`AIA ඉන්ෂුවරන්ස් 4වන වසරටත්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර ඇගයුමට`

Share with your friend

සමාගමක් හොඳම සමාගමක් ලෙස නම් කරනුයේ ඇයි ?  එහි ශක්තිය නිසා ද?, එහි ස්ථාවරත්වය සහ කීර්තිනාමය නිසා ද නැතිනම් එම සමාගම විශිෂ්ටත්වයට රැගෙන යන අද්විතීය කණ්ඩායමක ශක්තිය නිසාද?. එසේත් නැතිනම් එහි අසමසම නොවෝත්පාදන සහ සේවාවන්හී වේගවත් බව, සිය පාර්ශවකරුවන්හට අපේක්ෂා කරනවාටත් වඩා ඔබ්බට ගොස්  සමාගම ලබා දෙන්නා වූ දේ, එහි ලෝක තලයට නිරාවරණය වූ උසස් මට්ටමේ ප්‍රමිතීන් සහ එහි ගැඹුරු දේශීය අවබෝධය මෙන්ම ව්‍යාපාර අරමුණු ඉක්මවා යන මුළු මහත් සමාජයටම එහි ඇති කැපවීමද? සැබෑ වශයෙන්ම ඒ මෙහි සඳහන් සෑම දේම වන අතර  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 4වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් ඇගයුමට ලක්වූයේ මේ සියලු කරුණු සාක්ෂාත් කර ගැනීමට සමත් වූ නිසාමයි.    

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගෞරවනීය සමාගමක් වන ජාත්‍යන්තර කැපිටල් ෆිනෑන්ස් වෙතින්, AIA ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා ඇගයුමට ලක්කරන ලදී.   AIA විසින් ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත නව්‍ය රක්ෂණ සැලසුම් සහ විවිධ යෝජනා හදුන්වා දෙමින්, අසමසම සේවාලාභී අත්දැකීම් ලබා දෙමින්, සාමාජයීය මෙහෙවර වෙනුවෙන් ආයෝජන සිදුකරමින් සහ සිය ශ්‍රම බලකාය සවිබලගන්වමින් සිදුකරන ලද දායකත්වය එමගින් පිළිබිඹු වේ. 

2022 වසර සියලු ශ්‍රී ලාංකිකයින්හට සාමාජයීය මෙන්ම ආර්ථික වශයෙන් පෙර නොදුටුවිරූ පසුබිමක් සහිත වසරක් විය. එය සියලු ව්‍යාපාරයන් සඳහා අභියෝගාත්මක වූ අතර AIA ඉන්ෂුවරන්ස්, ජනතාවට අවශ්‍යම මොහොතේ දී ඔවුන් සමගින්ම සිටීමට අධිෂ්ඨාන කරන ලදී.  ඒ අනුව සමාගමේ අවධානය සමාජමය මෙහෙවර වෙත වැඩිපුර යොමු විය.  සමාජය වෙත නැවත සිය යුතුකම් ඉටුකරමින්, දිවයින පුරා ඇති අඩු පහසුකම් සහිත පාසල් සහ රෝහල් පිළිසකර කිරීම මෙන්ම වරප්‍රසාද අඩු අසරණ දරුවන් සහ වැඩිහිටියන් වෙත උපකාර කිරීම AIA විසින් ප්‍රමුඛතාවයන් ලෙස සලකා සිදුකරන්නා වූ මෙහෙවරයන් වේ.  පසුගිය වසර පුරාවට සමාජ මෙහෙවර විශාල ප්‍රමාණයක් AIA විසින් සිදුකරන ලද අතර ඉන්  සමහරක් ලෙස, ශ්‍රී ලංකා HelpAge ආයතනය, SOS ළමා ගම්මානය, ශ්‍රී ලංකා පිළිකා සංගමය, ලංකා ඇල්සයිමර්සස් පදනම, පරිවාර සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, යන ආයතන වෙත සිදුකල මෙහෙවර මෙන්ම ශ්‍රී ලංකාව තුල වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යන ආයතනික සමාජ මෙහෙවරයන් දෙකක් වන ජාතික පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සහ AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ද සඳහන් කල හැකිය.

සමාගම සිය සේවාලාභීන්හට වඩාත් ඉහළ අත්දැකීම් ලබාදීම සඳහා සිය පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීමට අඛණ්ඩව ප්‍රයත්න දරමින් සිටියි.  මේ සඳහා සේවාලාභියාට සමාගම සමඟින් සම්බන්ද වීමට ඇති අවස්ථා වැඩිකරමින්, නව්‍ය ඩිජිටල්කරණ තාක්ෂනය ඔස්සේ පහසු සහ කාර්යක්ෂම වූ සේවාවන් හදුන්වා දී ඇත.  මෙරට රක්ෂණ කේෂ්ත්‍රය තුල ඩිජිටල්කරණය ඔස්සේ සේවා සැපයීමේ පුරෝගාමියා ලෙස AIA විසින් ප්‍රථම වශයෙන් වෙළෙඳපොල වෙත දියත් කල සේවා රැසකි. ඒ අතුරින් ක්ලවුඩ් ආශ්‍රිතව – කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය, රොබෝ ක්‍රියාවලී  ස්වයංක්‍රීයකරණය, බහු ක්ලවුඩ් ආශ්‍රිත ක්‍රමෝපායයන්, නව සේවාලාභීන් බාරගැනීමේ ක්‍රියාවලියේ දී දුරස්ථව ඩිජිටල් අත්සන යෙදීම් සහ දැනුම් තේරුම් ඇතිව හොඳ තීරණ ගැනීමේ දී Microsoft විශ්ලේෂණ භාවිතය යන කරුණු සඳහන් කල හැකිය. එමෙන්ම කඩදාසි වලින් තොර හරිත සේවා පරිසරයක් ඇතිකිරීමට කැප වෙමින් සේවාලාභීන්හට තවදුරටත් වඩාත් වේගවත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට AIA නොකඩවා වෙහෙසෙමින් සිටියි.

AIA ඉන්ෂුවරන්ස් සතුව උසස් මට්ටමේ අලෙවි බලකායක් සිටින අතර ඔවුන් ලොව අංක1කේ MDRT සාමාජික පිරිස සහිත ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ අලෙවි කණ්ඩායමට අයත් වේ.  එම ශක්තියත් සමගින් AIA අලෙවි බලකා සාමාජික සාමාජිකාවන්හට සිය සේවාලාභීන් වෙත විශිෂ්ට පාරිභෝගික සත්කාරයක් ලබා දීමට අවශ්‍ය ලෝක තලයේ දැනුම සහ පුහුණුව සඳහා ද අවකාශය ලැබේ. සේවාලාභීන්ගේ ජීවන ගමන් මග තුල සෑම සන්ධිස්ථානයකදී ම ඔවුනට අවශ්‍ය සුරක්ෂිතතාවය ලබා දෙමින් AIA සියලු ශ්‍රී ලාංකිකයින් වෙත විශ්‍රාම, සෞඛ්‍ය, රැකවරණ සහ ඉතුරුම් විසදුම් ඉදිරිපත් කර සිටියි.

AIA හි රක්ෂණ සැලසුම් නිර්මාණය කර තිබෙන්නේ දේශීය සේවාලාභීන්ගේ අවශ්‍යතා පිළිබඳව නිසි අවබෝධය සහ ආසියාව තුල වසර 100කට වැඩි කාලයක් ව්‍යාපාර කරමින් ලබාගත් අත්දැකීම් සමුදාය ද සමගිනි.  සෞඛ්‍ය රක්ෂණය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් ඉතාමත් වැදගත් අවකාශයක් ලෙස සලකයි. එමෙන්ම රක්ෂණ සැලසුම් ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගොස් සේවාලාභීන් වෙත සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීම සඳහා අවැසි සුවතාවය පිලිබඳ විවිධ යෝජනා ඉදිරිපත් කිරීමත් සිදුවන අතර AIA ඒ සඳහා පුරෝගාමීත්වයත් දරනු ලබයි.  ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට සහාය වීම යන AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව අපගේ පරමාර්ථය වන්නේ  සේවාලාභීන්ගේ කායික මෙන්ම මානසික සුවතාවය අත්පත් කරගැනීම තහවරු කිරීමයි. Doc990, My Dentist, Vida Medical සහ Teardrop Hotels යන පිළිගත් සුවතා සහකරුවන්ගේ සහයෝගය ලබා ගනිමින් සිය අගනා සේවාලාභීන්හට ක්‍රියාශීලී මෙන්ම සතුටුදායක ජීවන රටාවක් අත්පත් කරගැනීමට සහාය වීම සඳහා අවස්ථාවන් ඉදිරිපත්කර ඇති ශ්‍රී ලංකාවේ එකම රක්ෂ්කයා වන්නේ ද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමයි.

සෞඛ්‍ය සම්පන්නව සහ සතුටින් සිය ජීවිකාව ගත කිරීමට AIA සිය කාර්යමණ්ඩල සාමාජිකයින්ටද සහාය වන අතර ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව වසර 10ක් පුරාවට Great Place to Work® වෙතින් ඇගයීමට ලක්ව LEGEND තත්වය අත් කරගැනීමට ද AIA  සමත් විය.  

සෞඛ්‍ය සම්පන්නව සහ සතුටින් සිය ජීවිකාව ගත කිරීමට AIA සිය කාර්යමණ්ඩල සාමාජිකයින්ටද සහාය වන අතර ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව වසර 10ක් පුරාවට Great Place to Work® වෙතින් ඇගයීමට ලක්ව LEGEND තත්ත්වය අත් කරගැනීමට ද AIA  සමත් විය.  එමෙන්ම 2022 වසරේ දී  AIA ඉන්ෂුවරන්ස් කාන්තාවන්හට සේවය කිරීම සඳහා හොඳම සමාගමක් ලෙස අඛණ්ඩව 5ස් වන වසරටත් Great Place to Work® වෙතින් සම්මානයෙන් පිදුම් ලැබූ අතර මේ සියලු ඇගයීම් සමඟින් බැංකු කටයුතු, මූල්‍ය සේවා සහ රක්ෂණ යන ක්ෂේත්‍රයන් හී (BFSI) හොඳම සේවා ස්ථාන 10 අතරින් එකක් ලෙසද සම්මානයෙන් පිදුම් ලැබීමට ද AIA ඉන්ෂුවරන්ස් සමත් විය.

2021 වසර අවසානය වන විට සියලු අභියෝගයන්ට අභියෝග කරමින් සිය මූල්‍ය ස්ථාවරත්වය යහපත් අයුරින් පවත්වාගෙන යාමටත්, රුපියල් බිලියන 19.8ක කොටස් හිමි කොටස් වටිනාකමක් අත්පත් කරගැනීමටත් සමාගමට හැකි වූ අතර  2022 වසර අවසානය වන විට, ක්ෂේත්‍රය තුල ඉහළම ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතයක් වන  402%ක අගයක් ලඟාකර ගැනීමටත් සමාගමට හැකියාව ලැබිණි. මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ අර්බුදකාරී වාතාවරණයක දී මෙහෙයුම් පරිසරය තුල උද්ගත වන අනපේක්ෂිත අවධානම් අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දී ඒවා පරාජය කිරීමටත්, සිය සේවාලාභීන්හට පොරොන්දු වූ පරිදි නිරතුරුව විශිෂ්ට සේවාවක් ලබා දීමටත් සමාගමට ඇති හැකියාවයි. මේ සියලු සාර්ථකත්වයන් සමාගම මගින් අනුගමනය කරන්නා වූ විචක්ෂනශීලී ආයෝජන ක්‍රමෝපායයන්ට අනුව උසස් තත්ත්වයේ මෙවලම් හි සමාගම සිදුකල ආයෝජනයන සහාය වුණි. AIA ඉන්ෂුවරන්ස් සමාගමට පසුගිය වසර 30 පුරාවට සේවාලාභීන්හට සිය අපේක්ෂාවන් ඉක්මවා යන අගයන් ලාභාංශ ලෙස ලබා දී ඇත.

මේ සියලු දේ සමඟින් AIA ඉන්ෂුවරන්ස්, දේශීයව ගැඹුරු ලෙස මුල්බැසගත් ජාත්‍යන්තර තලයේ  සමාගමක් ලෙස ස්ථාපිත වී ඇති අතර, ජීවිත රක්‍ෂණයෙන් ඔබ්බට ගොස්,   සිය ගනුදෙනුකරුවන්ට,  හවුල්කරුවෙකු, මිතුරෙකු, පවුලක සාමාජිකයෙකු අයුරින් සහයෝගය ලබා දෙමින් කටයුතු කරමින් සිටියි.  AIA , ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නේ මේ සියලු කරුණු හේතුකොට ගෙනයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply