American Premium Water සමාගම අඛණ්ඩව තුන්වන වසරටත් ශ්‍රී ලංකා කර්මාන්ත ප්‍රදර්ශනයේ (Industrial Expo – Sri Lanka 2025) එකම සහ නිල පානීය ජල සහකරු (Exclusive Hydration Partner) ලෙස කටයුතු කළේය. පසුගියදා නිමාව දුටු මෙම ප්‍රදර්ශනයට කුටි 500 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වී තිබූ අතර, 150,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණියහ. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍ර සම්බන්ධ නවෝත්පාදන රැසක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

ශ්‍රී ලංකාවේ පානීය ජල ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන American Premium Water සමාගම කවදත් මෙවැනි පියවර ඔස්සේ මෙරට ව්‍යාපාර, ප්‍රජාවන් සහ පාරිභෝගිකයන් සවිබල ගැන්වීමට උත්සාහ කරයි. එමෙන්ම මෙම හවුල්කාරීත්වය American Premium Water සමාගමට සිය නවෝත්පාදන මෙන්ම, තිරසාරත්වය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් තමන් දක්වන උනන්දුව හා කැපවීම පෙන්නුම් කිරීමට අගනා අවස්ථාවක් විය.
මෙම ප්‍රදර්ශනය පැවති කාලසීමාව තුළදී කොළඹ නගරයේ ඉහළම උෂ්ණත්වය වන 31°C සැලකිල්ලට ගනිමින්, American Premium Water විසින් “Hotter the Week, Cooler the Deal” යන නමින් විශේෂ වැඩසටහනක් දියත් කරන ලද අතර, ඒ යටතේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට American Premium Water නිෂ්පාදන සඳහා 31% ක සුවිශේෂී වට්ටමක් ලබාදෙන ලදි.
පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් ලබාදීමට කටයුතු කරන සමාගමක් වශයෙන් American Premium Water මෙවරත් ‘Water Bar’ යන විශේෂ සංකල්පය පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කළේය. මෙම සංකල්පය මෙරටට ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලැබුවේද American Premium Water සමාගම විසිනි. පානීය ජලය තුළින් අර්ථවත්, නවතම ආකාරයේ සෞඛ්‍ය සම්පන්න පානයන් සාදාගන්නා ආකාරය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරමින් සහ එම පානයන් රස විඳීමට අවස්ථාව සලසමින්, මෙම ප්‍රදර්ශනයට පැමිණි සියලුම නරඹන්නන්ට Water Bar හරහා ආකර්ෂණීය හා ප්‍රබෝධමත් අත්දැකීමක් ලබාදීමට American Premium Water සමත් විය.
“දශක තුනක් පුරා American Premium Water සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ පානීය ජල හවුල්කරු ලෙස කටයුතු කරමින් සිටිනවා. මේ ආකාරයට දිගින් දිගටම කර්මාන්ත ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදීම තුළින් අප උත්සාහ කරන්නේ දේශීය ව්‍යවසායකත්වය දිරිගන්වන අතරම, පාරිභෝගිකයන්ට තවදුරටත් සමීප වීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී සහ අර්ථවත් නවෝත්පාදන හඳුන්වා දීමටයි.” American Premium Water සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆයාස් ෆසාල් මහතා පැවසීය.
“කර්මාන්ත ප්‍රදර්ශනය යනු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරළියට රැගෙන එන සුවිශේෂී ප්‍රදර්ශනයක්. එයට සහයෝගය ලබාදීමට හැකි වීම මෙන්ම, එය හරහා “Hotter the Week, Cooler the Deal” වැනි නව ආකාරයේ වැඩසටහන් මෙන්ම Water Bar වැනි නැවුම් සංකල්ප ජනතාව වෙත හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” American Premium Water සමාගමේ අධ්‍යක්ෂිකා ආශා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
American Premium Water සමාගම සෑම විටම යහපත් සමාජ, පාරිසරික හා ආර්ථික බලපෑමක් ඇතිකිරීම සඳහා කැප වී සිටින සමාගමකි. මෙම කැපවීමෙහි එක් පියවරක් වශයෙන් සමාගම විසින් මෙලෙස කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගන්නා ලදි. පසුගිය දශකයක කාලය තුළ සමාගම රටේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ප්‍රජාවන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලීටර් 800,000 කට වැඩියෙන් පරිත්‍යාග කර ඇති අතර, OrphanCare වැඩසටහන හරහා මෙරට ළමා සුරැකුම් නිවාස 90 කට වැඩි සංඛ්‍යාවකට අත්වැලක් වී තිබේ. එමෙන්ම සමාගම මේ දක්වා ක්‍රියාශීලී ජීවන රටාවන් පවත්වාගෙන යාම සඳහා පුද්ගලයන් මිලියන 1.6 කට අධික සංඛ්‍යාවක් දිරිගන්වා ඇත. සමාගමේ කාර්ය මණ්ඩලයෙන් 45% කට අධික ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර, සමාගම මසකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 360 කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරයි. මීට අමතරව සමාගම විසින් පරිසර හිතකාමී වීදුරු බෝතල්ද වෙළඳපොළට හඳුන්වා දී තිබේ.
වසර 30 කට අධික පළපුරුද්දක් හිමි American Premium Water සමාගම මේ වන විට ISO, HACCP, SLS, ABWA සහ HAC ඇතුළු සහතිකකරණයන් රැසක් හිමි කරගෙන ඇති අතර, ඒ ඔස්සේ පානීය ජල විසඳුම් සම්බන්ධයෙන් මෙරට වෙළඳපොළේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට සමත් වී ඇත. ඉදිරියේදීත් නවෝත්පාදනය, තිරසාරත්වය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම ඔස්සේ ජනතාවට නිරෝගී ජීවිතයකට මංපෙත් විවර කරමින්, කලාපයේ තවත් රටවල් වෙතටද තම ව්‍යාපරික මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සමාගමේ අරමුණ වී තිබේ.





