කවුරුත් පාහේ ඉමහත් සතුටින් හා උද්දාමයෙන් යුතුව උත්සව සමයට සැරසෙන මේ මොහොතේ නත්තල වෙනුවෙන් ‘12.12 Grand Christmas Sale’ වැඩසටහන ක්‍රියාවට නැංවීම Daraz Sri Lanka මේ වනවිට සැලසුම් කර තිබේ. මෙය පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සමගින් සම කළ නොහැකි ඉතුරුම් හා දීමනා පිරිනමන සුවිශේෂී වැඩසටහනකි. කාණ්ඩ රැසක් සඳහා සුවිශේෂී වට්ටම්, 80% ක් දක්වා ‘Flash Sales’ දීමනා සහ නොමිලේ ඩිලිවරි පහසුකම් ඇතුළු වාසි රැසක් සමගින් මෙවර නත්තල සැබැවින්ම ප්‍රීතිමත් නත්තලක් බවට පත්කිරීමට Daraz Sri Lanka සූදානමින් සිටී.
දෙසැම්බර් 12 සිට 18 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී තමන් මෙන්ම තම ආදරණීයයන් වෙනුවෙන් විවිධ භාණ්ඩ සිත් සේ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. වට්ටම් හා දීමනා, රු, මිලියන 50 ක වටිනාකමකින් යුත් සුවිශේෂී වවුචර් සහ භාණ්ඩ රැසක් සඳහා නොමිලේ ඩිලිවරි සේවා ආදිය පිරිනමන 12.12 Grand Christmas Sale වැඩසටහන පාරිභෝගිකයන්ට අමතක නොවන අත්දැකීමක් වනු නිසැක ය. එමෙන්ම විශේෂ බැංකු වට්ටම්, Koko මගින් ලබාදෙන Buy Now Pay Later (BNPL) වැනි පහසු ගෙවීමේ ක්‍රම සහ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) වැනි ප්රතිලාභ පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා Daraz මේ වනවිට ප්‍රධාන පෙළේ ආයතන රැසක් සමග අත්වැල් බැඳගෙන සිටී.
12.12 Grand Christmas Sale වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, විලාසිතා, සෞඛ්‍ය, රූපලාවණ්‍ය සහ මාතෘ හා ළමා නිෂ්පාදන වැනි කාණ්ඩ රැසක් යටතේ සුවිශේෂී වට්ටම් හිමි වනු ඇත. මේ ඔස්සේ පාරිභෝගිකයන්ට උත්සව සමයේ සතුට ළඟා කරදෙන අතරම ඔවුන්ට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාගැනීමට අවස්ථාව සලසා දීම Daraz හි අරමුණ වී තිබේ. මෙය නත්තල් සමයේ පමණක් නොව තම එදිනෙදා ජීවිතයේ මතුවන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කාටත් ලැබෙන මහඟු අවස්ථාවකි. කෙටි කාලයක් සඳහා විශාල වට්ටම් පිරිනමන, පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය Flash Sales වැනි ප්‍රවර්ධන වැඩසටහන් නිසා මෙය වඩාත් තෘප්තිමත් අත්දැකීමක් බවට පත්වනු නිසැක ය.
12.12 Grand Christmas Sale යනු පාරිභෝගිකයන්ට පමණක් නොව මෙරට විකුණුම්කරුවන්ට සහ ව්‍යවසායකයන්ටද වාසි රැසක් හිමි වන වැඩසටහනකි. මෙමගින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ විද්‍යුත් වාණිජ පදනමක් හරහා පෙර නොවූවිරූ තරම් විශාල පාරිභෝගික පිරිසක් වෙත ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම Daraz හඳුන්වා දී ඇති අලෙවිකරණ වැඩසටහන් සහ ‘Daraz Marketing Solutions’ වැනි ඉහළ මට්ටමේ ප්‍රවර්ධන මෙවලම් භාවිතා කිරීම මගින් තම අලෙවිය තවදුරටත් වැඩිකර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.
“තවත් වසරක අවසානය වෙත අප පැමිණ සිටින මේ මොහොතේ, අපගේ පාරිභෝගිකයන්ට සුවිශේෂී දීමනා සමගින් උත්සව සමයේ සාප්පු සවාරියේ සතුට නොඅඩුව තිළිණ කරන 12.12 Grand Christmas Sale වැඩසටහන ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ ඉලක්කය වන්නේ පාරිභෝගිකයන්ට හොඳම දීමනා සමගින් අඩුම මිලට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන අතරම විකිණුම්කරුවන්ට ඉහළම ආදායමක් ලබාගැනීමට හැකි වන ආකාරයට, දෙපාර්ශ්වයටම වාසි සැලසෙන පසුබිමක් නිර්මාණය කිරීමයි. මෙම වැඩසටහන, විද්‍යුත් වාණිජ සේවාවන් ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්කිරීම සඳහා අප දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Daraz Sri Lanka කළමනාකාර අධ්යක්ෂ එසාන් සායා මහතා පැවසී ය.
මෑතකදී Daraz විසින් ක්‍රියාවට නංවන ලද 11.11 වැඩසටහන අතිශයින් සාර්ථක වූ අතර, එය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන් වෙනස් වීම සම්බන්ධ මනා උදාහරණයක් විය. මේ වනවිට පහසුව, විවිධත්වය හා ලාභාදයීත්වය වැනි හේතු නිසා පාරිභෝගිකයන් විද්‍යුත් වාණිජ සේවාවන් කෙරෙහි විශ්වාසය තබමින් වැඩි වැඩියෙන් එම සේවාවන් හරහා භාණ්ඩ මිලදී ගැනීමට යොමුවෙමින් සිටිති. දේශීය පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ Daraz සතු පුළුල් අවබෝධය සහ අතිශය තරඟකාරී මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමට ඔවුන්ට ඇති හැකියාව මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. එමෙන්ම Daraz හරහා මිලදී ගන්නා භාණ්ඩ ආපසු අලෙවිකරුවන් වෙත භාරදීමට හෝ මාරු කිරීමට කැමති පාරිභෝගිකයන්ට එය කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටද Daraz පියවර ගෙන තිබේ.
මෙම සාර්ථකත්වයේ ප්‍රවණතාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලංකාවේ උත්සව සමයේ සාප්පු සවාරි අත්දැකීම නවතම මානයකට රැගෙන යාමට Daraz’s 12.12 Grand Christmas Sale සමත් වනු ඇත. උත්සව සමයේ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන් මෙන්ම තම ආදරණීයයන් වෙනුවෙන් තෑගිබෝග මිලදී ගැනීමට සොයන්නන් ඇතුළු කාටත් Daraz’s 12.12 Grand Christmas Sale කදිම විසඳුමක් බවට පත් වනු නිසැක ය.
Daraz සමූහය පිළිබඳව
2015 වසරේදී ආරම්භ වූ Daraz, පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ මියන්මාරය යන රටවල ක්‍රියාත්මක වන ප්‍රධානතම විද්‍යුත් වාණිජ සේවාවකි. නවීනතම තාක්ෂණය ඔස්සේ ගැනුම්කරුවන්ටත් විකුණුම්කරුවන්ටත් විශිෂ්ටතම සේවාවක් ලබාදෙන Daraz, වේගයෙන් පුළුල් වන මිලියන 500 ක ජනගහනයක් සහිත කලාපයක් ඉලක්ක කරගෙන තම ව්‍යාපාරික කටයුතු සිදුකරයි. විද්‍යුත් වාණිජ සේවා, කාර්ය සම්පාදන සේවා සහ ගෙවීම් හා මූල්‍ය සේවා යනාදී සියල්ල ඇතුළත් ඒකාබද්ධ යටිතල පහසුකම් ජාලයක් ස්ථාපිත කිරීම තුළින් වඩාත් පුළුල් හා කාර්යක්ෂම සේවාවක් සලසමින්, ව්‍යාපාරකරණයේ බලය ඔස්සේ දකුණු ආසියානු පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය නගිටුවීම Daraz හි අරමුණ වී තිබේ.
වැඩිදුර තොරතුරු සඳහා www.daraz.com වෙත පිවිසෙන්න. නවතම ආයතනික තොරතුරු සඳහා Daraz හි LinkedIn පිටුව (www.linkedin.com/company/daraz/) සමග රැඳී සිටින්න.