ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරන Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණ. Ather Energy සමාගමේ ශ්‍රී ලංකා බෙදාහැරීම් නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන Atman Group සහ Sino Lanka Private Limited සමාගම් කොටස් හිමිකාරීත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් මෙම නව ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලිය හඳුන්වාදීමේ උළෙල සංවිධානය කරන ලදී.
කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැති Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අවස්ථාවට Ather Energy වෙනුවෙන් එහි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී රව්නීත් පොකේලා සහ අලෙවි හා සේවා අංශ ප්‍රධානී ගරින්දර් සිං මහත්වරුන් මෙන්ම Sino Lanka Private Limited සභාපති බොබ් කුන්දන්මල් Sino Lanka Private Limited අධ්යක්ෂ ධිරේන් කුන්දන්මල්, Atman Group අධ්යක්ෂ නාදන් සිවඥානදන් සහ Atman Group අධ්යක්ෂ රංජිත් ලියෝන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.
අති නවීනතම තාක්ෂණය මුසුවූ උසස්ම තත්ත්වයෙන් හා ආකර්ෂර්‍ණය නිමාවෙන් හෙබි Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ඔබට පෙර නොවිඳි අන්දමේ අද්විතීය ධාවන අත්දැකීමක් පිරිනමයි. ශක්තිමත් කල්පවත්නා විද්‍යුත් මෝටරයකින් (Robust electric motor) බලගැන්වෙන Ather 450X හි වේගවත් ඇක්සලරේටරය පැයට කිලෝමීටර 90 ක උපරිම වේගයක් ලබාදීමෙහිලා සමත්ය. ස්කූටරයේ ධාවන තත්ත්වය පිළිබඳ හා ධාවකයාට අවශ්‍ය තවත් තොරතුරු රැසක් ලබාදෙන ස්මාට් ඩෑෂ්බෝඩය (Smart Dashboard), ආසනය යට බහාලනයේ වැඩි ඉඩකඩ, පුනර්ජනනීය තිරිංග පද්ධතිය (Regenerative braking), මිනිත්තු 60 කදී බැටරිය 80% ක් ආරෝපණය වීම (Fast-charging) මෙහි ප්‍රධාන විශේෂාංග අතර වේ.
සාම්ප්‍රදායික වාහනවලට වඩා වාසි රැසක් ගෙන එන ඉලෙක්ට්‍රික් වාහන භාවිතයට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමට හා Ather 450X පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් දීප ව්‍යාප්ත Ather Grid ආරෝපණ මධ්‍යස්ථාන (Fast-charging stations) ජාලයක් ඇරඹීමට Evolution Auto සමාගම සැලසුම් සකස් කොට ඇත. අතිනවීන තාක්ෂණයෙන් හා නව්‍යකරණයෙන් බලගැන්වූ පරිසර හිතකාමී කාර්යක්ෂම විද්‍යුත් ප්‍රවාහන විසඳුම් ලබාදෙමින් ආසියානු කලාපයේ හරිත ප්‍රවාහන සංස්කෘතියක් ගොඩනැගීමෙහිලා වෙහෙසෙන Ather Energy සමග අත්වැල් බැඳගත් Evolution Auto සමාගම එම ප්රතිලාභ ශ්‍රී ලංකාවට රැගෙන එන නියෝජිතයා ලෙස කටයුතු කරයි.
අවස්ථාවේදී Ather Energy වෙනුවෙන් අදහස් දැක්වූ එහි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී රව්නීත් පොකේලා මහතා “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා. Ather 450X ස්කූටරය ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ග තත්ත්වයකට ගැලපෙන නිසා කාර්යක්ෂම, සුවපහසු මෙන්ම සහනශීලී ධාවන අත්දැකීමක් ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළෙඳපොළ සකස්වෙමින් පවතින මූලික අවධියේදීම සම්බන්ධ වෙමින් වෙළෙඳපොළ පුළුල් කිරීමට දායකවන්නට ලැබීමට අපට මහත් ගෞරවයක්” යැයි පැවසීය.
Evolution Auto සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී සහ්රාන් සියාවුදීන් මහතා “විද්‍යුත් වාහන ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන Ather Energy සමග එක්වන්නට ලැබීම අප ලද මහත් භාග්‍යයක්. මෙම ව්‍යාපාරික සහයෝගීතාවයෙන් තිරසර වූ හරිත අනාගතයක් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය තුල අපගේ ව්‍යාපාරික මෙහෙවර වඩාත් ශක්තිමත් වෙනවා. Ather Energy විසින් නිෂ්පාදනය කරනු ලබන අතිනවීන තාක්ෂණයෙන් යුතු ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි ශ්‍රී ලංකාවට හඳුන්වාදීමෙන් ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළට ප්‍රමිතිගත අති විශිෂ්ඨ නිෂ්පාදන පෙළක් සමීප කරමින් ඉලෙක්ට්‍රික් වාහන සංකල්පය පිළිබඳ වඩා ධනාත්මක සහ තිරසර ප්‍රතිරූපයක් ශ්‍රී ලාංකිකයන් තුළ ඇතිකිරීමට අපට හැකිවෙනවා.” යැයි පැවසීය.
Ather Energy ගැන
වර්ෂ 2013 දී මදුරාසියේ IIT උපාධිධාරීන් දෙපළක් වන සන්ජේ මෙහ්තා සහ ස්වප්නිල් බාබන්ලාල් ජයින් දෙපළ විසින් Ather Energy විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගම ආරම්භ කරන ලදී. Ather Energy සමාගමේ පළමු ඉලෙක්ට්‍රික් Ather 450 2018 වසරේදී එළිදැක්වූ අතර 2020 දී Ather 450X, 2023 දී 450S සහ Ather 450 හි අතිරේක මාදිලි කිහිපයක් වෙළෙඳපොළට නිකුත් කෙරිණ. Ather Energy සමාගමේ පළමු පවුලේ ස්කූටරය ලෙස Rizta 2024 දී එළිදැක්විණ.
Ather Energy විසින් සිය ගනුදෙනුකාරභවතුන්ගේ පහසුව උදෙසා Ather Grid පොදු ආරෝපණ සේවා ජාලය ඉන්දියාවේ ආරම්භ කොට තිබේ. 2024 මාර්තු මාසය වන විට Ather Energy ඉන්දියාව පුරා 1973 ක අධිවේගී ආරෝපණ සේවා මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවා ඇත. Ather Energy ඉලෙක්ට්‍රික් ස්කූටර පිළිබඳ පාරිභෝගිකයන්ට සමීප අත්දැකීමක් ගෙන එන ප්රදර්ශනාගාර 208 ක් ඉන්දියාව පුරා ව්‍යාප්ත කොට ඇත්තේ නේපාලයේද ප්රදර්ශනාගාර 3 ක් විවෘත කරමිනි. ඉන්දියානු හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර 232ක්, 300 කට අධික සන්නාම රැසක් සහ 200 කට අධික ලියාපදිංචි නිර්මාණ සැලසුම් රැසකට හිමිකම් කියන Ather Energy සැමවිටම පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන හා ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබාදීමෙහිලා කීර්තිමත්ය.
Evolution Auto සමාගම ගැන
Atman Group සහ Sino Lanka Private Limited සමාගම් කොටස් හිමිකාරීත්වයෙන් ක්‍රියාත්මක Evolution Auto සමාගම ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්රයේ පුරෝගාමියෙකි. ශ්‍රී ලාංකීය ප්‍රවාහන ක්ෂේත්රයේ නව පිබිදීමක් සනිටුහන් කරමින්, ලොව දියුණුතම අතිනවීන තාක්ෂණයෙන් හෙබි පරිසර හිතකාමී විද්‍යුත් විසඳුම් සමග සාම්ප්‍රදායික ප්‍රවාහන සේවා නිසා සිදුවන කාබන් විමෝචනය අඩු කිරීමෙහිලා Evolution Auto සමාගම සිය ව්‍යාපාරික මෙහෙවර දියත්කොට ඇත. මගී ප්‍රවාහන වාහන හා වෙළෙඳ වාහන යන දෙආකාරයේම වාහන ශ්‍රී ලංකාවට හඳුන්වාදීමෙහිලා ලොව ප්රමුඛ පෙළ විද්‍යුත් වාහන නිෂ්පාදකයන් සමග අත්වැල් බැඳගැනීමට Evolution Auto සමාගම අපේක්ෂා කරයි.
Evolution සමූහයේ නිර්මාතෘන් ආසියාවේ සත්කාරක සේවා, ජලජ සම්පත් කළමනාකරණය, අලෙවි සේවා, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර රැසක සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කොට ඇත. ජාත්‍යන්තර කීර්තිමත් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි විවිධ ක්ෂේත්‍ර රැසක කීර්තිමත් අධ්යක්ෂ මණ්ඩලයක් Evolution Auto සමාගම සවිබල ගන්වා ඇත.