British Council IELTS වෙතින් ‘One Skill Retake’ 

Share with your friend

IELTS පරීක්ෂණයේ එක් කොටසකට පමණක් නැවත පෙනී සිටීමේ අවස්ථාව 

British Council IELTS පරීක්ෂණයට පෙනී සිටින පළමු අවස්ථාවේදී තමන් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබාගැනීමට අසමත් වන අයදුම්කරුවන් මින් ඉදිරියට සමස්ත පරීක්ෂණයටම නැවත වරක් පෙනී සිටීම අවශ්‍ය නොවේ. ඒ, British Council IELTS විසින් පසුගියදා හඳුන්වා දෙන ලද ‘One Skill Retake’ නම් සුවිශේෂී පහසුකම හේතුවෙනි. මෙමගින් අයදුම්කරුවන්ට IELTS  පරීක්ෂණයේ සවන් දීම, කියවීම, ලිවීම සහ කථනය යන කොටස් අතරින් එක් කොටසකට පමණක් නැවත පෙනී සිටිය හැකි වේ. 

මෙහිදී පරීක්ෂණයේ ස්වභාවය සහ අයදුම්කරුවන්ට ලැබෙන කාලවේලාව සාමාන්‍ය IELTS පරීක්ෂණයකට සමාන ය. එහෙත් ‘One Skill Retake’ යටතේ පරීක්ෂණයේ තමන්ට අවශ්‍ය කොටසට පමණක් පෙනී සිටිය හැකි නිසා ඔවුන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි වේ. 

British Council හි IELTS අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකෙන්සී මහතා පැවසුවේ, ‘One Skill Retake’ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ IELTS පරීක්ෂණයට පෙනී සිටි පුද්ගලයන්ගේ අදහස් හා ප්‍රතිචාරවලට සවන් දීමෙන් අනතුරුව බවයි. “නිවැරදි ආකාරයට පරීක්ෂණයට සූදානම් වන්නේ නම් සහ නිසි මගපෙන්වීමක් ලැබෙන්නේ නම් අයදුම්කරුවන්ට IELTS පරීක්ෂණයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත හැකියි. එහෙත්, ප්‍රතිඵලවල කිසියම් කොටසකින් තම ඉංග්‍රීසි භාෂා හැකියාවන් නිවැරදිව නිරූපණය නොවන බව කෙනෙකුට සිතෙන්නේ නම්, ‘One Skill Retake’ ක්‍රමය යටතේ දැන් ඔවුන්ට එම කොටසට පමණක් නැවත පෙනී සිටීමට පුළුවන්. මෙමගින් පරීක්ෂණයේ සාධාරණත්වය ඉහළ යන බව අප විශ්වාස කරනවා.” ඇන්ඩෘ මැකෙන්සී මහතා පැවසී ය. 

“අයදුම්කරුවන්ගේ සුදුසුකම්වල ගුණාත්මකභාවයට බලපෑමක් ඇති නොවන ආකාරයට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමේ නිදහස ලබාදීමට, IELTS ‘One Skill Retake’ පිළිගන්නා ආයතනවලට හැකියාව තිබෙනවා. අයදුම්කරුවන්ට තම හැකියාවන්ගේ උපරිමය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්.”  ඇන්ඩෘ මැකෙන්සී මහතා වැඩිදුරටත් පැවසී ය.

IELTS ‘One Skill Retake’ ක්‍රමවේදය භාවිතා කරන අයදුම්කරුවන්ට, විදේශගත වීම සහ උසස් අධ්‍යාපන කටයුතු ආදිය සඳහා ඉදිරිපත් කිරීමට දෙවැනි ප්‍රතිඵල වාර්තාවක් හිමි වේ. ලැබෙන ප්‍රතිඵල අනුව, මෙම වාර්තා දෙකෙන් තමන් කැමති වාර්තාව භාවිතා කිරීමේ නිදහස අයදුම්කරුවන් සතු ය. පළමු වර පරීක්ෂණයට පෙනී සිටි දිනයේ සිට දින 60 ක් ඇතුළත IELTS ‘One Skill Retake’ සඳහා අවස්ථාවක් වෙන්කරවාගත හැකි වේ. 

“ශ්‍රී ලංකාවේ IELTS අයදුම්කරුවන්ට තමන් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබාගැනීමට අත්වැලක් වීම අපගේ අරමුණ වී තිබෙනවා. ප්‍රධාන පෙළේ පරීක්ෂණ අතරින් මෙම නව විකල්පය ලබාදෙන එකම පරීක්ෂණය වන්නේ IELTS පරීක්ෂණයයි. මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්.” ශ්‍රී ලංකාවේ British Council අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය. 

වැඩිදුර තොරතුරු සඳහා IELTS One Skill Retake පිටුවට පිවිසෙන්න.

British Council IELTS පිළිබඳව 

International English Language Testing System (IELTS) යනු උසස් අධ්‍යාපනය සහ විදේශ සංක්‍රමණය සඳහා ලොව ජනප්‍රියම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණය ලෙස සැලකේ. අධ්‍යාපන ආයතන, සේවායෝජකයන්, රජයන් සහ වෘත්තීය සංවිධාන ඇතුළුව ලොව සමාගම්, ආයතන හා සංවිධාන 11,5000 කට අධික සංඛ්‍යාවක් IELTS කෙරෙහි විශ්වාසය තබා ඇත. 

British Council, IDP: IELTS Australia සහ Cambridge Assessment English යන ආයතන IELTS හි සම-හිමිකාරීත්වය දරයි. IELTS පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.ielts.org


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply