Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ අලුතෙන්ම හඳුන්වා දෙන, Quiz Master මොබයිල් app, අධ්‍යාපන කඩඉම් ජයගැනීමට සිසු පරපුරට මාහැඟි සවියක් වෙයි.

Share with your friend

වසර 65 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් ලෙසින් නමක් දිනා ඇති Altas, මෙරට දරු දැරියන්ගේ සුවිශේෂී අධ්‍යාපන කඩඉම් ජයගැනීම සඳහා සුවිශාල අත්වැලක් සපයමින්, Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ Quiz Master මොබයිල් app එක හඳුන්වා දෙනු ලැබීය. මෙය ලොව දිනන පහේ හපනුන්ට තම අධ්‍යාපනික ඉලක්ක හඹායාමේදී අන්කවරදාටත් වඩා, සතුටින් ඉගෙන ගනිමින් විභාග සඳහා පෙරහුරුවක් ලබාගැනීමට අවකාශ සලසන මොබයිල් app එකකි.

Quiz Master මොබයිල් app එක පසුගිය අගෝස්තු 15 වැනිදා මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ, පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් ශිෂ්‍යත්ව හපනුන් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව ය. ශ්‍රී ලංකාවේ දරුදැරියන් සඳහා විෂය නිර්දේශය ආවරණය කරන සමාන්‍ය පාඩම් ඇතුළත් මොබයිල් app පැවතියත්, ඔවුන් 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා ක්‍රමානුකූලව සිසුන් සූදානම් කරන apps ඉතා විරලය. එවැනි තත්ත්වයක Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ මෙලෙසින් හඳුන්වා දුන්, Quiz Master මොබයිල් app, මෙරට දරුවන් සඳහා සාර්ථක විභාග පෙරහුරුවක් වන්නේ, එමගින් Al තාක්ෂණය භාවිත කරමින් එක් එක් සිසුන්ගේ ඉගෙනුම් රටාවන් හැඳින ගනිමින්, දරුවන් ශිෂ්‍යත්ව විභාගය සඳහා ක්‍රමානුකූලව සූදානම් කිරීම සිදු කෙරෙන බැවිනි. එමෙන්ම, ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මෙම app එකට හැකියාව පවතින අතර, ශිෂ්‍යත්ව පෙරහුරුව වඩාත් සිත් ඇඳබැඳ ගන්නා ආකාරයෙන් සිදුකිරිමට, දරුවන් සඳහා ගැළපෙනම ක්‍රමවේදයන්ද භාවිත කෙරේ. සිසුන්ට අධ්‍යාපනික හා විභාග අන්තර්ගතයන් ශ්‍රව්‍ය-දෘෂ්‍ය හා චලන මාධ්‍යයන්ගෙන් පිරිනමමින් අධ්‍යාපනික කඩඉම් කරා සිසු දරුදැරියන් ක්‍රමානුකූලව රැගෙන යාම මින් සිදුකෙරෙන අතර, එම අන්තර්ගතයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සිසුන් වෙත ලබාදේ. මෙම app එකෙන්, දෙමව්පියන්ට තම දරුවන්ගේ විභාගය සඳහා දක්වන සූදානම හා තම දරුදැරියන්ගේ ප්‍රතිඵල දැකගත හැකිවීමද, විශේෂත්වයකි.

Atlas World අධ්‍යාපනික වැඩසටහන මගින් දරුවන් සඳහා සාර්ථක අධ්‍යාපනික විසඳුම් පිරිනැමීම අරමුණු කරගනිමින් මෙම අධ්‍යාපනික මොබයිල් app එක හඳුන්වා දෙන්නේ, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ මණ්ඩලයක් මගින් සහතික කිරිමෙන් අනතුරුව බැවින්, මෙය 5 ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව ජය ගැනීමට සිසුන්ට සුවිශාල මාර්ගෝපදේශයක් වනු ඇත. එමෙන්ම, මෙම Self Learning App එක මගින් එක් එක් සිසුන් අධ්‍යාපනය හදාරන ආකාරය හා සිසුන්ගේ කැමැත්ත මත පදනම්ව ඔවුන් සඳහාම ගැළපෙන ප්‍රශ්න රටාවක් ඔස්සේ සිසුන් කඩඉම් විභාග ප්‍රශ්න සඳහා පුහුණු කෙරේ. එමගින් සෑම සිසුවකුටම තමන්ගේ කැමැත්තට සරිලන විභාග පෙරුහුරු අත්දැකිමක් හිමි වන නිසාම, විභාගය දක්වාම ඔවුන්ට එකම ආකාරයේ උනන්දුවකින් ඊට පුහුණු විය හැකි වේ.

Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ අලුතෙන්ම හඳුන්වා දුන් Quiz Master මොබයිල් app එක දැනටමත් Google Play Store හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතී. මේ ඔස්සේ, Atlas World තම සමාජීය මෙහෙවර දියත් කරමින් සතුටින් ඉගෙන ගැනීමටත්, විභාග සඳහා පුහුණු වීමටත් හැකියාව සලසයි. මෙම මොබයිල් app එකෙන් ඕනෑම තැනක සිට දරුවන්ට සිය අධ්‍යාපනික කඩඉම් ජයගැනීමට හැකියාව සැලසේ. ඒ අනුව, සියලු සිසුන් සඳහා අධ්‍යාපනයේ සම අවස්ථා උදා කිරීමේ Altas හි උදාරතර කැපවීමට අනුව, ගුණාත්මක අධ්‍යාපනය සැමට ළඟාකර දීමට මේ ඔස්සේ ප්‍රයත්න දරන අතරම, දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට අවස්ථාව සලසමින් විභාග පීඩනයෙන් ඔවුන් මුදා ගැනීමටද කටයුතු කරයි.


Share with your friend