Atlas, ශ්‍රී ලංකවේ අනාගත පරපුර නිර්මාණශීලීත්වයෙන් හා පරිකල්පනයෙන් පුබුදුවමින් නවතම පැස්ටල් මාදිලි පෙළක් එළි දක්වයි.

Share with your friend

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී අනුබද්ධ Atlas Axillia, ලිපි ද්‍රව්‍ය සම්බන්ධ එහි ප්‍රමුඛතම සන්නාමය වන Atlas හරහා, ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන්, පරිකල්පන ශක්තිය මුසු අද්විතීය කලාත්මක අත්දැකීමක් ලෙසින් ඔවුන් වෙත සමීප කිරීමට කටයුතු කරයි. ඒ අනුව, දරුවන්ගේ පරිකල්පන හැකියාවන් තීව්‍ර කිරීමට ඉවහල් වන නවතම පැස්ටල් මාදිලි පෙළ ‘Atlas Color Sparx’ පසුගියදා  එළිදක්වන ලදී. Atlas Axillia  සමාගමේ නියෝජිතයින්, දරු දැරියන් හා දෙමව්පියන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ, හැව්ලොක් සිටි මෝල් පරිශ්‍රයේ පැවති විශේෂ උත්සවයකදී මෙම එළිදැක්වීම සිදු කෙරිණි. 

මෙම නවතම පැස්ටල් මාලාව ඔස්සේ දරුවන්ගේ ලෝකය වර්ණවත් කිරීමට, Atlas Colour Sparx පැස්ටල්, දරු පරපුර අතට පත්වන්නේ, මන බඳින තේමාවන්ගෙන් සමන්විත විචිත්‍ර ඇසුරුම්වලින් යුතුවයි. එම ඇසුරුම්වල,  ඩයිනොසෝරයින්, අභ්‍යවකාශය, කැලෑව සහ මහ සයුර යන තේමාවන් හතර අනුව නිර්මාණය කෙරුණු අපූරු කතාන්දර ද වේ.  එපමණක් නොව, එම තේමාවන්ට අදාළව Stompy the Dinosaur, Ollie the Octopus, Luna the Space Traveler සහ Jumbo the Elephant වැනි වික්‍රමාන්විත චරිත, දරුවන්ගේ පරිකල්පන ලෝකයේ ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට පණ දෙන සමීපතමයින් බවට පත්කර තිබේ. දරුවන්ගේ ඉගෙනීම හා නිර්මාණශීලීත්වය වඩ වඩාත් පෝෂණය කරමින් ඔවුන්ව පරිකල්පනීය ලෝකයකට කැඳවාගෙන යාම සඳහාම, Atlas මෙම චරිත පැස්ටල් මාලාව නිර්මාණය කර තිබේ. දරුවන්ගේ දක්ෂතා එළිදැක්වීමටත්, තේමාවට අදාළව ඇති වික්‍රමාන්විත කතාන්දර කියවා නව සංකල්ප ඉගෙන ගැනීමටත්, ගවේෂණය කිරීමටත් Atlas Color Sparx පැස්ටල් මාලාව, Atlas  වෙතින් පිදෙන අපූරු මෙවලමකි. 

සුවිශේෂී පැස්ටල් මාලාව එළිදැක්වීමේ උත්සවය ජූලි 06 වැනිදා, මහත් හරසරින් පැවැත්වුණේ, ‘පරිකල්පන ලෝකය ගවේෂණය කරන්න’ යන පණිවිඩයද සමගිනි. එළිදැක්වීමේ උත්සවය, දවස පුරාම ක්‍රියාකාරකම් ගණනාවකින් සමන්විතව පැවැත්වුණු අතර, පොත් කියවීමේ, චිත්‍ර ක්‍රම හැදෑරීමේ සහ කතන්දර කීමේ අංග ඇතුළුව ළමයින්ටත්, දෙමව්පියන්ටත් එකසේ ප්‍රබෝධයෙන් සහභාගි විය හැකි ක්‍රියාකාරකම් ඊට ඇතුළත් විණි. එමෙන්ම, මෙරට  ප්‍රථම වතාවට නවමු, මායාමය අත්දැකීමකට ළමුන් එක් කරමින් ඔවුන් විසින් වර්ණ ගන්වන ලද චිත්‍ර, ඩිජිටල් තිරයක් මත ප්‍රක්ෂේපණය කිරීමද විශේෂත්වයකි.

“දරුවන්ගේ සංවර්ධනය සම්බන්ධ මූලික කාරණයක් වන පරිකල්පන හැකියාව දියුණු කිරීමට උපකාරී වීමෙන් ඔවුන්ගේ සහජ කුසලතා,  සමාජීය ක්‍රියාකාරකම් සහ සංවේදනයන් ඔප් නැංවෙනවා. ඒ වගේම, ළමුන් අතින් නවෝත්පාදන සහ හොඳම දේ  බිහි වන්නේත්, පරිකල්පනය දියුණු කිරීම සඳහා කෙරෙන ක්‍රියාකාරකම් මගින්. ඒ වගේම, දරුවන්ගේ සහජ කුසලතා හා අවබෝධය වැඩි දියුණු කිරීමටත් එවැනි ක්‍රියාකාරකම් මහෝපකාරී වෙනවා,” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින්, Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසීය.  “අපගේ නවතම Atlas Color Sparx  පැස්ටල් මාලාව නිර්මාණය කර තිබෙන්නේ, දරුවන්ගේ නිර්මාණශීලීත්වය වඩවා ඔවුන්ගේ පරිකල්පනය පුබුදු කිරීමේ අරමුණින්. දරුවන් ගුණාත්මක බවින් පිරිපුන් පුද්ගලයින් කිරීමට හා ඔවුන්ගේ භාෂා සහ සන්නිවේදන හැකියාවන් වැඩි දියුණු කිරීමට මේ සමගින් ඇති ක්‍රියාකාරකම්,  ඉවහල් වෙනවා. ඒ වගේම, සහසංවේදනයෙන් සහ ආත්ම තෘප්තියෙන් යුතු දරුවකු ගොඩනැගීමට මෙවැනි ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය බව පිළිගැනෙන කාරණයක්.” යනුවෙන් ඔහු සඳහන් කළේය. 

 “මෙවැනි නිෂ්පාදන හඳුන්වාදෙමින්, Atlas Axillia කටයුතු කරන්නේ, අනාගත පරම්පරාවේ නවෝත්පාදන සහ ස්වාධීන  හැකියාවන් පෝෂණය කරමින් ඔවුන්ට සාර්ථක ගමනක් සඳහා අවශ්‍ය මෙවලම්  සැපයීමයි. එමගින් ඔවුන් නිරවුල් මනසින් යුතු, නිර්මාණශීලී හා ඔරොත්තු දෙන පුද්ගලයන් බවට පත්වීමට උපකාර කිරීමත් අපේ අරමුණක්.” යනුවෙන් සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.  

ශ්‍රී ලංකාවේ අනාගත දරු පරම්පරාව පෝෂණය කරන ශක්තිමත්ම අඩිතාලම වන්නේ ඔවුන්ගේ පරිකල්පන  හැකියාවයි. එමෙන්ම දරුවාගේ අනාගත සිහිනවලට, නවෝත්පාදනවලට මෙන්ම නිර්මාණකරණයටද ජවය දෙන්නේද මෙම පරිකල්පන හැකියාවයි. කෙසේ වෙතත්,  අද වනවිට දරුවා නතුකරගෙන තිබෙන, ජංගම දුරකතන සහ ඉලෙක්ට්‍රොනික උපාංග,  ඔවුන් දෙමාපියන්  සමග ඇති බැඳීමද දුර්වල කර පරිකල්පන ශක්තියෙන්ද හීන කිරීමට තරම් ප්‍රබලව තිබේ. ඒ හේතුවෙන්  කතන්දර හා මුසු වන ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීමෙන්, දෙමාපිය දූ දරු පරතරයද පියවෙන බව විශ්වාස කරන ඇට්ලස්, පුළුල් වූත් විචිත්‍රවත් වූත් පරිසරයක්මෙමගින් දරුවන් වෙත ඉදිරිපත් කරයි. එමෙන්ම ඒ හරහා දෙමව්පිය දූ දරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩි වී මෘදු මොළොක් හැඟීම් වර්ධනය වීමෙන්, ගැඹුරු සහසම්බන්ධයකට අවස්ථාව උදාවේ. ඒ හේතුවෙන්, මෙම පැස්ටල් මාලාව, දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නංවන අතරෙහි දෙමව්පියන් හා වන සම්බන්ධයද පණ ගන්වන්නකි. එය සහජීවනයෙන් යුත් ප්‍රගතිශීලී සමාජයක් සඳහා ශක්තිමත් අඩිතාලමකි. Atlas Color Sparx සමගින් දරු පරපුරේ පරිකල්පන ශක්තිය ගොඩනැගීම, ඊළඟ පරපුරේ බුද්ධිමය හා සහකම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම, මෙන්ම සිය මූලයන් සමඟ ගැඹුරින් සම්බන්ධ වන බවටද මෙය සහතිකයකි.  

මෙරට ප්‍රමුඛ පෙළේ මනෝවිද්‍යා උපදේශිකාවක් සහ ජාත්‍යන්තර යහපැවැත්ම පිළිබද උපදේශිකාවක් වන රසිනි බණ්ඩාර මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි. “පරිකල්පනය දරුවාගේ වර්ධනය සම්බන්ධයෙන්, තීරණාත්මක අංගයක්. Atlas Colour Sparx නිර්මාණශීලිත්වය මෙන්ම අධ්‍යාපනය පෝෂණය කිරීම සඳහා ද ගනු ලැබූ මෙම  නව වෑයම, අපේ දූදරුවන් නිවැරදි දිශාවට ගෙන යාමට ගත් අපූරු පියවරක්. එමෙන්ම එය දරුවන්ගේ ඔවුන්ගේ භාෂා සහ සන්නිවේදන කුසලතා පදනම් වුණු ගැටලු විසඳීමේ හැකියාවන් ද ඉහළ නැංවීමට සමත් අතර ඔවුන් සහකම්පනයෙන් හා යහපත් හැඟීම්වලින් පිරි දරුවන් බවට පත් කිරීමටත් හේතු කාරණා වන්නක්. මෙය, දරුවන් ඩිජිටල් උපාංගවලට ඇබ්බැහි වීම අවම කිරීමටද හේතුවක්. ඒ නිසාම, මෙය සෑම අතින්ම දක්ෂ, පරිකල්පන ශක්තියෙන් යුත් හැඟීම්බර බුද්ධිමත් මිනිසුන් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය දෙයක්.”

Atlas Colour Sparx, හරහා සමස්ත දරුවන්ගේම නිර්මාණශීලීත්වය පෝෂණය කරමින් පරිකල්පනය වර්ධනය කරන අධ්‍යාපනික මෙවලම් ලබාදෙමින්, සමස්ත දරුවන්ගේම පරිපූර්ණ වර්ධනයට Atlas සහය දක්වයි. දරුවන්ට සිය නිර්මාණශීලීත්වය පිළිබඳව ගවේෂණය කරමින්, ආත්ම විශ්වාසය ඇතිකර ගනිමින් අන් අය හා ගැඹුරු සබඳතා ගොඩනගා ගැනීමටද මෙය මහෝපකාරී වනවා. ඒ නිසා මෙරට දරු පරපුරේ සමස්ත වර්ධනයේ හා යහ පැවැත්මේ අත්‍යවශ්‍ය සාධකයක් බවට මෙය පත්වෙනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 

 Atlas පිළිබඳව

Atlas යනු, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ආයතන වලින් එකක් වන Atlas Axillia පුද්ගලික සමාගමේ ප්‍රමුඛතම ලිපි ද්‍රව්‍ය සන්නාමයයි. හැට වසරක් පුරා මෙරට ලක්ෂ සංඛ්‍යාත සිසු පිරිසකගේ අධ්‍යාපන කටයුතු ආස්වාදයෙන් යුතුව කරගෙන යාම සඳහා කැපවෙමින්, දැරිය හැකි මිල ගණන්වලට පොත්පත් හා  පාසල් උපකරණ සපයන මෙරට විශාලතම සන්නාමය වන්නේද, ඇට්ලස් සන්නාමයයි. අනාගත පරම්පරාවේ  නිර්මාණශීලී හැකියාවන් ලොවට මුදාහැරීමේ දැක්මෙන් යුතුව කටයුතු කරන සමාගම, එම දැක්මට අනුව, උසස්ම තත්ත්වයේ පරිශීලක හිතකාමී නිෂ්පාදන දැයේ දරු පරපුරට ලබාදීමට කටයුතු කරයි. අධ්‍යයනය ක්‍රියාවලිය පරිපූර්ණ ඉගෙනීමක් බවට පරිවර්තනය කරන් පුළුල් හා විනෝදජනක අධ්‍යාපනික පරිසරයක් Atlas දැයේ සිසු පරපුරට එනයින් නිර්මාණය කරයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply