-ශ්‍රී ලංකාවේ නව ව්‍යවසාය ක්ෂේත්රයට ජාත්‍යන්තර අවධානය එක් කළ සිව්දින උළෙලක්-
නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ තාක්ෂණය සම්බන්ධයෙන් කැපී පෙනෙන සිව් දින වැඩසටහනක් වන Disrupt Asia 2025 පසුගිය දා අති සාර්ථකව නිමාවට පත් වූයේ දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇති ස්ථානය නැවත වරක් තහවුරු කරමිනි. සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක ව්‍යාපාරික හවුල්කරුවන් 100කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, කලාපයේ නව ව්‍යවසායක ජාල සහ රටවල් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන හැකියාවන් පිළිබඳ මින් පෙර නොවූ ජාත්‍යන්තර විශ්වාසයක් සනිටුහන් කරන්නට ද මෙම වැඩසටහන සමත් විය.



ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සහයෝගය යටතේ පැවති මෙම සුවිශේෂී වැඩසටහනේ ශීර්ෂ අනුග්රහක දායකත්වය Mastercard විසින් දරනු ලැබූ අතර, සහයෝගී හවුල්කරුවන් ලෙස Venture Engine, nVentures, Trace Sri Lanka සහ Asaya Sands මෙන්ම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික හවුල්කරුවන් වන ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මෙය එක්ව බලගන්වනු ලැබීය.
“Disrupt Asia 2025 යනු අපේ රටේ තරුණ තරුණියන් බල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම සමෘද්ධිමත් ඩිජිටල් ආර්ථිකයක් කරා යන ජාතියේ ගමන්මඟ වේගවත් කරමින් නවෝත්පාදනවලට දිරිය දීමට ක්‍රියාත්මක කළ වැඩසටහනක්. විධිමත් ඩිජිටල් පරිවර්තනයක් රට තුළ ඇති කිරීම සඳහා වන ජාතික න්‍යාය පත්‍රය රජය විසින් අඛණ්ඩව ක්‍රියාවට නඟමින් සිටින මේ මොහොතේ, මෙවැනි වැඩසටහන් තුළින් දක්ෂ ව්‍යවසායකයින් සහ ගෝලීය ආයෝජන අවස්ථා ළඟා කරගැනීමට ශක්තිමත් පාලමක් නිර්මාණය කරනවා. එපමණක් නොව, කලාපය පුරා නවෝත්පාදනය සඳහා දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරන්නටත් මෙය හේතුවක්,” යනුවෙන් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා පැවසීය.
දින හතරක් පුරා පැවති මෙම උත්සව මාලාව ආරම්භ වූයේ කොළඹ Cinnamon Life හිදී Lanka Angel Network (LAN) විසින් සංවිධානය කරන ලද Venture Engine තරගයෙනි. අපේක්ෂකයින් 160කට අධික ප්‍රමාණයකින් සහ තේරීම් වට කිහිපයකින් සමන්විත වූ මෙම අංගයේදී, බලාපොරොත්තු තැබිය හැකි නව ව්‍යවසාය 12ක් මෙරට ඉහළම තලයේ සිටින දේශීය ආයෝජකයන් සහ කලාපීය ව්‍යාපාරික හවුල්කරුවන් (VC) වෙත ඔවුන්ගේ යෝජනා මාලා සජීවීව ඉදිරිපත් කරන ලදී. තරගය, ප්රමුඛ පෙළේ හවුල්කරුවන් සහ කර්මාන්ත නියෝජනය කළ පිරිස් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර, වටිනා සම්බන්ධතා ජාල නිර්මාණය කරමින් නව ව්‍යවසායකයන් සහ පැමිණි පිරිසට නව දොරටු විවර කරන්නට ද හේතු විය.
සැප්තැම්බර් 18 වන දින, Cinnamon Life හි පැවති ප්‍රධාන සමුළුව, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද අවධානය දිනා ගන්නට සමත් වූ අතර, ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා මෙම අවස්ථාවට සහභාගී විය. රටේ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීමේදී මෙවැනි ආකාරයේ මුලපිරීම්වල ඇති ජාතික වැදගත්කම ද මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. මෙහිලා සඳහන් කළ හැකි තවත් විශේෂ කරුණක් වන්නේ, One97 Communications සහ Paytm හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී විජේ ශේකර් ෂර්මා විසින් පවත්වන ලද ප්‍රධාන දේශනයයි. ඔහුගේ වටිනා අදහස් පැමිණි පිරිසට නව මානයක් විවර කර දුනි.
වැඩසටහනට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර, ජාතික සහ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික පිරිස්, ආයතන ප්‍රධානීන්, ආයෝජකයින්, ඉන්දියාව, ඕමානය, කටාර්, සිංගප්පූරුව සහ අනෙකුත් රටවල ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළත් වූ අතර, එමඟින් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ඉලක්ක සඳහා ලැබෙන ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගය පෙන්නුම් කළේය. විශේෂිත ප්‍රධාන දේශන කිහිපයක්, සමූහ සාකච්ඡා, වාද විවාද සහ ශ්‍රී ලංකාවේ හොඳම නව ව්‍යවසායන් 30 සමඟ හවුල්කාරීත්වයන් ඇති කිරීම සඳහා වන සුවිශේෂී වැඩසටහන්වලින් උත්සවය සමන්විත විය.
Disrupt Asia 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස Mastercard දැක්වූ සහයෝගීතාවය මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. උත්සව සභාව ඇමතූ, Mastercard හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී සඳුන් හපුගොඩ මහතා, “ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය සඳහා ඉදි වූ ප්‍රමුඛතම වේදිකාවක් වන Disrupt Asia 2025 සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන Mastercard අප ඉතාමත් සතුටු වනවා. ව්‍යාපාරික හවුල්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් සහ දහස් ගණනක් ව්‍යවසායකයන් මේ සඳහා සම්බන්ධ වීම රටේ නව ව්‍යවසාය ක්ෂේත්රයේ ඇති සජීවී බව සහ හැකියාව ගැන දිය හැකි ප්‍රබල සාක්ෂියක් ලෙස පෙන්වා දීමට පුළුවන්. දේශීය නවෝත්පාදකයින්, ජාත්‍යන්තර ජාල, විශේෂඥ දැනුම හා ආයෝජන එකට සම්බන්ධ කිරීම තුළින්, Mastercard අපි අනාගතයට ගැළපෙන අන්දමේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ඇති කරන්නට කරන්නට දායකත්වය ලබා දී තිබෙනවා. විධිමත් වර්ධනයක් ළඟා කරගන්නට මෙන්ම, නව අවස්ථාවන් විවර කරමින් ශ්‍රී ලංකාව තාක්ෂණය මත පදනම් වූ පරිවර්තන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස සලකුණු කරන්නට ද එය හේතුවක්.” යනුවෙන් සඳහන් කළේය.
වැඩසටහන් මාලාවට Angel Investment පිළිබඳ සුවිශේෂී සැසි වාරයක් ද ඇතුළත් වූ අතර එය Global Business Angels Network හි අධ්යක්ෂ Israel Pons සහ European Business Angels හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික Marcel Dridje විසින් ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ විශේෂඥ ගෝලීය දැනුම තුළින් නවතම ආයෝජන ප්රවණතා ගැන වටිනා අදහස් එක් කළ අතර, කලාපීය නව ව්‍යවසාය සඳහා ආයෝජන සහාය ලැබීම පිළිබඳ නව මානයක් හඳුන්වා දෙන්නට ද මෙම අදහස් හේතු විය.
සැප්තැම්බර් 19 වන දින, Trace Expert City හි පැවති නවෝත්පාදන වැඩසටහන, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය පිළිබඳ විචිත්‍රවත් සැමරුමක් සනිටුහන් කළ අතර, නව ව්‍යවසාය ක්ෂේත්රය මහජනතාව වෙත සමීප කරන්නට සමත් වූ වැඩසටහනක් ද විය. ලෝක බැංකු නියෝජිත මහේෂ් උත්තමචන්දනී සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න, කර්මාන්ත හා අභ්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ (DPIIT) අධ්යක්ෂ ආචාර්ය සුමීත් ජරන්ගල් ඇතුළු සම්භාවනීය අමුත්තන් මේ සඳහා සහභාගී විය.
Disrupt Asia ජාත්‍යන්තර සහභාගීත්වයේ තවත් කැපී පෙනෙන අංගයක් ලෙස විශේෂිත සන්ධ්‍යා උත්සවයක් ද පැවැත්වුණු අතර, ජාත්‍යන්තර මට්ටමින් කීර්තියක් දිනූ ශ්‍රී ලාංකික සන්නාම සහ සංස්කෘතිකාංග රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණි.
සිසුන්, කර්මාන්ත වෘත්තිකයන් සහ පවුල්වල සාමාජිකයන් ඇතුළු 5,000කට අධික පිරිසක් සහභාගී වූ මෙම විචිත්‍රවත් උත්සවය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම තාක්ෂණික වැඩසටහන්වලින් එකක් ලෙස ද හඳුන්වා දිය හැකිය. තාක්ෂණික සංවාද මණ්ඩප, වැඩමුළු සහ සාකච්ඡා සමඟ දේශීය හා ජාත්‍යන්තර නව ව්‍යවසාය 50කට අධික සංඛ්‍යාවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, නව ව්‍යවසාය රැසක්, පුළුල් පිරිසක් වෙත විවර කරනු ලැබූ අපූර්ව අත්දැකීමක් ද විය. නව ව්‍යවසාය හා නවෝත්පාදන ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව දිනා ඇති ජාත්‍යන්තර කීර්තිය ශක්තිමත් කිරීමටත්, දිගු කාලීන හවුල්කාරිත්වයන් නිර්මාණය කිරීම සහ දකුණු ආසියාවේ නවෝත්පාදන විප්ලවයේ පුරෝගාමියා බවට පත් වීමට ශ්‍රී ලංකාවේ සූදානම මැනවින් පෙන්නුම් කරන්නටත් සමත් වූ සන්ධිස්ථානයක් ලෙස Disrupt Asia 2025 අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.