DCS International සහ Uniview අත්වැල් බැඳ ගනිමින් දැන් අති නවීන ආරක්ෂක කැමරා විසඳුම් ශ්‍රී ලංකාවට

Share with your friend

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන LIMRA Holdings Limited සමූහ ව්‍යාපාරය අනුබද්ධ DCS International සමාගම, IP පාදක කරගත් ආරක්ෂක කැමරා පද්ධති හා ගෝලීය AIoT ආරක්ෂණ විසඳුම් සම්බන්ධ ප්‍රමුඛතම සැපයුම්කරුවකු වන Zhejiang Uniview Technologies සමග අත්වැල් බැඳ ගනිමින්, සිය නිෂ්පාදන පෙළ තවත් ව්‍යාප්ත කිරීමට සමත්ව තිබේ. මෙම අත්වැල් බැඳ ගැනීමත් සමග, DCS International සමාගම, Uniview නිෂ්පාදන සඳහා මෙරට බෙදා හරින්නා ලෙස විශ්වාසනීයත්වයෙන් හා වෘත්තීය මට්ටමෙන් පිරි ආරක්ෂණ විසඳුම් දිවයින පුරා පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට කටයුතු කරයි. 

වසර 20 ක් තිස්සේම Uniview, අසීමිත පර්යේෂණ ඔස්සේ වීඩියෝ තාක්ෂණයේ සිට AIoT විසඳුම් පිරි නැමීම දක්වා පුළුල් නිෂ්පාදන පරාසයක් ආවරණය කරමින් සුවිශාල පරිණාමයකට එළඹ තිබේ. සමාගමේ වීඩියෝ නිෂ්පාදන පෙළට IP කැමරා, NVR, Encoder, Decoder, Storage, Client Software සහ app, AIoT display සිට සහ ස්මාර්ට් කාර්යාල සහ නිවාස සඳහා intelligent access control දක්වා වන AIoT විසඳුම් ඇතුළත් වන අතර, ඒ සඳහා video IoT, display සහ conference නිෂ්පාදන, cloud computing සහ network, smart access control සහ storage ආදී මූලික තාක්ෂණික අවශ්‍යතා ආවරණය කෙරෙන Big Data, Cloud සහ IoT භාවිත කෙරේ.‍ මේ වන විටත්, රටවල් සහ කලාප 200කට අධික  ප්‍රමාණයක ජාත්‍යන්තර ශාඛා 18කට අධික සංඛ්‍යාවකින් සමන්විත Uniview, ලොව ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළවල්, කාර්මික උද්‍යාන, වාණිජ ගොඩනැගිලි, බැංකු, නිවාස, පාසල් සහ වාහන ආදිය සඳහා ස්මාර්ට් තාක්ෂණික විසඳුම් පිරි නමමින් පෙරමුණෙහි සිටී. 

DCS International, අඛණ්ඩතාව සහ රහස්‍යභාවය ආරක්ෂා කරන අතරෙහි ආයතනවලට සිය තොරතුරු ප්‍රවාහය කරා පහසුවෙන් ළඟා වීම සහතික කිරීමට ශක්තිමත් ක්‍රමවේද අනුගමනය කරන්නේ, නවීන තාක්‍ෂණයෙන් මිනිසුන් සවිබල ගැන්වීමේ අපේක්ෂාවද පෙරදැරිවය. සයිබර් ආරක්ෂණය සම්බන්ධ  ESET වැනි ලොව පිළිගත් සන්නමයන්හි නිෂ්පාදන බෙදාහරින්නේද එම සමාගමයි. තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කෙරුණු, මධ්‍යම ප්‍රමාණයේ සමූහ ව්‍යාපාරයක් වන LIMRA Holdings, එහි මව් සමාගම ලෙසින් පසුගිය වසර 30 තිස්සේම මෙරට මෙහෙයුම් කටයුතුවල නිරත වෙයි. එය මේ වන විට, පොකුරු හයක් ඔස්සේ කළමනාකරණය කෙරෙන අනුබද්ධිත සමාගම් 10 කින් යුතුව, සාර්ථකව විවිධාංගීකරණය වී තිබේ. DCS International හැරුණු විට, EGUARDIAN Lanka සහ Kiddies & Toys International, එහි අනෙක් ප්‍රධාන පොකුරු සමාගම් වේ.

මෙම නව හවුල්කාරිත්වය පිළිබඳව DCS International හි අධ්‍යක්ෂ කෞෂල්‍ය සේතුංග මෙලෙස පැවසීය. “පෙරළිකාර IP ආරක්ෂණ කැමරා සහ Analog ආරක්ෂක කැමරා හා උපාංග සහ විසඳුම් පිරිනමමින් ආරක්ෂිත ලොවක් ගොඩ නැගීම සම්බන්ධ නමක් දිනූ, Uniview (Unlimited New View-UNV) අපගේ ජාත්‍යන්තර සහකරු ලෙසින් හඳුන්වා දීමට හැකිවීම සතුටට කාරණයක්. අපගේ අරමුණ, පාරිභෝගිකයින්ට මානසික සහනය උදා කරමින්, ඔවුන්ගේ වටිනා‌ දේ ආරක්ෂා කර දෙන අතිනවීන ආරක්ෂක විසඳුම් සැපයීමයි. අපගේ නිෂ්පාදන පෙළට UNV නිෂ්පාදන මෙලෙස එක් කිරීම ඒ සඳහා වන නොසැලෙන කැපවීම විදහා දක්වන්නක්.”

Zhejiang Uniview Technologies සමාගමේ අධ්‍යක්ෂ Malcolm Han මෙලෙස අදහස් දැක්විය. “DCS International. සමඟ අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකීය වෙළඳපොළට පිවිසීමට ලැබීම අපට සතුටක්. Uniview විවිධ ක්ෂේත්‍ර කරා වෙත ව්‍යාප්ත වෙමින්, නව්‍ය නිෂ්පාදන සහ ස්මාර්ට් තාක්‍ෂණය සමගින් නගර සහ ජන ජීවිත වෙනස් කිරීමට කටයුතු කරනවා. එමෙන්ම, උසස්ම තාක්ෂණික විසඳුම් පිරි නැමීම සඳහා ලොව පුරාම ශක්තිමත් සක්‍රීය හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබෙනවා වගේම, අනෙකුත් ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛයින් සමගද සහයෝගිතාවයද ඇති කර ගැනීම, අපේක්ෂාවයි.”


Share with your friend