DFCC බැංකුව, ජාතික අපනයන මණ්ඩලය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ක්‍රමෝපායික හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින්, එම මණ්ඩලයේ සාමාජිකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සැලසුම් හා සේවාවන් එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා විශාල මෙහෙවරක් ඉටුකරන ආයතනයකි. මෙරට නිෂ්පාදන හා සේවා අපනයනයෙහි නියුතු සමාගම් රාශියක් මෙම මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
වසරක කාලයක් සඳහා වලංගු මෙම අවබෝධතා ගිවිසුම, අපනයන ක්ෂේත්‍රයේ සමාගම් වලට, DFCC බැංකුව වෙතින් ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවකි. රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම, අපනයන කටයුතු වල නියුතු ආයතන හා සමාගම් වලට මෙම ප්‍රතිලාභ විවෘත වේ. වර්තමානය වනවිට අපනයන හරහා විදේශ විනිමය ඉපයීම රටේ මූල්‍ය ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව පත්වී ඇති අතර, එවැනි තත්ත්වයක් හමුවේ අත්සන් තබන ලද මෙම ගිවිසුම, අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද මහෝපකාරී වනු ඇත.
“ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සාමාජිකයන්ට සුවිශේෂී මූල්‍ය සේවාවන් රැසක් පිරිනැමීම සඳහා එම මණ්ඩලය සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ හවුල්කාරීත්වය ඔස්සේ අපනයන ක්ෂේත්‍රය නංවාලමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමට අපට හැකියාව ලැබේවි. එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුම, ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සෞභාග්‍යය උදාකර දීම සඳහා අප දරන දීර්ඝකාලීන උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි.” DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
“රටේ අපනයනකරුවන් නියෝජනය කරන ප්‍රධානතම මණ්ඩලය වශයෙන්, මෙම ක්‍රමෝපායික හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ සාමාජිකයන්ට DFCC බැංකුව වෙතින් සුවිශේෂී මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ ඉලක්කය වන්නේ, රටේ ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් දැක්විය හැකි ආකාරයට අපනයන ක්ෂේත්‍රය තව-තවත් දියුණු කිරීමයි. එමෙන්ම ඉදිරියේදී DFCC බැංකුව සහ අපගේ සාමාජිකයන් ඉලක්ක කරගෙන සුවිශේෂී වැඩසටහන් පෙළක් සංවිධානය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී ශිහාම් මරික්කාර් මහතා පැවසී ය.
තම දශක 6 කට අධික ඉතිහාසය තුළ DFCC බැංකුව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් හා ව්‍යාපාර රාශියක් වෙත විවිධාකාර වූ මූල්‍ය සේවාවන් සපයා තිබේ. මේ අතරින් ව්‍යාපාර බොහොමයක් මේ වනවිට ජාත්‍යන්තර වෙළඳපොළ වෙත නිෂ්පාදන හා සේවාවන් සපයන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර බවට පත්වී ඇත.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.
DFCC බැංකුව සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව
(වමේ සිට) DFCC බැංකුවේ උප සභාපති (අලෙවි හා තිරසාර) නිල්මිණි ගුණරත්න, එම බැංකුවේ උප සභාපති (අපනයන බැංකුකරණ, වාණිජ හා ආයතනික සංවර්ධන) ඇන්ටන් ආරුමුගම්, නියෝජ්‍ය විධායක නිලධාරී තිමල් පෙරේරා, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී ශිහාම් මරික්කාර් සහ එම මණ්ඩලයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) මේනකා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්