Artslab Creatives මඟින් දියත් කළ ඉදිරිගාමී ‘Forward & Fearless’ AI ප්‍රචාරණ වැඩසටහන, SLIM DIGIS 2.5 උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙයි.

Share with your friend

ඩිජිටල් අලෙවිකරණ සේවා සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන  Artslab Creatives ආයතනය, Fems Sri Lanka වෙනුවෙන් දියත් කළ “Forward & Fearless” ‍ප්‍රචාරණ වැඩසටහන, SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.ඉහත ප්‍රචාරණ ව්‍යාපාරයට “හොඳම AI තාක්ෂණික භාවිතය”(Best Use of AI Technologies) කාණ්ඩයේ රිදී සම්මානය ද, “හොඳම සමාජ සත්කාරක වැඩසටහන” / අරමුණු පෙරදැරි ඩිජිටල් අලෙවිකරණ ප්‍රචාරණ වැඩසටහන (Best CSR / Purpose-Driven Digital Marketing Campaign)කාණ්ඩයේ ලෝකඩ සම්මානය ද හිමි විණි.ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ සම්බන්ධ නවෝත්පාදන හා විශිෂ්ටත්වය අගයමින් වාර්ෂිකව පැවැත්වෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන මෙම උළෙලේ දී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමෙන් Artslab Creatives ආයතනයේ තාක්ෂණික නවෝත්පාදන සම්බන්ධ විශිෂ්ටත්වය හා ඉන් සිදු කෙරෙන ප්‍රබල සමාජ බලපෑම මනාව විදහා දැක්වේ.

VFems Sri Lanka වෙනුවෙන් දියත් කළ “Forward & Fearless” ‍ප්‍රචාරණ ව්‍යාපාරය, AI Deepfake තාක්ෂණය යොදා ගනිමින්, ධනාත්මක සමාජ බලපෑමක් සිදු කළ ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහනකි.එය සනිටුහන් වන්නේ, AI Deepfake හරහා පරිශීලකයන්ට තමන්ගේ ම අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳනාම, AI තාක්ෂණය භාවිත කරමින් සිදු කෙරුණු ප්‍රථම සමාජ සත්කාරක ප්‍රචාරණ වැඩසටහන ලෙසයි. එපමණක් නොව, AI Deepfake තාක්ෂණය,සමාජ සුබ සිද්ධිය උදෙසා  භාවිතා කරනු ලැබූ පළමු අවස්ථාව ද මෙයයි. මෙම ප්‍රචාරණ වැඩසටහන දියත් කෙරුණේ,ප්‍රේක්ෂකයන් උපදේශකයින් බවට පත් වීමට ඉඩ සලසමින් කාන්තාවන්ගේ මාසික ඔසප් වීම සම්බන්ධ සමාජ කතිකාවත නව මානයකට රැගෙන යමිනි.

කාන්තාවන්ගේ මාසික ඔසප් වීම හා බැඳුණු ‘ආර්ථව දරිද්‍රතාව’ නම් බරපතල ගැටලුවට පිළියම් යොදමින්,ඔසප් වීමේ සංසිද්ධිය හා බැඳුණු සංස්කෘතික අභියෝග සාර්ථකව ජය ගනිමින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කෙරිණි.ඊට සහභාගී වූ පිරිසට කැමති භාෂාවකින්, තමන් විසින් අදහස් දක්වන ප්‍රචාරණ වීඩියෝවක් නිර්මාණය කිරීමට අවස්ථාව උදා කර දී තිබිණි.මෙම ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා CUDA-enabled, NVIDIA GPU මඟින් බලගැන්වෙන උසස් AI Deepfake තාක්ෂණය උපයෝගී කරගත් අතර,එහි වැඩිදියුණු කිරීමේ හැකියාව හා ඉහළම ක්‍රියාකාරීත්වය සහතික කරමින් AWS හා Google Cloud හරහා කිසිඳු බාධාවකින් තොරව දියත් කරන ලදී.මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියෙන්,මාසික ඔසප් වීම සම්බන්ධ සෞඛ්‍යමය කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

එම වැඩසටහනට දායක වූ ප්‍රේක්ෂකයින්ට,සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම වීඩියෝ නිර්මාණය කළ හැකි වූ අතර,ඒ ඔස්සේ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් හා සම්බන්ධ වීමට ද අවස්ථාව උදා විය.මෙම ප්‍රචාරණ වැඩසටහනේ ප්‍රවර්ධන කටයුතු සඳහා ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් හා සහයෝගීතාවන් ඇති කර ගැනුණු අතර, ඒ තුළින් එම නිර්මාණ තත්ත්වයෙන් වඩාත් උසස්,විශ්වාසනීය ප්‍රචාරණ වීඩියෝ ලෙස ප්‍රේක්ෂකයින් වැඩි පිරිසක් කරා ළඟා වීමටත් හැකිවීමෙන් එය තවත් ප්‍රබල ප්‍රචාරණ වැඩසටහනක් බවට පත් විණි.කාන්තාවන්ගේ මාසික ඔසප් වීම හා සම්බන්ධ කතිකාවතට  කාන්තා පිරිමි දෙපාර්ශවයම සහභාගී කර ගැනීමේ අරමුණ ඇතිව දියත් කෙරුණු මෙම ප්‍රචාරණ වැඩසටහන තුළින්,සාම්ප්‍රදායික සමාජ ආකෘති අභියෝගයට ලක් කරමින්,සමාජයේ තහනම් මාතෘකාවක් බවට පත් වූ කාරණාවක් සම්බන්ධයෙන් අර්ථවත් සංවාදයක් මතු කිරීමටත්,ඒ හරහා ඉදිරිගාමී සමාජ ප්‍රගතියක් ඇති කිරීමටත් Artslab Creatives උත්සාහ දරා තිබුණි.

Artslab Creatives හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ අකිල විජේතුංග මහතා මේ පිළිබඳව අදහස් පළ කළේ ය.”අනාගත විසඳුම් ලබා දීම,මිනිසුන්ගේ ජීවිත යහපත් කිරීම සහ බලපෑමක් ඇති කිරීම සඳහා කතාන්තර ශෛලිය යොදා ගැනීම අතින් තාක්ෂණය ප්‍රමුඛ විසඳුමක් බවට පත් වීමත් සමඟ Artslab Creatives හි දැක්ම සහ අරමුණ වන්නේ,තාක්ෂණය,විශේෂයෙන් ම AI තාක්ෂණය  යහපත් සමාජ කාර්යයන් සඳහා යොදා ගැනීමයි.මෙලෙස සම්මාන හිමි වීම,සමාජ යහපත උදෙසා ඩිජිටල් හා AI තාක්ෂණය භාවිතා කිරීමට අප දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳව සාක්ෂියක්.අපගේ දැක්ම,තාක්ෂණය මිනිස් ජීවිත යහපත් කරන මෙවලමක් වශයෙන් සලකා ඒ අනුව කටයුතු කිරීමයි.මෙම ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරමින්,කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව සමාජයේ පවතින නිහැඬියාව බිඳ දැමීමට පමණක් නොවෙයි,ආන්තික ප්‍රජාවන් සවිබල ගැන්වීමටත් AI භාවිතා කළ හැකි ආකාරය පෙන්වා දීමට අපට හැකියාව ලැබුණා.අප ලබාගත් මෙම සම්මාන,නිර්මාණශීලීත්වය, අරමුණ සහ තාක්ෂණය යන පැතිකඩ ඔස්සේ අඛණ්ඩ නවෝත්පාදන බිහි කිරීමට අප තුළ පවතින අධිෂ්ඨානය තවත් ශක්තිමත් කෙරෙනවා.”

Artslab Creatives,ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක සේවා පිරිනමනු ලබන ආයතනයකි.ඒ යටතේ AI බලගැන්වූ නවෝත්පාදන පමණක් නොව, ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේද,මුදල් ගෙවා පළ කරන මාධ්‍ය සහ SEO,සමාජ සත්කාරක අලෙවිකරණ වැඩසටහන් සහ B2B විසඳුම් ඇතුළුව,ඩිජිටල් අලෙවිකරණ සේවාවන් රැසක් ලබා දෙයි.එම සේවාවන්ට අදාළව අන්තර්ගතයන් නිර්මාණය කිරීම,සමාජ මාධ්‍ය කළමනාකරණය,UI/UX නිර්මාණය,වෙබ් අඩවි නිර්මාණය,වැඩසටහන් අලෙවිකරණය සහ සන්නාම ගොඩනැඟීම ද එම ආයතනය මඟින් සිදු කෙරේ.එමෙන්ම නිර්මාණශීලී නවෝත්පාදනය හා දත්ත පාදක කරගත් ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සෑම සේවාදායකයෙකුගේ ම අවශ්‍යතාවයන්ට ගැළපෙන අලෙවිකරණ විසඳුම් සකස් කිරීම ද එම ආයතනයේ විශේෂත්වයකි.ඒ හරහා සාර්ථක ප්‍රතිඵල මෙන් ම එක් එක් සේවාදායකයාට සුවිශේෂී අලෙවිකරණ ක්‍රමවේද සහ අඛණ්ඩ ප්‍රශස්තකරණය පිළිබඳව අවධානය යොමු කරමින්,තරගකාරීත්වය අතින් පෙරමුණ ගැනීමට එම ආයතනය සමත් වෙයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද SLIM DIGIS 2.5 උළෙල ඩිජිටල් අලෙවිකරණය සම්බන්ධ නවෝත්පාදන සහ එමඟින් සිදු කරන සමාජ බලපෑම අගයන,ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන ප්‍රදානෝත්සවයේ නවතම සම්මාන උළෙලයි.මෙම වසරේ,“Futurecrafting Digital Sorcery” තේමාව යටතේ එම උත්කර්ෂවත් සම්මාන උළෙල පැවැත්විණි.

( Insert Picture Here )

Artslab Creatives හි ඩිජිටල් අංශ කළමනාකරු ශෝන් මෝසස් මහතා,Artslab Creatives හි ප්‍රධාන විධායක නිලධාරී අඛිල අධිෂ්වර මහතා,Hemas Consumer Brands – Sri Lanka හි ඩිජිටල් අලෙවිකරණ විධායක ප්‍රශාන් රොඩ්‍රිගෝ මහතා,Hemas Consumer Brands – Sri Lanka හි ජ්‍යෙෂ්ඨ ඩිජිටල් අලෙවිකරණ කළමනාකරු ශේෂාන් ජයවර්ධන මහතා,Hemas Consumer Brands – Sri Lanka හි සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ සචිනි ගමගේ මෙනෙවිය,Artslab Creatives හි සහකාර කළමනාකාරිණී චමත්කා බන්නැහැක මෙනෙවිය,Hemas Consumer Brands – Sri Lanka හි සහකාර සන්නාම කළමනාකාරිණී අංජලී නෙල්සන් මෙනෙවිය සහ Artslab Creatives හි මෙහෙයුම් කළමනාකරු සියාන් ජවුෆර් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.


Share with your friend