Capral Aluminium  ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තයට  හඳුන්වා දෙමින් Alumex PLC විසින් නිර්මාණකරණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වසනීය ආයතනයක් වන Alumex PLC විසින්  ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මෙම දියත් කිරීම ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙඳපලට හඳුන්වාදීම සනිටුහන් වේ.මෙම Capral සහ Alumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂී නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය කර අලෙවි කිරීමට අවසරය ලබාදෙනු ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා , Alumex PLC හි විධායක අධ්‍යක්ෂ සරත් ගනේගොඩ මහතා සහ Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල යන මහත්වරුන් සහභාගී විය. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් ශිල්පීන්, ඇඟලුම් නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් ඇතුළු තවත් ආරාධිතයන් රැසක් ද මෙම අවස්ථාවට එක් වී සිටියහ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ නිර්මාණ අංශ සඳහා ගෝලීය මට්ටමේ ඇලුමිනියම් විසඳුම් මෙම සහයෝගීතාවය ඔස්සේ හඳුන්වා දෙන අතර  නව්‍ය සහ තිරසාර නිෂ්පාදන හඳුන්වා දීම ඔස්සේ දේශීය ආර්ථිකයේ අභිවෘද්ධිය සවිමත් කිරීම වෙනුවෙන් Alumex PLC දක්වන කැපවීමද මේ තුළින් මැනවින් ප්‍රදර්ශනය වේ.

උසස් ගෘහ නිර්මාණ කටයුතු සඳහා වඩාත් ගැළපෙන ඇලුමිනියම් පද්ධති පිළිබඳ  සුප්‍රසිද්ධ Capral Aluminium හි ‘Urban’ පරාසය නාගරික ගෘහ නිර්මාණ ශිල්පය සඳහා වර්තමානයේ පවතින ඉල්ලුම සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇත. අලංකාර මෝස්තර, දිගු කල්පැවැත්ම සහ බලශක්ති කාර්යක්ෂමතාවය සඳහා මෙම Capral Aluminium සන්නාමය කදිම විසඳුමක් වේ. ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් ශිල්පීන් මෙන්ම  නිවාස හිමියන් ඇතුළු සියලුම දෙනාට මේ ඔස්සේ ආකර්ෂණීය බව සහ කල්පැවැත්ම සහතික කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ පැවසුවේය. “ දේශීය ඇලුමිනියම් කර්මාන්තය තුළ විශාල පෙරළියක් මෙම හවුල්කාරිත්වය ඔස්සේ ඇති කරනවා.අන්තර්ජාතික වශයෙන් පිළිගත් Capralහි නවෝත්පාදනයන් Alumex PLC  හි දේශීය නිෂ්පාදන විශේෂඥතාව සමඟ ඒකාබද්ධ කිරීම ඔස්සේ  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විසඳුම් පිරිනැමීමට අවකාශය උදා කරමින් මෙරට වෙළෙඳපලේ අද්විතීය අවශ්‍යතා සපුරනවා. මෙය අපගේ කර්මාන්තය  වඩාත් තිරසාර  අනාගතයක් කරා රැගෙන යන නිර්භීත පියවරක්.”

මෙම දියත් කිරිම යටතේ , Capral කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදකයන් සඳහා Alumex පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණු සැසි පවත්වමින් Capral හි අති නවීන පද්ධති සමඟ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම ඔවුන් වෙත ලබාදීමද සිදුකෙරේ. දේශීය ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් කර්මාන්තයේ ශිල්පීය ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම මෙම සැසිවල මූලික අරමුණ වේ. තිරසාර ඉලක්ක සමඟ නිෂ්පාදන පෙළගැස්වීම , බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම සහ පාරිසරික වශයෙන් වගකීම් සහගතව ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සහාය වීම පිළිබඳව Capral නිෂ්පාදන වඩාත් ප්‍රචලිතය.


Share with your friend