වෙළෙඳ පරිමාව අනුව ලොව විශාලතම ක්‍රිප්ටො මුදල් හුවමාරුව වන Binance විසින් පත් කරන ලද, රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය, මූල්‍ය, ආර්ථික විද්‍යාව සහ ආයතනික පරිපාලනය යන ක්ෂේත්‍ර සම්බන්ධ කීර්තිමත් විශේෂඥයින් කණ්ඩායමකගෙන් සමන්විත සිය නව ගෝලීය උපදේශක මණ්ඩලය පිළිබඳව පසුගිය දා නිවේදනය කෙරිණි.
![](https://eyeviewsl.com/wp-content/uploads/2022/10/Binance-Announces-Global-Advisory-Board-1024x576.jpeg)
හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික, චීනයේ ඇමරිකානු තානාපති මැක්ස් බවුකස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ගෝලීය උපදේශක මණ්ඩලය පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර දී රැස්විය. එම මණ්ඩලයේ පරමාර්ථය වන්නේ සමස්ත ක්‍රිප්ටෝ කර්මාන්තය වේගයෙන් වර්ධනය වන විට මුහුණ දෙන වඩාත් සංකීර්ණ නියාමන, දේශපාලනික හා සාමාජීය ගැටලු හා ඒවා නිරාකරණය කරගැනීම පිළිබඳව Binance සමාගම වෙත උපදෙස් ලබා දීමයි.
![](https://eyeviewsl.com/wp-content/uploads/2022/10/Binance-Logo-1024x576.png)
Binance නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී චැංග්පෙංග් සාඕ මහතා පැවසුවේ “පසුගිය වසර පහ තුළ Binance සමාගම crypto, blockchain සහ Web3 යන නව සේවාවන් ආශ්‍රිතව ලෝකයේ ඉදිරියෙන් ම සිටිනවා. ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ, අපි සංකීර්ණ ගැටලු රාශියකට මුහුණ දුන්නා. ඒ නිසා ම ක්‍රිප්ටෝ පරිශීලකයින්ට ප්‍රයෝජනවත්, ආරක්ෂිත වගේ ම වේගවත් සේවාවක් නිර්මාණය කිරීමට අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ඒ හරහා නවතම මූල්‍ය හා බ්ලොක්චේන් ප්‍රතිලාභ සමස්ත ලෝකය ම සමඟ බෙදා ගැනීම අපගේ අරමුණයි” යනුවෙනි.
කොරියාවේ හ්‍යුංග් රින් බෑන්ග් මහතා “ක්‍රිප්ටො මුදල් සහ බ්ලොක්චේන් කර්මාන්තය ගෝලීය වශයෙන් නව අදියරකට පිවිසීමත් සමඟ ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ මෙම කර්මාන්තයේ තිරසාරභාවය පිළිබඳව සාකච්ඡා කිරීමට වෙනුවෙන්, Binance සමාගමේ ගෝලීය උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන ඉතාමත් සතුටුයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන කොරියාව සිය දේශීය ක්‍රිප්ටො මුදල් සහ බ්ලොක්චේන් ක්ෂේත්‍රය සැලකිය යුතු මට්ටමින් වර්ධනය කරගැනීමට සමත් වෙලා තිබෙනවා. මගේ වෘත්තීය ජීවිතය පුරාවටම තාක්ෂණයේ වර්ධනය සම්බන්ධ මගේ දැනුම හා අත්දැකීම් තුළින් මෙම ගෝලීය උපදේශක මණ්ඩලය වෙත සේවය කිරීම වෙනුවෙන් මා නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙන් පැවසුවේය.
Crypto, blockchain සහ Web3 යන සේවාවන් මුහුණ දෙන නියාමන සහ අනුකූලතා ගැටලු පිළිබඳව සිය ගෝලීය උපදේශක මණ්ඩලය හරහා අවධානය යොමුකිරීම මගින් Binance සමාගම සමස්තයක් ලෙස මෙම කර්මාන්තයේ තිරසාර වර්ධනය වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙයි.
“අපි සෑම විට ම අපගේ පරිශීලකයින්ට මූලිකත්වය ලබා දෙනවා. එය පසුගිය වසර පහ තුළ අප සමාගම ලබා ඇති වර්ධනයට බෙහෙවින් බලපා තිබෙනවා. ගෝලීය උපදේශක මණ්ඩලය සමඟින්, අපි ලෝකයේ ඕනෑ ම තැනක පවතින විශේෂඥතාවන් වෙත පිවිසෙමින්, සුවිශේෂී සේවාවක් ලබා දීමට කටයුතු කරනවා. Binance සමාගම සහ ගෝලීය උපදේශක මණ්ඩලය අතර පවතින සහයෝගීතාව අප මෙම ක්ෂේත්‍රය වෙත දක්වන අවධානයට ඉතා හොඳ උදාහරණයක්.” යනුවෙන් සාඕ මහතා වැඩි දුරටත් අදහස් දැක්වුවේය.
Binance ගෝලීය උපදේශක මණ්ඩලයෙ හි සාමාජිකයින් වන්නේ Max Baucus (ඇමරිකාව) – හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික, Ibukun Awosika (නයිජීරියාව) නයිජීරියාවේ පළමු බැංකුවේ ප්‍රථම කාන්තා සභාපතිනිය, , HyungRin Bang (කොරියාව) කොරියානු ජනාධිපති කමිටුවේ උපදේශක, Bruno Bezard (ප්‍රංශය) ප්‍රංශ අගමැතිවරයාගේ හිටපු ආර්ථික උපදේශක, Leslie Maasdorp (දකුණු අප්‍රිකාව) ගෝල්ඩ්මන් සැක්ස් හි හිටපු ජාත්‍යන්තර උපදේශක, Henrique de Campos Meirelles (බ්‍රසීලය) බ්‍රසීල මහ බැංකුවේ හිටපු සභාපති, Adalberto Palma (මෙක්සිකෝව) මෙක්සිකෝවේ නාගරික බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, David Plouffe (ඇමරිකාව) ධවල මන්දිරයේ හිටපු ප්‍රචාරක කළමනාකරු සහ ජනාධිපති බරක් ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක, Christin Schäfer (ජර්මනිය) ඩොයිෂ් බැංකුවේ ප්‍රමාණාත්මක විසඳුම් පිළිබඳ හිටපු ගෝලීය ප්‍රධානී, Lord Vaizey (එක්සත් රාජධානිය) හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු සාමි මන්ත්‍රී, David Wright (යුරෝපය) යුරෝපීය කොමිසමේ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යන විශේෂඥ වෘත්තිකයන් වේ.
Binance සමාගම පිළිබඳ
Binance යනු විශාලතම ඩිජිටල් වත්කම් හුවමාරුවක් සහිත මූල්‍ය නිෂ්පාදන කළඹකින් යුත්, ලොව ප්‍රමුඛතම බ්ලොක්චේන් පද්ධතිය සහ ක්‍ර්ප්ටෝ මූල්‍ය පිළිබඳ යටිතල පහසුකම් සපයන්නා ද වේ. ලොව පුරා මිලියන ගණනකගේ විශ්වාසය දිනා සිටින Binance සිය පරිශීලකයින් සඳහා නිදහස් මූල්‍ය සේවාවක් ලබා දීමට කැප වන අතර, වෙළෙඳ හා මූල්‍ය, අධ්‍යාපන, දත්ත හා පර්යේෂණ, සමාජ සුබසාධන, ආයෝජනය හා පුර්ව ලියාපදිංචි තක්සේරුකරණ, විමධ්‍යගත කිරීම් ඇතුළු ක්‍රිප්ටෝ නිෂ්පාදන හා සේවා ආදී පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් සේවා සපයයි. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.binance.com