DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිත හමුව RIU හෝටලයේදී පැවැත්වේ

Share with your friend

ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. මෙහිදී DSI Tyres සමාගම සමඟ එක් වී Hankook ටයර් දේශීය වෙළෙඳපොළේ බෙදා හැරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූ අලෙවි නියෝජිතයන් අගය කරමින් Hankook කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂවරයා අත්සන් කළ බලය ලත් අලෙවි නියෝජිතත්ව පිරිනමන විශේෂ සහතික පත්‍ර රාමු කර පිරිනමන ලදී. වගකීමෙන් සහ විශ්වාසනීයව Hankook ටයර් මිලට ගැනීමට පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමට අදාළව අවශ්‍ය උපදෙස් අලෙවි නියෝජිතයන්ට පිරිනැමීමද මෙහිදී සිදු විය.

දේශීය ටයර් වෙළෙඳපොළේ ප්‍රමුඛතම මෙන්ම විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගමේ කළමනාකාරිත්වය හරහා Hankook ටයර් බෙදා හැරීම පාරිභෝගික විශ්වාසය සහ අලෙවිය වැඩි වීමට හේතු වුණ බව අලෙවි නියෝජිතයෝ එහිදී පැවසූහ. එසේම  DSI Tyres සමාගම ක්‍රියාත්මක කරන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් Hankook ටයර් අලෙවිය වර්ධනය වීමට හේතු වූ බවද ඔවුහු පැවසූහ. දශක ගණනාවක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු කොරියාවේ Hankook   ටයර් සමාගම ලොව විශාලම ටයර් නිෂ්පාදකයන් දහය අතර සිටින අද්විතීය සමාගමකි. ආරක්ෂාව, දිගු කල් පැවැත්ම, පරිසර හිතකාමී බව, සුව පහසුව ආදී සියලු සාධක මනාව කැටි කර නවීන තාක්ෂණයට අනුව නිපදවා ඇති Hankook රේඩියල් ටයර් වාහනයට නව පෙනුමක් සහ අගයක් එක් කරන නවෝත්පාදී කට්ට රටා රැසකින් හැඩ ගැන්වී ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට, දේශගුණයට මෙන්ම මෙරට බහුලව භාවිත වන වාහනවලට Hankook ටයර් මනාව ගැළපෙන බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් පසුව ආනයනය කර ඇති නිසා ඒවා විශ්වාසයෙන් භාවිත කළ හැකිය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply