Dialog සවිබල ගන්වන සයුරු, ධීවරයින් වෙනුවෙන්ම වූ ත්‍රෛභාෂා කාලගුණ නිවේදන සහ අනතුරු ඇඟවීම් සේවාව

Dialog සවිබල ගන්වන සයුරු, ධීවරයින් වෙනුවෙන්ම වූ ත්‍රෛභාෂා කාලගුණ නිවේදන සහ අනතුරු ඇඟවීම් සේවාව

එක් දින ධීවර කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් සැලකිය යුතු පිරිසක්  ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන අතර සාමාන්‍යයෙන් මෙම ධීවරයින්ගේ  ජීවිත ආරක්ෂාව  සහ ආදායම රඳාපවතින්නේ ඒ මොහොතේ මුහුදේ පවතින ස්වභාවය සහ කාලගුණික තත්ත්වය මතයි. මුහුදුබඩ ප්‍රදේශවල ජීවත්වන බොහෝ ධීවරයින්ට  පවතින  කාලගුණික තත්ත්වය හා මුහුදේ ස්වභාවය දැනගැනීමට උපකාරී වන තාක්ෂණික පහසුකම් නොමැති අතර ඉතාම  සුළු පිරිසක්  ඒ සදහා තම ජංගම දුරකථන භාවිතා කරනු ලැබේ. සාමාන්‍යයෙන් ධීවරයින් කාලගුණ අනාවැකි පිළිබඳ තොරතුරු ලබාගන්නේ  රූපවාහිනි, ගුවන්විදුලි ප්‍ර‍වෘත්ති මගින් සහ ධීවර ප්‍රජාව අතර සහ වරාය තුළ සිදුවන සාමාන්‍ය  කතා බහ ඇසුරිනි.  මෙම ධීවරයන්ට කාලගුණය හා සම්බන්ධ තොරතුරුවලින් බහුතරයක්  නිසි වෙලාවට ඔවුන්ට නිවැරදිව සන්නිවේදනය නොවීමෙන් ඔවුන්ගේ ආරක්ෂාවට සහ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇත. එමනිසා කාලගුණ අනාවැකි පිළිබඳ නිවරැදි  තොරතුරු නිසි වේලාවට  ධීවරයින්ට දැනුම්දීම  මගින් ඔවුන්ගේ ජීවනෝපාය මෙන්ම ජීවිතද සුරක්ෂිත කළ හැක.  Dialog සමාගම, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක කරන ලද ‘සයුරු අනතුරු ඇගවීමේ කෙටි පණිවිඩ’ සේවාව (Sayuru Alert Service) මගින් මෙම කාලගුණ වෙනස්වීම මත ධිවරයින්ට සිදුවිය හැකි ජීවිත හා අනෙකුත් හානි අවම කිරීම සදහා  වැඩපිළිවෙලක් සකස්කර ඇත. නිරන්තරයෙන් වෙනස්වන කාලගුණය පිළිබඳව  ධීවරයන්ට භාෂා තුනෙන්ම පණිවිඩ ලබාදෙන මෙම සේවාව සදහා  ඔවුන් සතු ජංගම දුරකථකනය හරහා සම්බන්ධ විය හැක. මෙම සේවාව සදහා ධීවරයින්ට කිසිඳු මුදලක් ගෙවීමට සිදුනොවන අතර සේවාව සක්‍රිය කරගැනීමට තම ජංගම දුරකතනයෙන් 828 ඇමතීම,   ACT ලෙස ටයිප් කොට 828 අංකයට SMS එකක් යැවීම හෝ MyDialog App එක හරහා ද සිදුකළ හැක. සයුරු සේවාව මගින් දවසේ පැය විසිහතර පුරාම  කාලගුණ අනාවැකි  පිළිබද SMS පණිවිඩ ලබාදෙන අතර  අනතුරුදායක  අවස්ථාවලදී  හදිසි   ඇමතුම් සඳහා අවස්ථාද  ලබාදේ. ධීවරයින්ට තමන් කැමති භාෂාවකින් මෙම සේවාව ලබාගත  හැකි අතර ඒ ඒ  මුහුදු ප්‍රදේශවලට  අදාළව  සේවාව ක්‍රියාත්මක වේ.  ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන ධීවර වරාය කේන්ද්‍ර‍කරගනිමින් ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඩයලොග් සමාගම දැනටමත් ක්‍රියාත්මක කරන  “සයුරු රූපවාහිනි” සේවාව මෙම සේවාවේ තවත් ඉදිරි පියවරක් වන අතර, මේ නිසා  ධීවරයින්ට කාලගුණය පිළිබඳව නිවරැදි තොරතුරු නිසි වේලාවට, ඉක්මනින් සැපයීමට හැකිවේ. භාෂා තුනෙන්ම දවසේ පැය 24 පුරාම කාලගුණ අනාවැකි සහ අනතුරු ඇගවීමේ කෙටි පණිවිඩ  සපයන  මෙම සේවාව සදහා ඕනෑම ධීවරයෙකුට විශ්වාසයෙන් යුතුව සහ පහසුවෙන් සම්බන්ධ විය හැක.  ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මධ්‍යස්ථානය  මගින් මෙම සේවාව දුරස්ථව පාලනය  වන අතර හදිසි අවස්ථා වලදී ඒ ඒ ස්ථානවලට අදාළ කඩිනම් අනතුරු ඇගවීම් ද ක්‍රියාත්මක කරනු ලැබේ. 2020 පෙබරවාරි  මස  පළමු සයුරු රූපවාහිනි සේවාව තංගල්ල ධීවර වරාය කේන්ද්‍ර‍ කරගනිමින් ක්‍රියාත්මක කළ අතර, ඉන්පසු තවත් මුහුදුබඩ ප්‍රදේශ  6ක මෙම සේවාව ව්‍යාප්ත කරන ලදී. අටවන හා නවතම Dialog සයුරු රුපවාහිනිය උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිත සහ ජීවනෝපාය සුරක්ෂිත කිරීමේ අරමුණින් පේදුරු තුඩුව ප්‍රදේශය  මූලික කරගනිමින් ස්ථාපිත කර ඇත. Dialog සමාගමේ අනාගත අපේක්ෂාව වන්නේ සියලු ආයතනවල සහාය ඇතිව ධීවරයන් වෙනුවෙන් සයුරු රූපවාහිනි සේවාව  දිවයිනේ සෑම වරාය ආශ්‍රිත ප්‍රදේශ වල  ව්‍යාප්ත කිරීමයි.  ගෝලීය වසංගත තත්ත්වයකින් පීඩා විඳ යළි  ගොඩනැගෙන  අප සමාජය  ආර්ථිකමය වශයෙන් නගාසිටුවීම වෙනුවෙන් ඒ සදහා සේවා සපයන ප්‍ර‍ජාවන් සවිබලගැන්වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එහි එක් පියවරක් ලෙස ජාතික ආර්ථිකයට දායකවන  එක්දින ධීවරයින්ගේ ජීවිතාරක්ෂාව සහතික කිරීම සහ ජීවන තත්ත්වය වර්ධනය කිරීම සදහා  ඩයලොග්  සමාගම  ක්‍රියාත්මක කරන සයුරු රූපවාහිනී (SAYURU  TV)  සහ  සයුරු ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව (Sayuru mobile service) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු නොඅනුමානයි.
2021 CLA විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් සමාගමට සම්මාන ත‍්‍රිත්වයක්

2021 CLA විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් සමාගමට සම්මාන ත‍්‍රිත්වයක්

ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් වීමත් විශිෂ්ට නායකත්ව කුසලතාවන් පෙන්නුම් කරන සමාගමක් ලෙසත් ගෞරවාදරයට ලක්ව ඇති එයාර්ටෙල් ලංකා පසුගියදා කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo.....
පීපල්ස් ලීසිං සමාගමේ ගිරිඋල්ල ශාඛාව වැඩිදියුණු කර නව පරිශ්‍රයක විවෘත කරයි

පීපල්ස් ලීසිං සමාගමේ ගිරිඋල්ල ශාඛාව වැඩිදියුණු කර නව පරිශ්‍රයක විවෘත කරයි

පීපල්ස් ලීසිං සමාගමේ ගිරිඋල්ල ශාඛාව ගිරිඋල්ල කොළඹ පාරේ පිහිටි සමන් විලාසිතා ගොඩනැගිල්ලේ නව ශාඛා පරිශ්‍රයකට පිවිසිම පසුගියදා සිදුවිය. එම ගිරිඋල්ල නව ශාඛාව විවාතකිරිම පීපල්ස් ලීසිං.....
Counterpoint වාර්තාවට අනුව 2022 ප්‍රථම කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට

Counterpoint වාර්තාවට අනුව 2022 ප්‍රථම කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට

2022 ප්‍රථම කාර්තුව තුල චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොල තුල පැවති පහත වැටීමේ ප්‍රවණතාවය හමුවේ වුවද 20% වෙළඳපොල ප්‍රතිශතයක් අත්කර ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට vivo සමත්වී ඇති.....