DIMO ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING හඳුන්වා දෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෙරට ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING  දේශීය වෙළදපලට හදුන්වා දෙයි.

GRAPHENSTONE තීන්ත යනු GRAPHENSTONE නවෝත්පාදන තාක්‍ෂණය (අද්විතීය සූත්‍රයක් තුළ දෙහි හා ග්‍රැෆීන් තාක්‍ෂණය ඒකාබද්ධ කරන ලද) යොදා ගනිමින් ස්පාඤ්ඤයේ නිපදවන ලද පරිසර හිතකාමී නිපැයුමකි.  ස්වාභාවික දෙහි, එහි ශක්තිය හා නම්‍යශීලීත්වය වැඩි දියුණු කරන ග්‍රැෆීන් සම්මිශ්‍රණයෙන් ඉහළ ම ගුණාත්මක භාවයෙන් යුත්, දිගු ආයු කාලයක් සහ අඩු නඩත්තුවක් සහිත, පරිසර හිතකාමී ලෙස මෙම හරිත තීන්ත නිෂ්පාදනය කෙරෙන අතර, එය සැලකිය යුතු ඉතිරියක්ද ගෙන දෙයි.

DIMO හි Retail අංශය අධීක්‍ෂණය කරන විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මේ අයුරින් අදහස් දැක්වුවේ ය. “ දිනෙන් දින පුළුල් වන DIMO නිෂ්පාදන කළඹට තිරසාර, නව්‍ය නිෂ්පාදන සහ සේවාවන් එක් කිරීම පිළිබඳව අපි අඛණ්ඩව අවධානය යොමු කරනවා.  ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එක ම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE නිෂ්පාදනය හඳුන්වා දීම, අපගේ ව්‍යාපාරික ප්‍රවේශය තුළින් තිරසාරත්වය උදෙසා DIMO කැපවීම පෙන්නුම් කරනවා.  පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීම මගින් ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බල ගැන්වීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහය ද මෙමගින් පිළිබිඹු කරනවා.  හරිත සහතිකය ලත් ලොව කීර්තිමත් සන්නාමයක් වන GRAPHENSTONE සමඟ එක් ව අපි මෙම නව්‍ය තීන්ත නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කළා.”

DIMO ගෙන එන GRAPHENSTONE තීන්ත බාහිර සහ අභ්‍යන්තර ආලේපන ද්විත්වයකින් සමන්විත වේ.  අභ්‍යන්තර ආලේපන පරාසය යටතේ, DIMO විසින් Ecosphere සහ GrafClean Ag+ යන නිෂ්පාදන දේශීය වෙළඳපොළට හඳුන්වා දෙන අතර,  බාහිර ආලේපන පරාසය තුළ Biosphere නිෂ්පාදනය  හඳුන්වා දී ඇත. Undercoating නිෂ්පාදන පරාසය යටතේ හඳුන්වා දෙන Primer Plus නිෂ්පාදනය කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන අතර, ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් තොර, නිපැයුමකි.

 GRAPHENSTONE GrafClean Ag+ යනු රිදී අයන (Ag+) සමඟ සකස් කරන ලද දීප්තිමත් නිමාවක් සහිත ප්‍රිමියම් අභ්‍යන්තර තීන්ත නිෂ්පාදනයකි.  ප්‍රති-ක්ෂුද්‍ර ජීවී (බැක්ටීරියා, දිලීර සහ Covid-19 වෛරසය) ගුණයෙන් යුක්ත වන එම නිෂ්පාදනය මගින් හුස්ම ගැනීමේ පහසුව ඇති කරන අතර, එහි ආරක්ෂාව වසර 2 ක් පවතී. එම නිසා ම රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු නො දෙන  සහ ඇදුම වැනි ශ්වසන ගැටලුවලින් පෙළෙන පුද්ගලයින් සඳහා මෙය ඉතා සුදුසු වේ.  GRAPHENSTONE ගෘහස්ථ ආවරණ, පාසල්, රෝහල් සහ හෝටල් සඳහා ඉතා සුදුසු ය.

GRAPHENSTONE තීන්ත ලීටර් 45ක් මගින් කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 14.40ක් අවශෝෂණය කරයි. එය කිලෝ ග්‍රෑම් 250ක් බරැති වැඩිහිටි ගසක් විසින් අවශෝෂණය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන වේ. මෙම නිපැයුම් මගින්  නිවස තුළ හුස්ම ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන අතරම, එය බිත්තිවල සවිමත් බව වැඩි කරයි.  එය ගෘහස්ථ පරිසරයේ වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන අතර, පුස්, දිලීර, බැක්ටීරියා සහ වයිරස් වර්ධනය වීම වළක්වයි.

වර්තමාන වෙළෙඳපොළේ ඇති සාම්ප්‍රදායික තීන්ත හා සසඳන විට, GRAPHENSTONE උසස් Nano Graphene තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති අතර, එමඟින් පාරිභෝගිකයාට අද්විතීය ප්‍රතිලාභ රැසක් ලබා දෙමින්, හානිකර රසායනික නිරාවරණයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් විශේෂාංග රාශියක් ලබා දෙයි.  ජෛව නාශක වලින් තොර වීම, ඉහළ නම්‍යශීලී බව, ගිනි නො ගන්නා ද්‍රව්‍යවලින් යුක්ත වීම, ඉහළ SRI අගය, කෘමි විකර්ෂක ගුණය සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් තොර වීම ද මෙම තීන්ත නිෂ්පාදනයෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ වේ.

GRAPHENSTONE යනු ගෝලීය වශයෙන් සහතික ලත් හරිත තීන්ත නිෂ්පාදන සමාගමක් වන අතර, එය සිංගප්පූරු හරිත ගොඩනැඟිලි කවුන්සිලයේ සහතිකය, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඇදුම රෝගය පිළිබඳ කවුන්සිලයේ සහතිකය, Global Green Tag හි හරිත අනුපාත සහතිකය සහ Global Green Tag නිෂ්පාදන සෞඛ්‍ය ප්‍රකාශනය (™ PHD) යන සහතික ලත් සමාගමකි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply