Coca-Cola Sri Lanka හි ‘Adopt A Beach’ වැඩසටහන තුන්වන වසරටත් සාර්ථකව කි‍්‍රයාත්මක කරයි

Share with your friend

මාධ්‍ය සහෘදයින් හා තරුණ ස්වේච්ඡා සේවකයින් සමඟ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සමරයි

Coca-Cola Sri Lanka Ltd, ජයග‍්‍රාහී තෙවැනි වසරටත් ‘Adopt A Beach’ වැඩසටහන කි‍්‍රයාත්මක කරමින් ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ සිය මෙහෙවර සාඩම්බරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් 16 වන දින ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් සාර්ථකව කි‍්‍රයාත්මක විය.

ක්‍රෝ අයිලන්ඞ් (Crow Island Beach) වෙරළෙ හිදී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ සැසියක් පැවති අතර මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පළාත් පාලන අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව, පරිසර පොලිස් කොට්ඨාසය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ ක්‍රෝ අයිලන්ඞ් වෙරළ කළමනාකරණ සමිතිය නියෝජනය කරමින් සහභාගී වූවන් වැඩසටහනට දක්වන ලද සහයෝගය වෙනුවෙන් කෘතඥ පූර්වක විය.  

මීට අමතරව, විශේෂයෙන් මාධ්‍ය සහෘදයින් සහ ස්වේච්ඡා ක්ෂේත‍්‍ර හරහා පිරිසිදු ආරක්ෂිත වෙරළබඩ කලාප ගොඩනැගීමට අපේ රටේ තරුණ තරුණියන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, මෙම අවස්ථාවට මාධ්‍ය ආයතනවල තරුණ තරුණයින් සහ තරුණ ස්වේච්ඡා සේවකයින් කණ්ඩායමක් ද සහභාගී කරවා ගත්හ. Clean Ocean Force, සාගර විශ්වවිද්‍යාලයේ Clean Ocean Force Youth Club, මීගමුව Clean Ocean Force Youth Club, Rotaract Club Colombo Regent, Shri Vimukthi Youth Association, ජාත්‍යන්තර පාසල්වල තරුණ දරුවන් සහ Adfactors Public Relations Lanka හි තරුණ තරුණියන් මෙම අවස්ථාවට සහභාගී විය. 

Clean Ocean Force (COF) සමඟ එක්ව ආරම්භ කරන ලද “Adopt A Beach” වැඩසටහන ශ‍්‍රී ලංකාවේ වෙරළ පිරිසිදු කිරීමේ මුලපිරීම්වල නව සන්ධිස්ථානවක් සනිටුහන් කර ඇත. පළාත් පාලන අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ආර්ථික ප‍්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පාරිසරික කටයුතු, ජල සම්පාදන හා ජලාපවහන, බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යංශය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, ශ‍්‍රී ලංකා පොලිස් පරිසර අංශය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, කොළඹ මහ නගර සභාව, සමෘද්ධි අධිකාරිය සහ ක්‍රෝ අයිලන්ඞ් කළමනාකරණ සහ වෙරළ සමිතිය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් ක්‍රෝ අයිලන්ඞ් වෙරළ පිරිසිදු කිරීමට සහ නඩත්තු කිරීමට Coca-Cola Sri Lanka අනුග‍්‍රහය දක්වයි. 

දෛනිකව පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල කලින් කලට පිරිසිදු කරනවාට වඩා වඩාත් ඵලදායී වන අතර මෙම වැඩපිළිවෙල ආණ්ඩුකාර කාර්යාලය සහ කාර්ය සාධක බලකාය විසින් අධීක්ෂණය කරනු ලබයි. මෙම මුලපිරීම තුළින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට පමණක් බලාපොරොත්තු නොවන අතර විශේෂයෙන් මෙහිදී කසළ එකතු කිරීම හරහා විකල්ප ආදායම් මාර්ගයක් නිර්මාණය කරමින් අඩු ආදායම්ලාභී සහ අඩු වරප‍්‍රසාදලත් ප‍්‍රජාවන් නඟා සිටුවීම කෙරෙහි ද අවධානය යොමු කරයි. මෙම ව්‍යාපෘතිය ආර්ථිකමය වශයෙන් දුෂ්කර පවුල් රැසකගේ ජීවිතවලට ඉතා සුබවාදී බලපෑමක් ඇති කර තිබෙන අතර පාරිසරික සංරක්ෂණයට මෙන්ම සමාජ ප‍්‍රගතිය යන දෙඅංශයටම වඩාත් වැදගත් වෙයි. ආයතනයක් මූලිකත්වය ගැනීමෙන් ශ‍්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණය සඳහා තිරසාර කැපවීමකින් කටයුතු කළ පළමු අවස්ථාව ද මෙයයි.

Coca-Cola ශී‍්‍ර ලංකා සහ මාලදිවයිනෙහි කළමනාකාර අධ්‍යක්ෂ පන්කජ් සිංහා මහතා, Clean Ocean Force සහ මෙම මුලපිරීම වෙනුවෙන් සහය වූ රජයේ ආයතන වෙත සිය කෘතඥතාව පළ කළේය. ”අපගේ වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීමට Coca-Cola හි කැපවීම නොවෙනස්ව පවතිනවා. අඛණ්ඩව තුන්වන වසරටත් අපගේ ‘Adopt A Beach’ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම පිරිසිදු සහ වඩාත් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීම පිළිබඳ සාක්ෂි සපයනවා. Clean Ocean Force සමඟ අපගේ හවුල්කාරිත්වය හරිත හෙටක් වෙනුවෙන් වූ අපගේ උත්සහයට ශක්තියක් වන අතර පිරිසිදු වෙරළ තීරයක් නිර්මාණය සඳහා වූ දැක්ම යථාර්තවත් කර ගැනීමට යන ගමන වෙනුවෙන් නායකත්වය දීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා.” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කළේය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply