ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු
අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම
පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන HomeServe Germany සමඟ හවුල්කාරිත්වයක් පසුගියදා ආරම්භ
කරන ලදී. මෙහිදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ සුදුසුකම් සමඟ මෙරට තරුණ තරුණියන්
වෙත ජර්මානු ගොඩනැගිලි සේවා අංශයේ රැකියා අවස්ථාවන් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය
අධ්‍යාපනය සවිමත් කිරීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වේ.
මෙම සහයෝගීතාවය යටතේ DIMO Academy ජර්මානු ප්‍රමීතින් මත පදනම් වූ ජර්මානු
කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK) විසින් සහතික කරන ලද ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති
Plant Engineering ඩිප්ලෝමා පාඨමාලාව මෙරට තරුණ ප්‍රජාවට ලබා දෙන අතර, මෙම
ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන්ව HomeServe ආයතනය ජර්මනියේ සිය රැකියා අවස්ථා
සඳහා බදවා ගැනේ. එමෙන්ම මෙමඟින් සිසුන් වෙත ජර්මන් භාෂා පුහුණුවක් ද ලබාදෙන අතර
ජර්මනියේ වෘත්තීය කටයුතු සාර්ථකව සිදුකිරීමට ඇති හැකියාව එමඟින් තවදුරටත් තහවුරු
කරනු ලබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගොඩනැගිලි සේවා අංශයේ විශේෂයෙන්ම HAVC විෂය පිළිබඳ
නිපුණත්වය සහිත පුහුණු තාක්ෂණික ශිල්පීන් සඳහා ඇති ඉල්ලුම, තිරසාර ඉදිකිරිම් ක්ෂේත්රයක්
සහ බලශක්ති කාර්යක්ෂමතාවය කෙරෙහි ඇති උනන්දුව නිසාම වැඩි වශයෙන් වර්ධනය වී ඇත.
ඒ වගේම ජර්මනියේ අනුගමනය කරන උසස් ප්‍රමීතින් නිසාත් පුනර්ජනනීය බලශක්ති වෙත ඇති
නැඹුරුව නිසාත් මේ අංශයේ පුහුණු තාක්ෂණික ශිල්පීන්ගේ හිඟයක්ද පවතී. මෙම
හවුල්කාරිත්වය හරහා ජාත්‍යන්තර මට්ටමෙන් ගොඩනැගිලි සේවා අංශයට අවශ්‍ය පුහුණු
කාර්මික ශිල්පීන් ලබාදීම ද සිදුවෙනවා.
2025 වසරේ පෙබරවාරි මාසයේදී පෑළියගොඩ දී විවෘත කිරීමට නියමිත අති නවීන පුහුණු
මධ්‍යස්ථානයක් සඳහා ද DIMO විශේෂ ආයෝජනයක් සිදුකර තිබේ. එමඟින් පුළුල් තාක්ෂණික
සම්පත් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිසුන් පුහුණු කිරීම සිදුකරන අතර
මෙරට ගොඩනැගිලි සේවා අංශය ඉහළ නැංවීමට ද එය හේතු වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂිකා/ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සහ
DIMO අධ්‍යාපන අංශය අධීක්ෂණය කරන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙසේ සඳහන්
කළාය. “DIMO Academy මඟින් පිරිනමනු ලබන Automobile Mechatronics සහ Plant Engineering
ඩිප්ලෝමා, ජර්මනියේ A කාණ්ඩයේ සුදුසුකම් ලෙස සහතික කර තිබෙනවා. එමඟින් එම සිසුන්ට
කාර්මික ශිල්පීන් ලෙස ලොව පුරා ඕනෑම ස්ථානයක සේවය කිරීමේ හැකියාව හිමිවෙනවා. Plant
Engineering ඩිප්ලෝමා වැඩසටහන ආරම්භ කිරීම ඔස්සේ ලාංකීය තරුණ තරුණියන්ට ජාත්‍යන්තර
ගොඩනැගිලි සේවා අංශය ආශ්‍රිතව විවිධ වෘත්තීන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව DIMO Academy
විසින් සලසා දෙනු ලැබුවා. මෙහිදී අන්තර්ජාතික මට්ටමේ පුහුණුවක් සමඟ අසමසම ස්වයං
ඉගෙනුම් ක්‍රියාවලියක් මෙන්ම ජර්මානු සුදුසුකම්ලත් පුහුණුකරුවන් යටතේ නිතරම අලුත්වන
විෂය නිර්දේශ සමඟ මනා කාර්මික පුහුණුවක් ද පිරිනමනවා. එමෙන්ම, ඩිප්ලෝමාව සඳහා
තෝරාගැනීමේ විශේෂ ක්‍රමවේද, අඛණ්ඩ ඇගයීම් සහ ජර්මානු සහ ලාංකීය ආයතන විසින්
සිදුකරන බාහිර විගණනය ඔස්සේ මෙම අධ්‍යාපන කටයුතුවල උසස් ප්‍රමිතිය ආරක්ෂා කරනු
ලබනවා.”
“මෙම සහයෝගීතාවය ඔස්සේ අපේ රටේ තරුණ තරුණියන්ගේ සිහින සහ අභිලාෂයන්
බලගන්වමින් නව රැකියා අවස්ථාවන් ලබාදීමේ සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ
අරමුණින් අන්තර්ජාතික මට්ටමෙන් විවිධ කර්මාන්ත සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම
වෙනුවෙන් DIMO Academy දක්වන සුවිසල් කැපවීමද ප්‍රදර්ශනය වෙනවා. ජාත්‍යන්තර වශයෙන්
ගොඩනැගිලි සේවා ක්ෂේත්රය තුළ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන HomeServe Germany සමඟ
මෙවැනි හවුල්කාරිත්වයක් ඇරඹීම සුවිශේෂී වරප්‍රසාදයක් වන අතර ඒ පිළිබඳ අපි බෙහෙවින්
සතුටු වෙනවා.” යනුවෙන් ඇය තවදුරටත් පැවසීය.
HomeServe Germany හි ප්‍රධාන විධායක නිලධාරී තෝමස් රෙබල් මහතා මේ පිළිබඳ සිය අදහස්
එකතු කළේ මෙසේය. “කාර්මික ශිල්පීන් සඳහා ජර්මනියේ ගොඩනැගිලි සේවා ක්ෂේත්රය තුළ
විශාල ඉල්ලුමක් තිබෙනවා. ගොඩනැගිලි සේවා ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගමක් වන අප
ආයතනයට අපගේ පාරිභෝගිකයින්ට සහාය වීම සඳහා ඉහළ සුදුසුකම් සම්පූර්ණ කරන ලද
කාර්මික ශිල්පීන් අවශ්‍ය වෙනවා. 15%ක් ඉක්මවූ ආධුනිකත්ව අනුපාතයක් දැනටමත් ජර්මනියේ
අපගේ HVAC ව්‍යාපාරවල තිබෙනවා. නමුත් පුහුණු ශ්‍රමිකයන් සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ
මට්ටමක පවතින අතර ජර්මනියේ අධ්‍යාපනයෙන් පමණක් එය සපුරාලීම අසීරුයි. DIMO Academy,
ජර්මනියෙන් පිටත ජර්මානු වෘත්තීය නිර්ණායකවලට අනුකූලව ගොඩනැගිලි සේවා අංශය
සඳහා ‘A’ කාණ්ඩයේ පිළිගත් පුහුණු වැඩසටහනක් පිරිනමන එකම අධ්‍යාපන ආයතනය විදිහට
හඳුන්වන්න පුළුවන්. ලොව පුරා සේවය කරන උපාධිධාරීන් 650 කට අධික සංඛ්‍යාවක් බිහිකළ ශ්‍රී
ලංකාවේ ජර්මානු වෘත්තීය පුහුණුව පිළිබඳ වසර 35 ක පළපුරුද්දක් ඇති DIMO Academy,
ජර්මනියේ සම්පූර්ණයෙන්ම පිළිගනු ලබනවා. තවද, විශිෂ්ට නිෂ්පාදන සහ සේවාවන් සැපයීම
පිළිබඳව දිගු ඉතිහාසයක් DIMO සමාගමට තිබෙන අතර ප්රමුඛ පෙළේ ජර්මානු සන්නාම රැසක
නියෝජිතයා ලෙස DIMO සමාගම කටයුතු කරනු ලබනවා. එබැවින් අපට අවශ්‍ය මානව සම්පත්
ලබාගැනීමට සුදුසුම ස්ථානය DIMO Academy බව අපි විශ්වාස කරනවා.”
1993 දී ආරම්භ කරන ලද HomeServe යනු HomeServe EMEA සමූහයට අනුබද්ධිත ආයතනයක්
වන අතර එය ආසියාව සහ යුරෝපය පුරා ක්‍රියාත්මක වෙමින් ජලනල, විදුලිය සහ තවත්
බොහෝ දේ සඳහා විශේෂිත සේවාවන් සපයයි. තවද ජර්මනියේ දී නේවාසික HVAC කටයුතු,
ජලනල සවි කිරීමේ කටයුතු, ස්ථාපනය, නඩත්තු කිරීම සහ, සනීපාරක්ෂක කටයුතු සහ
පුනර්ජනනීය බලශක්ති පද්ධති සඳහා අලුත්වැඩියා සේවා සැපයීම සිදු කරයි.
2025 වසරේදී Plant Engineering ඩිප්ලෝමාව සඳහා ඇතුළත් වන සිසුන් සාර්ථකව පාඨමාලාව නිම
කළ පසු HomeServe ආයතනයේ රැකියා සඳහා බඳවා ගනු ඇත. එමඟින් ජර්මනියේ වෘත්තීය
අවස්ථාවන් වෙත බාධාවකින් තොරව පහසුවෙන් යොමුවීමේ හැකියාව සහතික කරයි. ජනවාරි
මාසයේදී සිදුවන බඳවා ගැනීමට ඇතුළත් වීමට උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට ඔවුන්ගේ
අයදුම් පත්‍ර dats@dimolanka.com වෙත යොමු කළ හැකිය.