AIA ඉන්ෂුවරන්ස්, බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුළ (BFSI) හොඳම සේවා ස්ථාන 10 අතරට තේරී පත්වේ!

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුළ (BFSI) හොඳම සේවා ස්ථාන 10 අතරට තේරී පත්වීම මහත් අභිමානයෙන් සමරයි.  සැමදෙනා එකතුකර ගනිමින් ඔවුන් හා  ඉතා හොඳ සන්නිවේදනයක් පවත්වාගනිමින් සිය වැඩ පරිසරය නිර්මාණය කරගැනීමට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට ඇති කැපවීම ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් අතරින් කැපී පෙනීම සඳහා හේතු වේ.   කාර්යමණ්ඩල සාමාජිකයින්හට ඉතා හිතවත්ව මෙන්ම සේවය කිරීමට අවැසි සහයෝගය නිරතුරුව ලබාදෙන වැඩ පරිසරයක් සපයා දීමටත්, ඔවුන් කරනා කර්තව්‍යන්හි වටිනාමකම් පිළිබඳව මනා අවබෝධයෙන් සැමවිට ඔවුන්ව දිරිමත් කරමින් ඇගයීමටත් සමාගම සමස්තයක් වශයෙන් කටයුතු කරයි.  

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී කියා සිටියේ “Great Place to Work®. වෙතින් හොඳම  සේවා ස්ථාන සඳහා පිරිනැමෙන තවත් සම්මානයකට හිමිකම් කීමට හැකිවීම, සමාගමක් ලෙස අඛණ්ඩව අප ලබන ශක්තිමත් වර්ධනය සමගින්, කාර්යමණ්ඩල සාමාජිකයින්හට හොඳම දේ ලබාදීමටත්  අප යොමු වී සිටිනවා.  AIA ඉන්ෂුවරන්ස් සැමවිටම, සේවය කරන සැමදෙනාගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් කටයුතු කරමින් වඩාත් ප්‍රීතිමත් මෙන්ම ධනාත්මක වැඩ පරිසරයක් ඇතිකරලීමට කටයුතු කරනවා. අපගේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකයින් තුළ ඇති, ළැදිබව, අධිෂ්ඨාන ශක්තිය සහ අභියෝගාත්මක අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දෙමින් ඉතා ඉක්මනින් ඒවා ජයගැනීමට ඇති හැකියාව හේතුකොට, AIA ඉන්ෂුවරන්ස් සේවය කිරීම සඳහා විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස අර්ථ දැක්වෙන අතර අප නිරතුරුව එකිනෙකාගේ මෙන්ම අපගේ අගනා සේවාලාභීන්ගේ ජීවිතවලටත් ධනාත්මක වෙනසක් ඇතිකරලීමට උත්සුකව කටයුතු කරනවා”. 

AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් කියා සිටියේ “මෙවන් සුවිශේෂී සම්මානයක් හිමිවීම පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර එය අප සමාගමට අත්පත් කරදී, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථාන 10 අතරට ඔසවා තැබීමට උරදුන් අපගේ ආදරණීය කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්හට මගේ හදපිරි කෘතඤතාවය පළකර සිටිනවා.  විවිධත්වය අගයමින්, සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිගැනෙන වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපට ඇති කැපවීම මෙවන් ඇගයීම් මගින් තව තවත් ධෛර්යමත් කෙරෙනු ඇති.  අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් ව්‍යාපාර සාර්ථක කරගැනීමට දක්වන දායකත්වයට මෙන්ම AIA පවුල තුළ ධනාත්මක වෙනසක් ඇතිකරලීම සඳහා ඔවුනගේ  සුවිශේෂී කාර්යභාරය අප මහත්සේ අගය කරනවා.  සේවකයින්හට වෙනස් දේ විශිෂ්ට ලෙස කළහැකි අයුරින් ඔවුන්ව සවිබලගන්වන ලද සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අප අඛණ්ඩව කැපවී කටයුතු කරනවා. තවදුරටත් එක්ව කටයුතු කරමින්  විශිෂ්ට සේවා ස්ථාන සාරධර්ම සමගින් රක්ෂණ ක්ෂේත්‍රය පරිණාමනය වනවා දැකීම අපගේ අපේක්ෂාවයි”.


Share with your friend