Duzzcall, ස්ථාවර දුරකතන මගින් දත්ත ඇමතුම් ලබා දෙමින්ස න්නිවේදනයේ විප්ලවීය වෙනසක් කරයි

Share with your friend

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන නව්‍යතම දුරකතන සේවා පද්ධතියක් ලෙසින් Duzzcall, මෙරට දුරකතන සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් කරමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට වැඩි වැඩියෙන් දත්ත ඇමතුම් සඳහා අවකාශ සලසා තිබේ.

ශ්‍රී ලාංකීය දුරකතන පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙන මෙම  දත්ත සන්නිවේදන ක්‍රමය මගින්, කාර්යාල පරිශ්‍රයන් තුළ දත්ත ඇමතුම් ලබා ගැනීමට අවකාශ සලසමින්, සාම්ප්‍රදායික දුරකතන සන්නිවේදන ක්‍රමවේද වලින් බැහැරව කාර්යක්ෂම, ලාභදායී සන්නිවේදනය ක්‍රමයකට අනුගත වීමට ආයතන වෙත ඉඩ සලසයි. ඒ අනුව, කාර්යාල පරිශ්‍රයන්හි භාවිත වන සාම්ප්‍රදායික රැහැන් දුරකතන සන්නිවේදනය වෙනුවට දේශීය හා ජාත්‍යන්තර ඇමතුම් සඳහා දත්ත ඇමතුම් ක්‍රම යොදා ගැනීම පාරිභෝගිකයින් වෙත හිමිවන පහසු හා නවමු අත්දැකීමකි. 

Duzzcall, අන්තර්ජාල සම්බන්ධතාව සහිත ස්ථාවර දුරකතන ඇමතුම් පද්ධතියක් සාම්ප්‍රදායික ස්ථාවර දුරකතන ක්‍රමවේදයෙන් බැහැරව දත්ත ඇමතුම් සේවාවක් බවට පත් කරන බැවින්, Duzzcall යෙදවුම ඔස්සේ අන්තර්ජාල සබඳතාව හිමි ඕනෑම ස්ථාවර දුරකතන පද්ධතියක් හා සම්බන්ධ වී දත්ත ඇමතුම් සඳහා යොමුවීමේ හැකියාව පවතී. පේටන්ට් බලපත්‍රයද හිමි අතිනවීන Duzzcall යෙදවුම මගින්, PABX පද්ධතියට සවි කෙරෙන උපාංගයක් මගින් ඇමතුම සම්බන්ධ කර, whatsapp වැනි දත්ත ඇමතුම් ඔස්සේ පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට හැකියාව සැලසීම කාලීන වශයෙන් වැදගත් අවශ්‍යතාවයක් වෙයි. එමෙන්ම, ශ්‍රී ලාංකීය දුරකතන පාරිභෝගිකයින්ට දත්ත පමණක් වැයකර දේශිය හා  ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමට හැකිවීමද සුවිශාල වාසියකි.

Duzzcall සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් රම්නනී මේ පිළිබඳ අදහස් දැක්විය. “මිනිත්තුවකට විශාල මුදලක් වැය වන සාමාන්‍ය ඇමතුම් ක්‍රමවලින් ඉවත්ව අපි දැන් වසර ගණනාවක් සිටම whatsapp හා viber වැනි යෙදවුම් භාවිතා කර ලොව පුරා සිටින අපගේ ආදරණීයයන් හා සම්බන්ධ වෙමින් වෙනවා. ඒ වුණත්, එම ක්‍රමවේදය සමාගම් හා ව්‍යාපාර වලට මේ දක්වා හඳුන්වා දී තිබුණේ නැහැ. දැන් මුල්වරට ශ්‍රී ලංකාවටත්, ඊළඟට ජාත්‍යන්තරයටත් අප විසින් හඳුන්වා දෙන Duzzcall මගින් ව්‍යාපාර හා සමාගම්වලට දත්ත ඇමතුම් භාවිතා කර දුරකතන ගාස්තු විශාල වශයෙන් අඩු කර ගැනීමේ හැකියාව පවතින බව සතුටින් දැනුම් දෙන්න පුළුවන්. සාමාන්‍ය ස්ථාවර දුරකතන මගින් කාර්යාල පරිශ්‍රය තුළ සිදු කෙරෙන සියලු සන්නිවේදන කාර්යයන් කිසිදු අඩුවකින් තොරව මේ ක්‍රමවේදය මගින් සිදුකළ හැකියි. Duzzcall Intergration  සමඟ අදාළ ව්‍යාපාරික යෙදවුම ඩවුන්ලෝඩ් කරගෙන තිබෙනවා නම්, ලබා ගන්නා ඇමතුම් සඳහා අය කිරීම සිදුවන්නේ සම්මත ගාස්තු වලට වඩා විශාල වශයෙන් ලාබදායක දත්ත ඇමතුම් ගාස්තු ලෙසයි.”

Duzzcall සමාගමේ අධ්‍යක්ෂ , ශගීවන් සචිතානන්දන්  පැවසුවේ, “ලොකු කුඩා ඕනෑම ප්‍රමාණයේ සමාගම් හා ව්‍යාපාරික ආයතනවලට Duzzcall සමගින් ප්‍රතිලාභ අත්කරගත හැකියි. බැංකු, රක්ෂණ, දුරකතන මෙහෙයුම්, සංචාරක හා හෝටල් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි සමාගම් හා ව්‍යාපාරවලට Duzzcall   සමගින් නවමු වෙනසකට දැන් මාර්ගය විවර වී තිබෙනවා.” 

පාරිභෝගිකයන්ට දැරිය හැකි සහ පහසු Duzzcall මිල ක්‍රමවේදයකට අනුව, වරක් පමණක් ගෙවිය යුතු ස්ථාපන ගාස්තුවක් සහ ඊ බිල්පත් සඳහා දායක ගාස්තුවක් ගෙවා මෙම ප්‍රතිලාභය ලබාගත හැකිය. 

 Duzzcall ජංගම යෙදවුම Apple Store, Google Play Store සහ Windows Store වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර,  www.duzzcall.com වෙබ් අඩවිය මගින් Duzzcall වෙත පිවිසිය හැකිය.


Share with your friend