Daraz ශ්‍රී ලංකා, 8.8 Brand Prix ප්‍රවර්ධන වැඩසටහන සමඟ පාරිභෝගික ඔබගේ ඉතිරිකිරීම් වේගවත් කරයි

Share with your friend

අගෝස්තු මාසයේදී පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී වට්ටම්, දැවැන්ත වවුචර් ත්‍යාග සහ සුවිශේෂී වෙළඳ නාම ගනුදෙනු රැසක් සමඟින් Daraz ශ්‍රී ලංකා, 8.8 Brand Prix අලෙවි ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි. අගෝස්තු 8 සිට 15 දක්වා සතියක් පුරා පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන, ගෙවෙන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙමින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ව උද්‍යෝගිමත් කරයි.

මෙම Brand Prix ප්‍රවර්ධන වැඩසටහන සමඟින්, ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කාණ්ඩ ඔස්සේ විවිධ අලෙවි ගනුදෙනු 18,000කට අධික සංඛ්‍යාවක් ලබා ගත හැකි අතර, පාරිභෝගිකයින්ට ඉහළ ඉතිරියක් සහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. නවීන මාදිලියේ ජංගම දුරකථන, මුළුතැන්ගෙයි උපකරණ, විලාසිතා භාණ්ඩ හෝ රූපලාවණ්‍ය නිෂ්පාදන සොයන ඕනෑම කෙනෙකුට, රු. 88, රු. 888, සහ රු. 8,888 වැනි අඩු මිල ගණන් යටතේ Daraz වෙතින් භාණ්ඩ මිලදී ගත හැක. මෙම සීමිත කාල දීමනාවන් අතර Air Fryer, ගෑස් උදුන්, branded watches, wireless headphones සහ රූපවාහිනී ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන රාශියක් ඇතුළත් වේ.

විලාසිතා සඳහා කැමැත්තක් දක්වන පාරිභෝගිකයින්ට, Amante, Moose Clothing, Trendy Clothing, සහ The Factory Outlet වැනි ජනප්‍රිය වෙළඳ නාමවලින් 50%ක් දක්වා වට්ටම් සහිතව විලාසිතා භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත. මෙම ප්‍රවර්ධනය යටතේ, වෙළඳ නාම 40කට අධික සංඛ්‍යාවකින් තෝරාගත් රූපලාවණ්‍ය හා ගෘහ උපකරණ සඳහා 50%ක් දක්වා වට්ටම් හිමි වේ. Cliara නිෂ්පාදන සඳහා 25%ක ස්ථාවර වට්ටමක් ද, Janet සහ Luv Essence නිෂ්පාදන සඳහා 20%ක වට්ටමක් ද 

මෙහිදී පිරිනැමේ. මේ සමාගම් දෙකම ශ්‍රී ලංකාවේ මෙතරම් විශාල පරිමාණයේ ප්‍රවර්ධන වැඩසටහනකට සම්බන්ධ වන්නේ ප්‍රථම වරටය.

දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහාද මෙම ප්‍රවර්ධනය යටතට ඇතුළත් වන අතර, පැල්වත්ත කිරිපිටි 20%ක වට්ටමක් සහිතව ලබා ගත හැක. Phoenix Plastics සහ Bean Bag Sri Lanka, සියලුම භාණ්ඩ සඳහා 25%ක ස්ථාවර වට්ටම් ලබා දෙන අතර, Celcius Pillows නිෂ්පාදන ඒවායේ භාග මිලට (half price) ලබා ගත හැක. Swisstek නිෂ්පාදන 15%ක වට්ටමක් සහිතව ද, Stylux Paints 20%ක වට්ටමක් සහිතව ද, Coofix Sri Lanka සහ HSP Plastic නිෂ්පාදන ද විශේෂ මිල ගණන් යටතේ ලබා ගත හැක.

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අතර, Samsung Fold 7, Samsung Flip 7 සහ OnePlus 13 ආදී නිෂ්පාදන සඳහා සුවිශේෂී වට්ටම් හිමිවීම මෙම ප්‍රවර්ධනයේ විශේෂත්වයකි. තවද  Apple, Samsung සහ Xiaomi ස්මාර්ට්ෆෝන් සඳහා වෙළඳපොලේ අඩුම මිල ගණන් අපේක්ෂා කළ හැක. මීට අමතරව, Vivo සහ boAt නිල වශයෙන් Daraz Mall සමඟ එක්වීමත්, Singer Mobiles විසින් Nubia, ZTE, සහ Honor උපාංග හඳුන්වා දීමත් මෙම ප්‍රවර්ධනයේ තවත් විශේෂත්වයකි. Blackview Tablets සහ UGreen ද Daraz හරහා ශ්‍රී ලංකාවේ සිය නිල වෙළඳසැල් දියත් කරනු ඇත.

මෙම සියලු දීමනා, විශ්වාසනීය සාප්පු සවාරි සඳහා වන Daraz හි ප්‍රමුඛතම නාලිකාව වන Daraz Mall හරහා ලබා ගත හැකි අතර, පාරිභෝගිකයින්ට 100%ක් මුල් (Original) වෙළඳ නාම පුළුල් පරාසයක් සහනදායි මිල ගණන් යටතේ ගවේෂණය කළ හැකිය. 

Unilever, Hemas Manufacturing, Diamond Best Food, GSK, Maliban සහ DSI Sri Lanka ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ නාම, ඔවුන්ගේ ඉහළම ඉල්ලුමක් ඇති නිෂ්පාදන පෙළ සඳහා සුවිශේෂී bundle packages, curated deals, සහ සීමිත කාලීන මිල අඩු කිරීම් සමඟින් 8.8 Brand Prix අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සමඟින් එක් වේ. මෙම වෙළඳ නාම ගුණාත්මක සහ විශ්වාසනීය නිෂ්පාදන සොයන පාරිභෝගිකයින්ට සැබෑ වටිනාකමක් ලබාදේ.

තවද ඉතිරිය තවත් වැඩි කිරීම සඳහා, Daraz ප්‍රමුඛ පෙළේ බැංකු සහ ගෙවීම් වේදිකා සමඟ හවුල් වී ඇත. කොමර්ෂල් බැංකුව (Commercial Bank), DFCC බැංකුව, HNB (Youth & Teen+), NTB AmEx හෝ සම්පත් බැංකුව (Sampath Bank) භාවිතා කරන පාරිභෝගිකයින්ට 15%ක් දක්වා වට්ටම් ලබා ගත හැකි අතර, KOKO භාවිතා කරන පාරිභෝගිකයින්ට තම මිලදී ගැනීම් සඳහා අමතර ඉතිරියක් හිමි කර ගත හැකිය. Daraz හි වට්ටම් වවුචර් (discount vouchers) මගින්, තෝරාගත් භාණ්ඩ සඳහා නොමිලේ නැව්ගත කිරීම් (free shipping) සමඟින් 9%ක් දක්වා වට්ටම් ලබා දේ.

Brand Prix යන තේමාව, අධිවේගී ධාවන තරඟයක උද්යෝගය සමඟින්, ඔන්ලයින් සාප්පු සවාරි අත්දැකීමට එක් කරයි. Grand Prix තරඟයක් මෙන්, හොඳම දීමනා ඉක්මනින් අවසන් වන බැවින්, ඒවා ලබා ගැනීමට පාරිභෝගිකයින් කඩිනමින් ක්‍රියා කළ යුතුය. දෛනික ත්‍යාග, සුවිශේෂී දීමනා සහ දවසේ විශාලතම මිල අඩු කිරීම් පිළිබඳ සජීවී යාවත්කාලීන (live updates) ලබා ගැනීමට, Daraz App එක වෙත යොමුවන්න.

Daraz ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නිලධාරී ප්‍රවීන් රුක්ෂාන් මහතා මෙසේ සඳහන් කළේය. “8.8 Brand Prix ප්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කර ඇත්තේ, අධිවේගී ධාවන තරඟයක උද්වේගය ඔන්ලයින් සාප්පු සවාරි සඳහා ගෙන ඒම සඳහායි. අසමසම දීමනා, ඉහළ පෙළේ වෙළඳ නාම හවුල්කාරීත්වයන් සහ Daraz App එක තුළ ඇති වෙනස්වන, ක්‍රීඩාමය අත්දැකීම් සමඟින්, අපි පාරිභෝගිකයින්ව රියදුරු අසුනක තබා ඇත. සෑම වාරයකදීම වැඩි තේරීමක්, වැඩි ඉතිරියක් සහ වැඩි උද්වේගයක් ලබා දීම අපගේ අරමුණයි. එමෙන්ම මෙය, වසරේ වඩාත් ආකර්ෂණීය සහ ප්‍රතිලාභ ගෙන දෙන සාප්පු සවාරිය බවට පත් කිරීමට අපි කටයුතු කරමු.”

පාරිභෝගිකයින්ට Daraz App එක බාගත කර ගැනීමට හෝ අගෝස්තු 8 සිට 15 දක්වා www.daraz.lk වෙබ් අඩවියට පිවිස, මෙම Brand Prix ප්‍රවර්ධන වැඩසටහන සමගින් සහභාගි විය හැකි අතර, උපරිම වේගයෙන් සාප්පු සවාරි අත්දැකීම ලබා ගන්නා ලෙස Daraz ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරයි.


Share with your friend