2025 ශ්‍රී ලංකා බැරෝමීටර (SLB) සමීක්ෂණ වාර්තාව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. සෑම වසර දෙකකට වරක් පවත්වනු ලබන මෙම ජාතික මට්ටමේ මහජන මත සමීක්ෂණය, පශ්චාත් ගැටුම් සංහිඳියාව, ආණ්ඩුකරණය සහ කාලයත් සමඟ සිවිල් සහභාගීත්වය වැනි ප්‍රධාන කරුණු පිළිබඳ මහජන හැඟීම් නිරීක්ෂණය කරයි.


ශ්‍රී ලංකා බරෝමිටරයේ ප්‍රධාන අරමුණ වන්නේ, රට තුළ වැඩි එකමුතුබවක් සහ ඇතුළත්භාවයක් ඇති කිරීමට හේතු වන මහජන කතිකාව හා ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කිරීමයි. එය යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය එක්ව අරමුදල් සපයන, ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ සමාජ සංහිදියාව සහ සාමය ශක්තිමත් කිරීමේ (SCOPE) වැඩසටහන මගින් සහය ලබා ගනී.
2024/2025 දේශපාලන සංක්‍රාන්තිය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් සංහිඳියාව වටහා ගන්නා ආකාරය 2025 SLB සමීක්ෂණ වාර්තාව හරහා ග්‍රහණය කර ගනී. බොහෝ සොයාගැනීම් මගින් වෙනසක් සඳහා පුරවැසි අභිලාෂය හෙළි කළද, සැබෑ ප්‍රගතිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සීමිත හා අසමාන වන අතර, ඒවා විවිධ ජීවන අත්දැකීම් මගින් හැඩගස්වා ඇත. සංහිඳියාව යනු ස්ථිර ප්‍රතිඵලයක් නොව, අදාළ පාර්ශ්වකරුවන්ගේ විශ්වසනීය, ඇතුළත් සහ තිරසාර ක්‍රියාමාර්ග මත රඳා පවතින අඛණ්ඩ ක්‍රියාවලියක් බව වාර්තාව අනාවරණය කරයි. මෙම වාර්තාව www.srilankabarometer.lk/publications වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
මෙම එළිදැක්වීම සඳහා රජය, සිවිල් සමාජය, ශාස්ත්‍රීය සමාජය, මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ පාර්ශවකරුවන් සහභාගී වන ලදී. එහි ගෞරවනීය අමුත්තන් අතරට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා; ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපීය සංගමයේ තානාපති කාමන් මොරේනෝ; ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්; දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් යන මහත්වරු ඇතුළත් වූහ.
තානාපති මොරේනෝ පැවසූ ලෙස “ශ්‍රී ලංකා බැරෝමීටරය මේ රට පුරා පුරවැසියන් සංහිඳියාව සහ ආණ්ඩුකරණය දෙස බලන ආකාරය පිළිබඳ අත්‍යවශ්‍ය අවබෝධයක් ලබා දෙයි”. තවදුරටත් ඇය ප්‍රකාශ කලේ “ජාතික සංවාදයක කේන්ද්‍රස්ථානයට ජනතාවගේ හඬ ගෙනයන උත්සාහයන්ට සහාය දැක්වීම ගැන යුරෝපා සංගමය ආඩම්බර වන බවයි.”
“ශ්‍රී ලාංකිකයන්, පුරවැසියන් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව ඉහළ ගිය දනුවත්බාවය මෙම වාර්තාවෙන් නිරුපණය කරයි. එමෙන්ම මෙම ඉදිරිදර්ශන අවබෝධ කර ගැනීම විශ්වාසය ගොඩනැගීමට සහ තිරසාර සාමය ඉදිරියට ගෙන යාමට යතුරයි. විශ්ලේෂණය සඳහා පමණක් නොව, ක්‍රියාමාර්ග සඳහා මෙවලමක් ලෙස ශ්‍රී ලංකා බැරෝමීටරය පෝෂණය කිරීම ගැන ජර්මනිය විශේෂයෙන් කෘතඥ වෙනවා” ලෙස තානාපති නියුමන් සිය අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.
මහජන සහභාගිත්වය සහ ප්‍රවේශය තවදුරටත් ඉහළ නැංවීම සඳහා, ශ්‍රී ලංකා බැරෝමිටරය, www.srilankabarometer.lk වෙබ් අඩවිය හරහා මාර්ගගත දත්ත විශ්ලේෂණය සඳහා අන්තර් ක්‍රියාකාරී මෙවලමක් හඳුන්වා දී ඇත. මෙම අන්තර් ක්‍රියාකාරී මෙවලම මඟින් පෙර සමීක්ෂණ (2020, 2021, 2023, and 2025) වල දත්ත වලට ප්‍රවේශය ලබා දෙන අතර, පර්යේෂකයින්ට, මාධ්‍යවේදීන්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ පුරවැසියන්ට මෙම දත්ත තවදුරටත් ගවේෂණය කිරීමට හැකියාව ලබා දේ.
SLB යන මුලපිරීමේ තිරසාරබව සඳහා වන ප්‍රධාන පියවරක් ලෙස, එය ඉදිරියට ගෙන යාම සඳහා The Insights Initiative යන නව පර්යේෂණ ආයතනය හඳුන්වා දීමද මෙම අවස්ථාවට සමගාමිව සිදු විය. දේශීය හිමිකාරිත්වය, පර්යේෂණ ධාරිතාව සහ මහජන කතිකාව සහ ඇතුලත්කරණය වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දත්ත භාවිතය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, SLB හි විකාශනය සඳහා Insights Initiative විසින් සිය දායකත්වය ලබා දෙනු ඇත. තවද, එය ශාස්ත්‍රීය ප්‍රජාව, සිවිල් සමාජ සංවිධාන මෙන්ම සංහිඳියාව සහ නිරවද්‍ය දත්ත මත පදනම් වූ ආණ්ඩුකරණය සඳහා කැපවී සිටින රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීමට ද අරමුණු කරයි.





