DFCC බැංකුව පරිසර සං‍රක්ෂණ ව්‍යාපෘති කිහිපයක් දියත් කරමින් ලෝක පරිසර සහ සාගර දිනයන් සමරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කටයුතු වල නිරතුරුවම නිරත වන DFCC බැංකුව, ලෝක පරිසර සහ සාගර දිනය සැමරීම නිමිති කොට ගෙන වයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන කඩොලාන නැවත සිටුවීමේ වැඩසටහනක් සහ රිවස්ටන් හි නකල්ස් කඳු පන්තිය ආශ්‍රිතව වන සංරක්ෂණය කිරීමේ අගනා ව්‍යාපෘති ද්විත්වයක් ක්‍රියාත්මක කරන ලදී. 1990 දශකය මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය කිරීමට දායක වෙමින් ආරම්භ වූ DFCC බැංකුවේ පරිසර තිරසාරභාවය පිළිබඳ ගමනේ දිගුකාලීන කැපවීම ද මෙම වැඩසටහන් ඔස්සේ පිළිබිඹු වේ. හරිත දේශගුණික අරමුදල (GCF) සහතික ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයතනය ලෙස DFCC බැංකුව, 2030 වන විට “හරිත මූල්‍ය සඳහා වූ බැංකුවේ දැක්ම ඉදිරියට ගෙන යාමට පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටී. 

කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පසුගිය ජූනි 7 වන දින වයික්කාල් හි ගිං ඔය මෝය ආශ්‍රිතව සිදු කරන ලදී. මෙය DFCC බැංකුව විසින් වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා සිදුකරගෙන යන “Life to Marine” වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක විය. මෙම අවස්ථාව සඳහා DFCC බංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ ප්‍රධාන මානව සම්පත් කළමනාකරණ නිලධාරී පදුම සුබසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ම සහභාගි වූ අතර, මෙම අවස්ථාව බැංකුවට අයත් විවිධ ශාඛා හා අනෙකුත් දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පැමිණි ස්වේච්ඡා සේවකයිගේ ද දායකත්වය ලැබුණි. 

DFCC බැංකුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ සහයෝගය ඇතිව මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සිදු කරන ලදී. DFCC බැංකුවේ ආධාර යටතේ කරුකුපනේ නාවික හමුදා කඳවුරේ කඩොලාන තවානෙහි වගා කරන ලද Rhizophora mucronata (මහ කඩොල්) සහ Rhizophora apiculata (මල් කඩොල්) යන කඩොලාන විශේෂ මෙම අවස්ථාවේ දී රෝපණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. 

මෙම ව්‍යාපෘතියේ මූලිකම පරමාර්ථය වන්නේ, ශ්‍රී ලංකාවේ පවතින පුළුල් වෙරළ තීරයේ සිදුවන දේශගුණික විපර්යාස සහ වර්ධනය වන පාරිසරික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ස්වාභාවිය විසඳුමක් ලබා දීම වන අතර, එවැනි පරිසර පද්ධති සඳහා හොදින් ඔරොත්තු දීමේ හැකියාව ඇති කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසං‍රක්ෂණය කිරීමයි. මෙම අවස්ථාව සඳහා වයික්කාල් හි ප්‍රදේශවාසීන් සහ සූරිය රිසෝට් වයික්කාල් සහ එහි කාර්ය මණ්ඩලයේ නොමසුරු සහයෝගය ද ලැබුණු අතර, ඒ ඔස්සේ පරිසර සංරක්ෂණය සඳහා සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම ඉස්මතු කෙරිණි. ගිං ඔය මෝය කඩොලාන නැවත ස්ථාපනය කිරීම මගින්, දේශීය පරිසර පද්ධතිය පෝෂණය කරන අතරම විවිධ සාගර ජීවී විශේෂ සඳහා වාසස්ථාන ද සපයයි. මෙම අවස්ථාවට සහභාගී වූ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ ආචාර්ය මනෝජ් ප්‍රසන්න (PhD, C.Env.P) විසින් “ගිං ඔයේ කඩොලාන නැවත ස්ථාපනය සහ වාසස්ථාන පොහොසත් කිරීම” යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද මෙහෙයවන ලද අතර, එමගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘පරිසරය සහ සංවර්ධනය’ පිළිබඳව අධ්‍යයනය කරන සිසුන් ද ඇතුළු ව, එයට සහභාගී වූ සියලු දෙනාටම . කඩොලාන පාරිසරයේ වැදගත්කම පිළිබඳව පුළුල් දැනුවත් භාවයක් ලබා ගැනීමට හැකි විය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව, DFCC බැංකුව විසින් පසුගිය ජුනි 8 වන දින නකල්ස් රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් වන සං‍රක්ෂණ ව්‍යාපෘතියක් ද සිදු කරන ලද අතර,  ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය ද ඇතිව සිදුකරන ලද මෙම ව්‍යාපෘතියේ දී දේශීය පැල 100 ක් රෝපණය කරන ලදී. DFCC බැංකුවේ කාර්ය මණ්ඩලයේ ද පුළුල් සහභාගීත්වයක් දක්නට ලැබුණු මෙම ව්‍යාපෘතිය සඳහා නකල්ස් රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශවාසීන් ද සම්බන්ධ විය. මෙම වන සරක්ෂණ ව්‍යාපෘතිය මගින් පරිසර පද්ධති පොහොසත් කිරීම, දේශීය ශාක විශේෂ සංරක්ෂණය කිරීම, පස සාරවත් කිරීම සහ පස සෝදා පාළු වීමෙන් වැළැක්වීම වැනි කාරණා සඳහා විසඳුම් සෙවීම අරමුණු විය. යුනෙස්කෝ ලෝක උරුම රක්ෂිතයක් වන නකල්ස් හි වන සං‍රක්ෂණ ව්‍යාපෘතියකට සම්බන්ධ වීමට ලැබීම ගැන DFCC බැංකුව මහත් භාග්‍යයක් ලෙස සලකයි.

විවිධ පරිසර පද්ධති සඳහා නිවහනක් වන නකල්ස් රක්ෂිත වනාන්තරය ක්ෂීරපායින් වර්ග 31 ක්, පක්ෂීන් වර්ග 128 ක්, උරගයින් වර්ග 53 ක්, උභයජීවීන් වර්ග 20 ක්, මාළු වර්ග 15 ක්, සමනලුන් වර්ග 60 ක් සහ මොලුස්කාවන් විශේෂ 17 ක් සඳහා අභයභූමියක් වී තිබේ. නකල්ස් කඳු වැටියේ ජීවත්වන පක්ෂි විශේෂ 17ක් සහ ශාක විශේෂවලින් 15% ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වීම විශේෂත්වයකි. මෙම ප්‍රතිසංස්කරණ සහ වන සං‍රක්ෂණ ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ අද්විතීය වූ භෞමික සහ සමුද්‍ර පරිසර පද්ධති සහ ඒවායේ ස්වභාවික ජෛව විවිධත්වය සුරැකීමට DFCC බැංකුවේ ඇති කැපවීම පිළිබිඹු කරයි. ඔවුන් SDG 13 (දේශගුණික ක්‍රියා), SDG 14 (ජලජ ජීවය) සහ SDG 15 (ගොඩබිම් ජීවය) ඇතුළු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) කිහිපයක් සමඟ ද බැඳී තිබේ.

මෙම ව්‍යාපෘති පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ, “පාරිසරික තිරසාරභාවය සඳහා වන අපගේ කැපවීම DFCC බැංකුවේ අපගේ ආචාර ධර්ම, සංස්කෘතිය සහ උපාය මාර්ග තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබේ. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් DFCC බැංකුවේ අත්‍යවශ්‍ය පරිසර පද්ධති සංරක්ෂණය කරන අතරම, දිගුකාලීන ධනාත්මක සහ ප්‍රතිලාභ සහිත ප්‍රජා සහභාගීත්වය සහ දැනුවත්භාවය ප්‍රවර්ධනය කරමු. දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට සහ ඉදිරි පරම්පරා සඳහා තිරසාර අනාගතයක් සහතික කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති අපගේ අනෙකුත් බොහෝ තිරසාර වැඩසටහන් මෙන්ම ඉතා වැදගත් බව අපි විශ්වාස කරන්නෙමු. ධනාත්මක දේශගුණික ක්‍රියාමාර්ග සපුරා ගැනීම සඳහා බලධාරීන් සහ ප්‍රජාවන් සමඟ ඇතිකරගන්නා සහයෝගීතාවයේ ඇති වැදගත්කම ද මෙම වැඩසටහන් දැඩි ලෙස අවධාරනය කරයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply