AIA ඉන්ෂුවරන්ස් වෙතින් ලංකා ඇල්සයිමර් පදනමේ දැනුවත් කිරීමේ ප්‍රයත්නය සඳහා සහාය

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ඇල්සයිමර් සහ අනෙකුත් ඩිමෙන්ශියා රෝග තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමඟින් එක් වූ බව සතුටින් ප්‍රකාශ කර සිටියි.  ආසියානු කලාපයේ සීඝ්‍රයෙන්ම වයසට යන ජනගනයක් සිටින රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාව තුල 2050 වසර වන විට ජනගහනයෙන් මිලියන භාගයකට වඩා පිරිසක් ඇල්සයිමර් රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇතිබව සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරයි.  ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වන වගකීම් සහගත සමාගමක් ලෙස AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම එවන් රෝගී තත්ත්වයකින් ඇතිවිය හැකි  අවධානම පිළිබඳව මනා අවබෝධයක් ඇතිව කටයුතු කරයි. ඒ අනුව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් නොබෝදා, ලංකා ඇල්සයිමර් පදනම වෙත මුදල් පරිත්‍යාගයක් කල අතර, ඇල්සයිමර් රෝගී තත්ත්වය වලක්වා ගැනීමට සහ කල් ඇතිව හඳුනා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රයත්නයට සිය සහයෝගය ලබා දෙයි.  මෙම සමාජමය මෙහෙවර මෙරට ජනතාවගේ ශුභසිද්ධිය උදෙසා AIA සිදුකරන්නා වූ විවිධ ආයතනික සමාජ මෙහෙවර අතරින් එකකි.  AIA ශ්‍රී ලංකා අප දේශයට, ප්‍රජාවට සහ මුළුමහත් සමාජයටම සිය අඛණ්ඩ දායකත්වය සැපයීම සඳහා නිරතුරුව කැපව කටයුතු කරයි.

ලංකා ඇල්සයිමර් පදනම (LAF-Lanka Alzheimer’s Foundation) යනු ශ්‍රී ලංකාවේ සංජානන දුර්වලතා සහ ඩිමෙන්ශියාවෙන් පෙළෙන අයගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින සහ ඒ සඳහා කැපවී සිටින එකම සංවිධානයයි.


Share with your friend