Bybit, Master Trading Academy සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මූල්‍ය දැනුම වර්ධනය කරයි

Share with your friend

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ක්‍රිප්ටෝ අධ්‍යාපන සහ ට්‍රේඩින් ප්‍රජාවක් වන Master Trading Academy (MTA) සමඟ එක්ව නව අධ්‍යාපනික වැඩසටහනක් හඳුන්වා දී ඇත. 2025 නොවැම්බර් 17 දක්වා අයදුම්පත් භාර ගන්නා මෙම වැඩසටහන, MTA පාඨමාලා වලින් තෝරාගත් සිසුන්ට ප්‍රතිලාභ ලබාදෙන ක්‍රිප්ටෝ ට්‍රේඩින් මූලධර්ම, ප්‍රායෝගික දැනුම හා මෙවලම්, සහ අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයින් බ්ලොක්චේන් පිළිබඳ දැනුවත්කිරීම සහ ඔවුන්ට විශේෂඥ දැනුම බෙදා දීමේ අරමුණින් Bybit සහ MTA එක්ව මෙම සහයෝගීතාවය ගොඩනගා ඇත. මේ යටතේ සිසුන් 120 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සවියක් වෙමින්, එක් පාඨමාලාවක් සඳහා USDT 120ක් දක්වා වන ගාස්තුවක් නොමිලේ ලබා දීමට Bybit කැපවී සිටී. 

සුවිශේෂී Cryptocurrency Trading & Market Analyst Mastery ඩිප්ලෝමා වැඩසටහන මඟින් බ්ලොක්චේන් තාක්ෂණයේ ප්‍රධාන සංකල්ප, මූල්‍ය වෙළෙඳපොළ මූලික කරුණු, පර්යේෂණ සහ විශ්ලේෂණ කුසලතා, සහ ට්‍රේඩින් වේදිකාවල ප්‍රායෝගික දැනුම පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරයි. මෙම වැඩසටහන තාක්ෂණික විශ්ලේෂණය, ට්‍රේඩින් මනෝවිද්‍යා මූලධර්ම සමඟ ඒකාබද්ධ කරමින්, නවක මෙන්ම පළපුරුදු ට්‍රේඩර්වරුන් සඳහා සම්පූර්ණ රාමුවක් ඉදිරිපත් කරයි.

වැඩසටහනේ විශේෂාංග

  • ගුණාත්මකභාවය සහතික කිරීම: MTA ඉගෙනුම් ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන, මෙරටට ගැළපෙන අයුරින් සකස් කර ඇති මෙම වැඩසටහන මඟින් බ්ලොක්චේන්, ක්‍රිප්ටෝ මුදල්, ට්‍රේඩින් සහ වෘත්තීය වත්කම් ආරක්ෂාව පිළිබඳ මූලික කරුණු වල සිට විශේෂඥ දැනුම දක්වා වන ප්‍රධාන මාතෘකා ආවරණය කරනු ඇත.
  • කුසලතා වැඩි දියුණු කිරීම සහ සහතික කිරීම: MTA පාඨමාලා සැලසුම් කර ඇත්තේ සැබෑ ට්‍රේඩින් අවස්ථා පිළිබඳව ප්‍රායෝගික සහ ක්‍රියාකාරී අවබෝධයක් ලබා දීමට සහ සිසුන්ට ඔවුන්ගේ දැනුම සහ පර්යේෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහායි. මෙම පාඨමාලා සඳහා ඇතුලත්වීමේ සුදුසුකම් සපුරාලිය යුතු වන අතර පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු සිසුන්ට සහතිකපතක් හිමිවනු ඇත. Bybit හි සහාය ඇතිව පවත්වන මෙම සුවිශේෂී MTA පාඨමාලාව, වඩාත් සංකීර්ණ වෙමින් පවතින වෙළඳපොළක් තුළ ට්‍රේඩර්වරුන්ට වර්ධනය වීමට සහ සාර්ථක වීමට අවශ්‍ය සහය ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇත
  • නම්‍යශීලී ප්‍රවේශය: සහභාගිවන්නන්ට Zoom ඔස්සේ පවත්වන සජීවී මාර්ගගත/ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ විය හැකි අතර මාස හයක් දක්වා ඔවුන්ට අවශ්‍ය ඕනෑම වේලාවක පටිගත කළ පාඩම් නැරඹිය හැකිය. 

පාඨමාලාව පිළිබඳ තොරතුරු

මෙම පාඨමාලාව කණ්ඩායම් තුනක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පළමු කණ්ඩායම 2025 නොවැම්බර් 20, දෙවන කණ්ඩායම 2025 දෙසැම්බර් 23 සහ තුන්වන කණ්ඩායම 2026 ජනවාරි 21 යන දිනයන්හි ආරම්භ කිරීමට නියමිතයි.

  • කාලසීමාව: සතියකට පැය 7ක් බැගින් මාස 3ක් පුරාවට පන්ති පැවැත්වේ.
  • සිසුන් ගණන: එක් කණ්ඩායමක් සඳහා සිසුන් 40කි. 

Bybit හි කලාපීය කළමනාකරු වන Nazar Tymoshchuk මහතා අදහස් දක්වමින්, “Bybit සහ MTA ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කඳවුරක් සහ තරඟයක් සාර්ථකව පවත්වා අවසන් කළා පමණයි. ක්‍රිප්ටෝ අධ්‍යාපනය සඳහා වූ Bybit x MTA සහයෝගීතාවය අපගේ අඛණ්ඩ හවුල්කාරිත්වයේ ආරම්භය සනිටුහන් කරනවා. නැගී එන ඩිජිටල් ආර්ථිකය තුළ වෘත්තියක් ගොඩනගා ගැනීමට හෝ ඒ පිළිබඳ වැඩිදුර ඉගෙනීමට, ක්‍රිප්ටෝ පිළිබඳ අධ්‍යාපනය සහ සම්පත් වැඩි පිරිසකට ලබා ගත හැකි විය යුතු යැයි අපි විශ්වාස කරනවා වගේම මෙම නව මුලපිරීම හරහා එය යථාර්ථයක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

“MTA ආයතනය දැනටමත් ශ්‍රී ලංකාව තුළ සැසි 100කට වැඩි ප්‍රමාණයක් හරහා සිසුන් 1,500කට අධික සංඛ්‍යාවකට දැනුම බෙදා දී ඇති අතර 20,000කට අධික සාමාජිකයින්ගෙන් යුත් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනගා ඇත. Bybit සමඟ ඇති මෙම හවුල්කාරිත්වය හරහා, අපගේ අනාගත සිසුන්ට නවතම ක්‍රිප්ටෝ ප්‍රවණතා ඉගෙන ගැනීමට, ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට සහ Bybit ජාලය හරහා ගෝලීය ක්‍රිප්ටෝ ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙයි.” MTA හි අධ්‍යක්ෂ සහ ආයෝජන උපදේශක ගයාන් අබේරත්න මහතා පැවසීය.

මෙම වැඩසටහන සඳහා යම් කොන්දේසි සහ නීති රීති අදාළ වේ. සියලු දෙනාටම සාධාරණ අවස්ථාවක් ලැබෙන බව සහතික කිරීම සඳහා අයදුම්කරුවන් සුදුසුකම් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියකට භාජනය විය හැකිය. උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම සබැඳිය භාවිතයෙන් ලියාපදිංචි වී වැඩිදුර තොරතුරු ලබාගත හැක. 

#Bybit / #TheCryptoArk 


Share with your friend