ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය රෙදි සේදුම් සන්නාමයක් වන Hemas Consumer Brandsහි Diva සන්නාමය විසින් වසර 20කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශය තුළ හිමිකර ගත් ඉහළම පාරිභෝගික විශ්වාසය, පක්ෂපාතිත්වය සහ සිය නවෝත්පාදනයන් සමරමින් නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වන “Diva පවුලේ වාසනාව” දියත් කරයි. සිය විශ්වසනීය පාරිභෝගික ජනතාවගේ පවුලේ සියලුම සාමාජිකයන් වෙනුවෙන් වටිනා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම මෙහි මූලික අරමුණයි.

හුදෙක් ප්‍රවර්ධන වැඩසටහනකින් ඔබ්බට විහිදෙන ‘Diva පවුලේ වාසනාව’ ඔස්සේ ශ්‍රී ලාංකික පවුල් අගයමින් එහි සෑම සාමාජිකයෙකුටම ගැළපෙන ත්‍යාග පිරිනැමීමට අපේක්ෂා කරයි.මෙහි සුපිරි ත්‍යාගය වශයෙන් TOYOTA Wigo මෝටර් රථයක් පිරිනැමීමට සැලසුම් කර ඇති අතර ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාරී වන ලැප්ටොප් පරිගණක, පවුලේ සියලුදෙනාගේ විනෝදාස්වාදය වෙනුවෙන් රූපවාහිනි මෙන්ම ඩේ අවුට් පැකේජ ද , නිවසේ වැඩ කටයුතු පහසු කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර සහ විදුලි ස්ත්‍රික්ක සහ තවත් ත්‍යාග රාශියක් ද පිළිගැන්වීමට නියමිතය. Diva Fresh කිලෝග්‍රෑම් 1ක හිස් දවටනයක් හෝ Diva Fresh සැෂේ හිස් දවටන 05ක් පාරිභෝගික ඔබගේ නම, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මිලදී ගත් වෙළඳසැලේ නම, ‘තැපැල් පෙට්ටිය 1289, කොළඹ’ යන ලිපිනය වෙත යොමු කළ යුතු අතර ඔබ සැමට ජයග්‍රාහකයෙකු වීමේ අවස්ථාව හිමි කරදෙමින් දිනපතා, සතිපතා සහ මාසික දිනුම් ඇදීම් හරහා ජයග්‍රාහකයින් රැසක් තෝරා ගනු ලැබේ.
දිනපතා දිනුම් ඇදීම් ඔස්සේ රීලෝඩ් දිනා ගැනීමට හැකි අතර සතිපතා දිනුම් ඇදීම් හරහා Diva Fresh සැෂේ දවටන යොමුකරන පාරිභෝගිකයන්ට ජංගම දුරකථන, විදුලි ස්ත්‍රික්ක සහ ඩේ අවුට් පැකේජ දිනා ගැනීමට හැකිය. එමෙන්ම Diva Fresh කිලෝග්‍රෑම් 1 ක දවටන යොමු කරන තරඟකරුවන්ට මාසික දිනුම් ඇදීම ඔස්සේ රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී සහ ලැප්ටොප් පරිගණක දිනා ගැනීමට මෙන්ම විනෝදයෙන් සහ පහසුවෙන් පවුලේ ගමන් බිමන් යෑම සඳහා නවතම TOYOTA Wigo රථයක සුපිරි ත්‍යාගයක් ද දිනා ගැනීමටත් අවස්ථාව ලැබේ.
රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසවන්ත දේශීය පුරෝගාමි සන්නාමයක් වන Diva සන්නාමය සහ ගෝලීය වශයෙන් ඉහළ ප්‍රමිතියක් දිනා ගත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන TOYOTA සමාගම එක් කරන මෙම ‘Diva පවුලේ වාසනාව’ වැඩසටහන ඔස්සේ Diva සහ TOYOTA අතර ඓතිහාසික සහයෝගීතාවයක් ද සනිටුහන් කෙරේ. වෙළෙඳපල වෙත Diva විසින් පිරිනමන විශ්වසනීයත්වය මෙන්ම උරුමය ද මෙම හවුල්කාරිත්වයෙන් ප්‍රදර්ශනය වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas Consumer Brandsහි ගෘහ සත්කාර අංශයේ කාණ්ඩ කළමනාකරු නාමල් ප්‍රනාන්දු මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දශක දෙකකට වැඩි දිගු කාලයක් පුරාවට Diva සන්නාමය පෙරමුණ ගෙන සිටිනවා. අපගේ පාරිභෝගික ජනතාවගේ හදවතට සමීපව කටයුතු කිරීම සහ ඔවුන් සමඟම පරිණාමය වෙමින් අපගේ නිෂ්පාදන ගොඩනැගීම එම ප්‍රමුඛස්ථානය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. Diva සන්නාමය කෙරෙහි විශ්වාසයෙන් අත්වැල් බැඳගනිමින් Diva සන්නාමය ඉහළටම ඔසවා තැබූ අපගේම පාරිභෝගික ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පළ කරමින් එම වටිනාකම ඔවුන්ගේ පවුල්වලට නැවත පිරිනැමීම සඳහා දියත් කළ වැඩසටහනක් ලෙස ‘Diva පවුලේ වාසනාව’ හැඳින්විය හැකියි.”රෙදි සේදුම් නිෂ්පාදනයක් ලෙස පමණක් නොව ශ්‍රී ලාංකික පවුල්වල ඉහළම විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් ලෙස Diva විසින් දිනා ඇති උරුමයන් මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ තවදුරටත් සවිමත් කරන අතර මෙමඟින් ජයග්‍රාහකයන් 1,000කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ. අඛණ්ඩ නවෝත්පාදනයන් සහ ගුණාත්මකභාවය කෙරෙහි දක්වන නොසැලෙන කැපවීම තුළින් Diva අවිවාදයෙන්ම දේශීය රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා බවට පත් වී තිබේ.