AIA ඉන්ෂුවරන්ස්, කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගන්වමින් WCIC ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යාවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දෙයි

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂකයා වන අතර (LMD සහ NielsenlQ වෙතින් සම්මානයට පාත්‍ර විය), ඔවුන් කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය සමඟින් ක්‍රමෝපායික සහයෝගීතාවයකට එළෙඹෙමින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යාවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දීමට අපේක්ෂා කරන බව අභිමානයෙන් ප්‍රකාශ සිටියි.  මෙම මුලපිරුම ඔස්සේ, සියලු දෙනා ඇතුලත් කර ගනිමින් ක්‍රියාත්මක වීමටත්, කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට මෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණ ඇගයීමටත් AIA හි ඇති කැපවීම පිළිබිඹු වෙයි.

කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල  වෙනුවෙන්, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නොමඳ සහය ලබා දීමට කැපවෙමින් ඒ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දීමට අපේක්ෂා කරයි.  මෙම අනුග්‍රාහකත්වය, සියල්ල ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යාවසායිකාවන්ගේ විවිධ ව්‍යාපාරික මුලපිරීම් වෙනුවෙන් සහාය දැක්වීම වැනි  AIA හි සාරධර්ම සමඟින් ඉතා කිට්ටුවෙන්  බැදී පවතියි.

AIA හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් කියා සිටියේ “කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය සමගින් එක්ව මෙම ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යාවසායකත්ව සම්මාන උළෙල වෙනුවෙන් ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස ක්‍රියාත්මක වීම අපට අභිමානයක් ඒ වගේම ගෞරවයක් ලෙස මා සලකනවා.  කාන්තා ව්‍යවසායිකාවන්හට ව්‍යාපාර ලෝකය තුල ශක්තිමත්ව කටයුතු කරමින්  ඒ වෙනුවෙන් සතුටුදායක දායකත්වයක් සැපයීමට හැකි පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සහාය වීම සඳහා AIA හි ඇති කැපවීම මෙම සහයෝගීතාවය මගින් පිළිබිඹු වෙනවා.   AIA හි අපි සමාගම තුල විවිධත්වයට සහ සාධාරණත්වයට මුල්තැන දෙමින් කටයුතු කිරීමේ දී ජනනය කල හැකි ශක්තිය පිළිබඳව විශ්වාස කරන අතර කාන්තා ව්‍යාවසායිකාවන්හට සහාය වෙමින් ඔවුනගේ සාර්ථකත්වය ඇගයීමට ද අපේක්ෂාවෙන් සිටිනවා.”

2024 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන ප්‍රතිභාභිශේක සම්මාන උළෙල, කාන්තා ව්‍යාවසායිකත්වය උත්කර්ෂවත් අයුරින් ඇගයීම සඳහා වන උත්සවයක් වනු ඇත.  AIA ඉන්ෂුවරන්ස්, කාන්තා ව්‍යවසායිකාවන් ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය සහ සෞභාග්‍යය කරා යන ගමනට සහාය වීමටත් මෙම සම්මාන උළෙලේ සාර්ථකත්වයට දායක වීමටත් මහත් උනන්දුවෙන් අපේක්ෂා කරයි.

මෙම සම්මාන උළෙල කාන්තා ව්‍යවසායිකාවන්ගේ මහඟු දායකත්වය ඇගයීම සඳහා වේදිකාවක් වෙනු ඇති අතර ඔවුන්ට ලැබිය යුතු පිළිගැනීම ද ලබා දෙනු ඇත.   AIA ඉන්ෂුවරන්ස් මෙම උත්සවයේ සාර්ථකත්වයට දායක වීමටත්, ඔවුන්ගේ ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් ඔස්සේ විශිෂ්ටත්වය විදහා පෑම සඳහා තව තවත් කාන්තාවන් සවිබල ගැන්වීමටත් බලාපොරොත්තු වෙයි.


Share with your friend