- CEAT සමාගම සිය මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදනය පුළුල් කරමින් Michelin සමූහයට අයත් මිදිගම කර්මාන්තශාලාව සහ කොටුගොඩ වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාව ඇතුළු CAMSO Construction Compact Line ව්‍යාපාරය මිලදී ගනියි.
- CAMSO සතු යුරෝපා සහ උතුරු අමෙරිකානු වෙළෙඳපොළ සමඟින් නව අපනයන වෙළෙඳපොලවල් 40කට වැඩි ප්‍රමාණයකට පිවිසෙමින් මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වීමේ තම දැක්මට ළඟාවීමට CEAT සමත්වෙයි.
- CEAT සමාගම, ඉදිරි වසර තුනේදී ශ්‍රී ලංකාව තුළ අමෙරිකානු ඩොලර් මිලියන 171ක ආයෝජනයක් සහ නව රැකියා 1,483ක් සුරක්ෂිත කරමින් ගෝලීය මට්ටමේ මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව ඉහළට ඔසවාතැබීමට සැලසුම් කරයි.

රථවාහන ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන CEAT සමාගම, Michelin සමූහයට අයත් මිදිගම කර්මාන්තශාලාව සහ කොටුගොඩ වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාව පිහිටි CAMSO Construction Compact Line ව්‍යාපාරය අත්පත්කරගැනීම පසුගියදා නිවේදනය කළේය. මෙම ආයෝජනයත් සමඟ CAMSO සන්නාමයේ හිමිකාරීත්වය ද CEAT සමාගම සතුවේ. වසර තුනක ව්‍යාපාර පැවරීමේ කාලසීමාව තුළදී CAMSO හි සියලු මෙහෙයුම් අංශ පූර්ණ වශයෙන් CEAT සමාගමට හිමිවනු ඇත.
මෙසේ CAMSO සන්නාමය හිමිකරගැනීම, CEAT සමාගමේ දිගුකාලීන දැක්මෙහි සහ මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදන වැඩසටහනෙහි කැපීපෙනෙන සන්ධිස්ථානයකි. පසුගිය දශකයකට අධික කාලය තුළ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ප්‍රබල තැනක් අත්පත්කරගැනීමට CEAT සමාගමට හැකිවූ අතර මෙම නව ආයෝජනයක් සමඟින් විදෙස් රටවල් 40කට වැඩි ප්‍රමාණයකට නිෂ්පාදන අපනයනය කරමින් මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) සඳහා ජාත්‍යන්තර නිෂ්පාදන බෙදාහරින්නෙකු ලෙස ඉදිරියට පැමිණීමට ද අවස්ථාව උදාවනු ඇත. ඊට සමගාමීව Michelin සමූහය ඉදිරියේදී compact line සහ ඉදිකිරීම් කර්මාන්ත අංශයට අවශ්‍ය ටයර් නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරවනු ඇත.
″පළමුවෙන්ම, ශ්‍රී ලංකාව තුළ සිදුකරන මෙම ආයෝජනය වෙනුවෙන් CEAT සමාගමට සුබපැතුම් එක්කිරීමට මා කැමතියි. මෑතකාලීනව ශ්‍රී ලංකාවේ දැවැන්තම ඍජු විදේශ ආයෝජන හවුල්කරු ලෙස ඉන්දියාව පෙරට පැමිණ තිබෙනවා. එම ප්‍රවණතාව තවදුරටත් ඉදිරියට යනු දැකීම මට මහත් සතුටක්. දෙරට අතර මෙම ආයෝජන හවුල්කාරීත්වය වෙනුවෙන් දෙරටෙහිම නායකත්වයෙන්ද විශාල පිටුවහලක් හිමිවෙනවා. දෙරටෙහිම ජනතාවට සමෘද්ධිමත් අනාගතයක් බිහිකිරීමේ දැක්ම ඒ පිටුපස තිබෙනවා. මෙසේ ඉන්දියානු පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමත් සමඟ දෙරටෙහි ආර්ථික සහ වාණිජ සබඳතාව වඩාත් ශක්තිමත් වනු ඇති බව මට විශ්වාසයි″, යනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරික් සන්තෝෂ් ජා මහතා පැවසුවේය.
″ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් compact construction equipment ව්‍යාපාර අත්පත්කරගැනීම තුළින් මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වීමේ සිය දිගුකාලීන දැක්ම සාක්ෂාත් කරගැනීමට CEAT සමාගමට ඉඩලැබේ. ඉදිරියටත් එවැනි තිරසාර වර්ධනයක් ඇති කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු″, යනුවෙන් CEAT Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අර්නබ් බැනර්ජි ප්‍රකාශ කළේය.
″CAMSO නිෂ්පාදන ක්‍රියාවලිය හිමිකරගැනීමත් සමඟ අපගේ ව්‍යාපාර ගමන්මඟ දැවැන්ත පරිවර්තනයකට ලක්වේ. අපේ ප්‍රධාන අරමුණ වන්නේ සියුම් ව්‍යාපාර වෙනසක් සමඟින් ඉහළ පාරිභෝගික තෘප්තියක් ළඟාකරගන්නා අතරතුර ශ්‍රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් ඉහළ නැංවීමයි″, යනුවෙන් CEAT Specialty ප්‍රධාන විධාවක නිලධාරී අමිත් තොලානි පැවසුවේය.
CEAT සමාගම ( www.ceat.com) ගැන…
RPG සමූහයට අයත්න CEAT, මගී මෝටර් රථ, ද්වි රෝද රථ, ට්‍රක් රථ සහ බස් රථ, සැහැල්ලු වාණිජ සහ අධිවේගී මාර්ගයෙන් පිටත භාවිතයට ටයර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ ප්‍රමුඛතම ටයර් සමාගම් වලින් එකකි. එය ප්‍රමුඛ පෙළේ OEMs මෙන්ම දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළවල් සඳහා සේවය සපයන අතර රටවල් 110+කට අපනයනය සිදුකරයි. ඉන්දියාවේ ප්‍රමුඛ ගෝලීය ටයර් සන්නාමයක් වන CEAT සමස්ත තත්ත්ව කළමනාකරණය සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් Deming Grand ත්‍යාගය දිනාගත් ලොව ප්‍රථම ටයර් සන්නාමය වන අතර එම සන්නාමය දිනාගත් ලෝකයේ සමාගම් 33න් එකකි සමාගම් 33න් එකකි. ලෝක ආර්ථික සංසදය විසින් කර්මාන්ත 4.0 තාක්ෂණයන් අනුගමනය කිරීම සඳහා ‘Lighthouse Designation’ සම්මානයෙන් පිදුම් ලැබූ ලොව පළමු ටයර් සන්නාමය ද CEAT වේ.
RPG Enterprises (www.rpggroup.com) පිළිබඳව…
වර්ෂ 1979දී ඉන්දියාවේ දැවැන්ත කර්මාන්ත නායකයෙකු ලෙස ප්‍රකට ආචාර්ය ආර්.පී. ගොයෙන්කා විසින් ආරම්භ කරන ලද RPG Enterprises යනු වර්තමානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 5.2කට වැඩි වත්කමකින් යුත් විවිධාංගීකරණ ආයතන සමූහයකි. රටවල් 135කට වැඩි ප්‍රමාණයක යටිතල පහසුකම්, ටයර් නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, ඖෂධ, බලශක්ති විසඳුම් සහ වැවිලි කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට RPG Enterprises විහිදී ඇත. RPG සමූහයට අනුබද්ධිත ප්‍රමුඛතම සමාගම් අතර CEAT, KEC International, Zensar Technologies, RPG Life Sciences, Raychem RPG, Harrisons Malayalam සහ Spencer International Hotels ආදිය ඇතුළත් වේ. විවිධ ජාතීන් 40කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන සමූහයට අනුබද්ධිත මුළු සේවක පිරිස 35,000කට අධික ය. සේවකයින්ට සහ සහ පරිසරයට ඉහළ වටිනාකමක් පිරිනමන උසස් ප්‍රමිතීන්ගෙන් යුත් ආයතන සමූහයක් ලෙස ද RPG Enterprises ප්‍රසිද්ධියක් උසුළයි.