AIA ඉන්ෂුවරන්ස් වාර්ෂික ආයතනික සමුළුවේ දී කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ විශිෂ්ට කාර්යසාධනය ඇගයේ 

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ, 2023 වාර්ෂික ආයතනික සමුළුව නොබෝදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.  සමාගමේ දින දර්ශකයේ ඉතාමත් වැදගත් දිනයක් ලෙස සැලකෙන මෙම සමුළුවේ දී සමාගමේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරන ලද, ඉහළ කාර්යසාධනයකින් හෙබි කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සම්මානනීයව අගයනු ලබයි. 

ප්‍රධාන විධායක නිලධාරිනියගේ විශේෂ සම්මාන 8ක් සහ නායකත්ව සම්මාන 132ක් (Leadership Essential Awards) විශිෂ්ට කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලද අතර කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් අතරින් විශිෂ්ටතම දස්කම් දක්වන ලද දරුවාහට සුවිශේෂී සම්මානයක් වන දක්ෂතම ළමා සම්මානය ද පිරිනමන ලදී.  එමෙන්ම මෙම සමුළුවේ දී 2022 වසරේ MDRT (මිලියන් ඩොලර් වටමේසය) සාමාජිකත්වය හිමිකරගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ද ඇගයුමට ලක්කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන චතුරි මුනවීර මහත්මිය, ප්‍රධාන ඒජන්සි නිලධාරී, චානක ලියනගේ මහතා සහ අධ්‍යක්ෂ සහයෝගිතා බෙදාහැරීම්, සේනක රාජපක්ෂ මහතා සමුළුව අමතා කථා කරමින් සමාගම පසුගිය වසරේ දී අත්පත් කරගන්නා ලද කාර්යසාධන තත්ත්වයන් ඉදිරිපත් කරන ලදී. එහිදී විශිෂ්ට දක්ෂතා දක්වමින් සමාගම වෙනුවෙන් කැපවී කටයුතු කරන ලද පුද්ගලයින් මෙන්ම කණ්ඩායම් ද විශේෂ ඇගයුමට ලක්කරන ලදී. මෙම සමුළුව හැසිරවීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ සහකාර සාමාන්‍යාධිකාරී චලිනි ගුණරත්න මහත්මිය සහ ඒජන්සි බෙදාහැරීම් පිලිබඳ සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන දිමුතු පියසේන මහතා වන අතර මෙම සමුළුවේ උත්වශ්‍රීය වඩාත් ඉහළ නැංවීමට කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද විවිධාංග කිහිපයක් සමත් විය.

එමෙන්ම පැමිණ සිටි සියලු දෙනාගේ විනෝදාස්වාදය සඳහා ආදිත්‍ය වැලිවිට, රවී රෝයිස්ට්ර්, චන්දන නර්තන කණ්ඩායම සහ නාද්රෝ බෙර වාදන කණ්ඩායම මගින් ඉදිරිපත් කරන ලද සංගීතය සහ අනෙකුත් විවිධ ප්‍රාසාංගික අංග සමත් විය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා, තුෂාරි පෙරේරා මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ, ”අපගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ විශිෂ්ට කාර්යසාධනය සම්මානනීයව සැමරීමට ලැබීම මට මහත් අභිමානයක්.  වසර 3ක් වැනි දීර්ග කාලයකට පසුව සමාගමේ සියලු දෙනාටම පවුලක් ලෙස එකම ස්ථානයක දී එකට එක්වී අප සමාගම විශිෂ්ටත්වය කරා රැගෙන යාමට උරදුන් සැමගේ උත්සාහය සහ කැපවීම ප්‍රශංසාත්මකව ඇගයීමට අපට හැකි වුනා.  දිවයින පුරා පිහිටා ඇති අපගේ ශාඛා කාර්යාල සහ ප්‍රාදේශීය කාර්යාල සියල්ලේම රැකියාවේ නිරත සියලු දෙනා මෙම සමුළුවට සහභාගී වී සිටිනු දැකීම ඉතාමත් සතුටට කරුණක්.  අප සමාගමේ වාර්ෂික ආයතනික සමුළුව හුදෙක් උත්සවයක් නොවයි.  එය AIA සමාගමේ සිටින සියලුදෙනා තුල ඇති එක්සත්කම, අධිෂ්ඨාන ශක්තිය සහ විශිෂ්ටත්වය පිළිබිඹු කරන අවස්ථාවක් වෙනවා.    ඔබ සියලු දෙනාම ජයග්‍රාහකයින් මම ඔබ සැමට සුබ පතනවා! අප සමාගමේ අඛණ්ඩ සාර්ථකතවය පිටුපස ඇති  බලය සහ ශක්තිය අපගේ විශිෂ්ට මානව සම්පතයි.”


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply