තුවයි. වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ වාෂ්ප බොයිලේරු, වාෂ්ප උපාංග සහ පාලන උපාංග හැසිරවීම යන ක්ෂේත්‍රවල ප්‍රමුඛයා ද ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම වේ. 

ෆෝබ්ස් මාෂල් සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ලොෂාන් පලයන්ගොඩ මහතා සිය පිළිගැනීමේ කථාව අතරතුරදී ශ්‍රී ලංකාව තුළ වසර 30කට වැඩි කාලයක් පුරා සමාගමේ සාර්ථකත්වයට උරදුන් සියලු දෙනාට විශේෂ ස්තූතියක් පිළිගැන්වූයේය. තව ද, මෙරට විශ්ව විද්‍යාල ආශ්‍රිතව වාෂ්ප රසායනාගාර තුනක් ස්ථාපිත කිරීමටත්, ඉංජිනේරු සිසුන් ඇතුළු ඉංජිනේරු සහ තාක්ෂණික වෘත්තීකයින් දහස් ගණනකට ධාරිතා නැංවීමේ සැසි පැවැත්වීමටත් ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම කටයුතු කළ ආකාරය ද ඔහු එහිදී සිහිපත් කළේය. 

මෙහිදී අදහස් දැක්වූ ෆෝබ්ස් මාෂල් සමාගමේ අධ්‍යක්ෂ සට්යඩියෝ පුරෝහිට් මහතා, ඵලදායීතාව වැඩිකිරීම සහ උපයෝගීතා පිරිවැය අවම කිරීම ක්‍රියාවලි කර්මාන්තය තුළ ප්‍රධාන ප්‍රමුඛතාවන බව ප්‍රකාශ කළේය. පසුගිය කාලය පුරාවට ඒ ඒ කර්මාන්ත ක්ෂේත්‍ර ආශ්‍රිත පාරිසරික සහ අනෙකුත් නියාමන අනුකූලතා හේතුවෙන් ක්‍රියාවලි කර්මාන්තයේ අවශ්‍යතා ද සංකීර්ණ වී තිබේ. එසේ වුව ද ෆෝබ්ස් මාෂල් සමාගම සතු දැනුම, යෙදවුම් නිෂ්පාදන සහ ඩිජිටල් නඩත්තු සේවා භාවිතයෙන් ඒ ඒ කර්මාන්තශාලාවලට අවශ්‍ය කාර්යඵලසාධන මට්ටම් ළඟාකරගැනීමේ හැකියාව පවතියි. 

මෙහිදී අදහස් දැක්වූ ෆෝබ්ස් මාෂල් සමාගමේ ඩිජිටල් ක්‍රියාවලි නායකත්ව කණ්ඩායමේ යෂස්වි සහජ්පාල් මහතා ද සමාගමේ ඩිජිටල් නඩත්තු සේවා හරහා සේවය සලසන කර්මාන්තශාලා 600කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ එහිදී විස්තර කළේය. තව ද එම සේවා ලබාදීම තුළින් ඒ ඒ කර්මාන්තශාලා ලබාගත් ප්‍රගතිය, සාර්ථකත්වය සහ ප්‍රධාන කාර්යඵලසාධන දර්ශකවල වර්ධනය පිළිබඳව ද ඔහු පෙන්වාදුන්නේය. 

ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම යනු සිංගප්පූරුවේ ෆෝබ්ස් මාෂල් ඉන්ටර්නැෂනල් පීටීඊ සමාගමට අනුබද්ධිතව වර්ෂ 1992 දී ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කරන ලද සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වාෂ්ප බොයිලේරු, වාෂ්ප උපාංග සහ පාලන උපාංග හැසිරවීම යන ක්ෂේත්‍රවල ප්‍රමුඛයා වන ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම, 500කට අධික සමාගම් ප්‍රමාණයකට ක්‍රියාවලි සහ බලශක්ති කාර්යක්ෂමතාව හරහා ඉහළ ලාභදායීත්වයක් ළඟාකරගැනීමට සහාය දක්වයි. 

වසර 75ක් පුරා ක්‍රියාවලි කර්මාන්තය තුළ බලශක්ති සංරක්ෂණ සහ ස්වයංක්‍රීයකරණ විසඳුම් පිරිනැමීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් සමාගම වාෂ්ප කාර්යක්ෂමතාව, ක්‍රියාවලි ප්‍රශස්ථකරණය, පාලනය සහ අධීක්ෂණය ආශ්‍රිත නිෂ්පාදන හා සේවා පිළිබඳ විශේෂඡ දැනුමක් උසුළයි. ලොව පුරා සේවා ස්ථාන 50කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන ෆෝබ්ස් මාෂල් සමාගමේ නිෂ්පාදන කර්මාන්තශාලා හයක් සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවල පිහිටා තිබේ. ඒවායේ මුළු නිෂ්පාදන පහසුකම වර්ග මීටර 40,000කට අධික ය.  තව ද සමාගමේ සමස්ත මෙහෙයුම තුළින් වාර්ෂිකව සියයට 1.5ක ගෝලීය ඉන්ධන ඉතිරියක් ලබාදෙන අතර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2කට ආසන්න ප්‍රමාණයක කාබන් ඩයෝක්සයිඩ විමෝචනය අවම කිරීමට ද, පැයකට ජලය ලීටර මිලියන 10ක් ඉතිරිකිරීමට ද සමාගමට හැකිව තිබේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply