ශ්‍රී ලංකාවේ සංකේතාත්මක සන්ධිස්ථාන ආරක්ෂා කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීමේ ජාතික කර්තව්‍යයක ආරම්භය සනිටුහන් කරමින්, Asian Paints Causeway විසින් කළුතර දිස්ත්‍රික්කයේ ප්රමුඛස්ථානයක් වන පානදුර ඔරලෝසු කණුව පසුගියදා සාර්ථකව ප්‍රතිසංස්කරණය කරන ලදී.
මෙම ඔරලෝසු කණුවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූයේ කාලාන්තරයක් පුරා දිරාපත් වෙමින් තිබූ තීන්ත සහිත ව්‍යුහය පිරිසිදු කොට නැවත තීන්ත ආලේප කිරීමත් සමඟිනි. මෙම අවස්ථාව සඳහා පානදුර නගර සභාවේ සාමාජිකයින්, ප්‍රදේශයේ ජනතාව, වෙළඳුන් සහ Asian Paints Causeway හි නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. ඇල්ගී වලට සහ මතුපිට තීන්ත පොතු ගැලවී යාමට එරෙහි, කල්පැවැත්ම සඳහා ප්‍රසිද්ධ ප්රමුඛ පෙළේ බාහිර තීන්ත ආලේපයක් වන SmartCare AquaSafe සමඟින් ඔරලෝසු කණුව පැහැ ගැන්වුණු අතර, එමගින් පෙර තිබූ ආකර්ෂණීයභාවය යළි ඔප් නැංවිමට ද හැකි විය.
Asian Paints Internationalහි කලාපීය ප්‍රධානී සිරීෂ් රාඕ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාව පුරා ඇති වැදගත් සන්ධිස්ථාන ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමේ මූලාරම්භය මෙමගින් සනිටුහන් කළ බවයි. “Asian Paints Causeway හි අප ප්‍රජාවගේ අවශ්‍යතාවන් ඉටු කරලීමට කැපවී සිටින අතර, මෙම ව්‍යාපෘතිය මගින් දේශීය ඉංජිනේරුවන් සහ රාජ්‍ය නිලධාරීන් SmartCare AquaSafe කෙරෙහි තබා ඇති විශ්වාසය ශක්තිමත් වී ඇතැයි ද අප විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව ඓතිහාසික ගොඩනැගිලි සහ සංකේතාත්මක සන්ධිස්ථාන විශාල ප්‍රමාණයකට නිවහනක් වන නමුත්, ජාතියක් වශයෙන් ඒවා සුරක්ෂිත කරගෙන තිබීම ප්‍රමාණවත්ද යන බුද්ධිමත් සිතුවිල්ල මත මෙම කටයුත්ත ආරම්භ වුණා. රටපුරා ගෙන යන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියේ පළමුවැනි පියවර විදියට පානදුර නගරයේ ඔරලෝසු කණුව ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කළා” යැයි ද ඒ මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය අගයමින් පානදුර නගර සභාවේ ලේකම් මානෙල් සියඹලාගොඩ මහත්මිය සඳහන් කළේ පානදුර ඔරලෝසු කණුව ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව සතුටට පත් වන බවයි. “ Asian Paints Causeway ආයතනය ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ කළුතර දිස්ත්‍රික්කයට අයිති සුවිශේෂී සන්ධිස්ථානයක් ප්‍රතිසංස්කරණය කළා පමණක්ම නොවෙයි, පානදුර නගරයේ ජනතාව තුළ නැවුම් බලාපොරොත්තුවක් ද ඇති කර තිබෙනවා. මෙම සංකේතාත්මක සන්ධිස්ථානය ඉදිරි වසර ගණනාව පුරාවටම පානදුර නගරය තුළ සුරක්ෂිතව පවතිවී” යැයි ද ඇය පැවසුවාය.
පානදුර ඔරලෝසු කණුව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, Asian Paints Causeway ආයතනය මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව පුරා ඇති අනෙකුත් වැදගත් ස්ථාන වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. එ් තුළින් SmartCare AquaSafe හි සුවිශේෂී ගුණාත්මකභාවය සහ කල්පැවැත්ම මනාව ඉස්මතු වන අතර රටේ සුවිශේෂි සන්ධිස්ථාන සුරක්ෂිත කිරීමෙහිලා ආයතනයේ කැපවීම ද ප්‍රදර්ශනය වනු ඇත.
(අවසන්)
Asian Paints Causeway පිළිබඳව
ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Asian Paints Group සහ Causeway Paints Lanka (Pvt) Ltd ඒකාබද්ධ කිරීම තුළින් 2017 වසරේදී ආරම්භ කරන ලද Asian Paints Causeway (APC) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සමාගම ලෙස සීඝ්රයෙන් ස්ථාපිත වී ඇත. Asian Paints සමූහය රටවල් 15 ක නිෂ්පාදන මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ගෝලීය වශයෙන් අති නවීන නිෂ්පාදන පහසුකම් 26ක් සමගින් රටවල් 60කට අධික පාරිභෝගිකයින්ට සේවාව සපයයි. Asian Paints Causeway විසින් ‘Royale’ සහ ‘Ultima’ වැනි උසස් පෙළේ සන්නාමයන් ඇතුළුව ගෘහ අලංකරණයේ විවිධ පාරිභෝගික අවශ්‍යතාවන් සඳහා පුළුල් නිෂ්පාදන කළඹක් පිරිනමනු ලබයි. මීට අමතරව, Asian Paints Causeway යනු Debeer, Star Class, සහ Spectra වැනි විශ්වාසදායී සන්නාමයන් සහිත වාහන පින්තාරුකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් ද වේ. ISO 9001, ISO 14001, සහ ISO 45001 සමඟ සහතික කර ඇති, උසස් සන්නාමයක් ලෙස, APC ඉහළම ගුණාත්මක සහ කාර්ය සාධන ප්රමිතීන් සුරක්ෂිත කරයි.
SmartCare AquaSafe පිළිබඳව
Asian Paints Causeway හි SmartCare AquaSafe යනු පාරිසරික සාධකවලට එරෙහිව ඔරොත්තු දීමේ ඉහළ හැකියාවක් සමඟින් නිවාස සහ ගොඩනැගිලි ව්‍යුහයන් ආරක්ෂා කිරීමට නිර්මාණය කර ඇති බාහිර බිත්ති ආලේපනයකි. සුවිශේෂී ජල ආරක්ෂණ හැකියාව (Waterproofing), ඇල්ගී ප්‍රතිරෝධී හැකියාව, දීප්තිමත් පෙනුමක් සහ දිගුකල් පවතින සුදු පැහැය සමගින් වසර 3ක වගකීමක් සහිත උසස් තත්ත්වයේ නිමාවක් සඳහා Aquasafe වෙළඳපොළේ ඉහළම තේරීම බවට පත්ව තිබේ.