DFCC ආලෝකා කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වූ ප්‍රතිභාභිෂේක 2025 සම්මාන උළෙල බලගැන්වීම සඳහා WCIC සමඟ අත්වැල් බැඳගනී

Share with your friend

DFCC බැංකුව සිය කාන්තා කේන්ද්‍රීය මූල්‍ය විසඳුම වන DFCC ආලෝකා හරහා, සිව්වන වසරටත් කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වූ ප්‍රථිභාභිෂේක සම්මාන උළෙලෙහි දියමන්ති සහ නිල බැංකුකරණ සහකරු ලෙස අත්වැල් බැඳගෙන ඇත.

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry & Commerce – WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින නවෝත්පාදන ව්‍යාපාර අවස්ථා හඹායන සහ තිරසාර වර්ධනයක් සඳහා දායක වන කාන්තා ව්‍යවසායකත්වයන් ඇගයීමට ලක් කරයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීම සහ තවත් දිරිය  කාන්තාවන් ව්‍යවසායකත්වය සඳහා යොමු කරමින් මෙරට ජාතික ආර්ථික ප්‍රගතියට ඔවුන්ව දායක කරගැනීමයි.

DFCC ආලෝකා විශේෂිත වූ මූල්‍ය විසඳුම්, උපදේශන සේවා සහ ස්වයං හැකියා සංවර්ධන අවස්ථා සමඟින් කාන්තා ව්‍යවසායිකාවන්ට අඛණ්ඩව සහාය දක්වයි. මූල්‍ය පහසුකම්වලින් ඔබ්බට යමින්, මෙම වැඩසටහන මගින් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන්ට වර්ධනය වීමට සහ දියුණු වීමට අවශ්‍ය ආත්ම විශ්වාසය, පිළිගැනීම සහ වෙළඳපොල තුළ ව්‍යාප්ත වීමේ අවස්ථා ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරයි.

ඉකුත්දා කොළඹ 07 Jetwing හෝටල් පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදී, මෙම වැඩසටහනට සහභාගී වන ව්‍යවසායිකාවන් සඳහා වන සුවිශේෂී ප්‍රතිලාභ සහ අවස්ථාවන් පිළිබඳ දැනුවත් කරනු ලැබිණි. ඒවාට වාඩාත් උචිත වූ අයුරෙන් සකස් කරන ලද DFCC ආලෝකා, සුවිශේෂි මූල්‍ය පහසුකම්, පුහුණු වැඩසටහන් සහ පුළුල් අවස්ථාවන් පිලිබඳවද එහිදී සහභාගීවූ පිරිස් දැණුවත් කරන ලදි.

මෙහිදී අදහස් දක්වමින් DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසුවේ, ‘ප්‍රතිභාභිෂේක සම්මාන’ වැනි වැඩසටහන් හරහා කාන්තා ව්‍යවසායිකාවන්ට සහාය වීම, හුදෙක් ඇගයීමෙන් ඔබ්බට ගිය ක්‍රියාවලියකි. එය, විශ්වාසය ගොඩනැගීම, වර්ධනීය වෙනස්කම් කරා ඔවුන්ව මෙහෙයවීම සහ ප්‍රජාවන් ශක්තිමත් කිරීම ඇතුළත් පරිපූර්ණ ක්‍රියාදාමයකි. තවද, WCIC සමඟ එක්ව, කාන්තාවන් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් හැකියාවන් යළි ප්‍රතිනිර්මාණය කිරීමට උපකාර කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සේවාවන්, උපදේශනය සහ මගපෙන්වීම ලබා දීමට DFCC අලෝකා නිරන්තරයෙන් කැපවී සිටිනවා” යනුවෙනි.

2025 ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වූ සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දිරිය කාන්තාවන් සියලු දෙනාගේ සහභාගීත්වය, සවිබල ගැන්වීම සහ විශිෂ්ටත්වය පෝෂණය කිරීම සඳහා WCIC සහ DFCC බැංකුව අතර ඇති පොදු කැපවීමේ කූඨාප්‍රාප්තියයි.


Share with your friend