Forte Diagnostics සහ Health Vectors අත්වැල් බැඳගනිමින්, AI තාක්ෂණයෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝග විනිශ්චය සුහුරු වෛද්‍ය වාර්තා සේවාව දියත් කරයි

Share with your friend

AI තාක්ෂණය පාදක කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම, රෝග විනිශ්චය සහ සෞඛ්‍ය දත්ත දෘශ්‍යකරණ සුහුරු වෛද්‍ය වාර්තා සේවාව දියත් කිරීමට, මෙරට ප්‍රමුඛතම රසායනාගාර පරීක්ෂණ ආයතනයක් වන Forte Diagnostics, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ AI සෞඛ්‍ය සේවා සමාගමක් වන Health Vectors හා අත්වැල් බැඳ ගනියි. මෙරට සෞඛ්‍ය සේවාව හා තාක්ෂණික ක්ෂේත්‍රය පුළුල් පරිවර්තනයක් කරා යොමු කරන මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික ප්‍රගමනය සඳහා මෙන්ම රෝගීන් කේන්ද්‍ර කරගත් නවෝත්පාදන බිහිකිරීම සඳහා වන ශක්තිමත් කැපවීම විදහා දැක්වේ. රසායනාගාර පරීක්ෂණ තුළින් Forte Diagnostics මෙරට අත්කර ගත් විශිෂ්ටත්වය, ඉන්දීය ජන ජීවිත සුවිශේෂී වෙනසකට බඳුන් කරන Health Vectors හි සේවාවන් හා ඒකාබද්ධ කරමින්, මෙම නවතම සුහුරු වෛද්‍ය වාර්තා සේවාව දියත් කෙරෙයි. 

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් මෙන්ම, සම්බන්ධතාවයෙන් පිරිපුන් නව යුගයේ සෞඛ්‍ය සේවාවක් සනිටුහන් කෙරුණු මෙම සුහුරු වෛද්‍ය වාර්තා සේවාව දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. දිවයිනේ පිළිගත් වෛද්‍ය වෘත්තිකයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික නවෝත්පාදකයින් මෙන්ම  ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී තාක්ෂණය සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් ලබගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි. AI පාදක කරගත් මෙම සේවාවෙහි රෝග විනිශ්චය වාර්තා ඇතුළත් සජීවී ඡායාරූපද එහිදී පෙන්වන අතර, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දේශනද එහිදී පැවැත්විණි. එමෙන්ම සෞඛ්‍ය සේවය සම්බන්ධ ඉදිරි දැක්මකින් යුත් පිරිස හා එම ක්ෂේත්‍රයේ තාක්ෂණික විශේෂඥයින් සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීමට අවස්ථාවද එහිදී උදා කෙරිණි. 

පසුගිය දශක කිහිපය පුරා, ශ්‍රී ලංකාවේ වෛද්‍ය වාර්තා, සංඛ්‍යාලේඛන හා බරසාර විස්තර වලින් යුක්තව නිකුත් කෙරුණු අතර ඒවා කිසිසේත්ම රෝගීන්ට කියවා තේරුම් ගැනීමට අපහසුව තිබිණි. දැන් Health Vectors හි උසස් AI තාක්ෂණය, Forte Diagnostics රසායනාගාර පද්ධතිය සමඟ ඒකාබද්ධ කෙරෙන බැවින් එම තත්ත්වය විශාල වශයෙන් වෙනස් වීමට නියමිතය. ඒ අනුව ඉදිරියේදී, රෝගීන්ට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ AI මගින් රෝග විශ්ලේෂණය කර නිකුත් කෙරෙන විස්තර වාර්තා ලැබෙනු ඇත. රෝගීන්ට ඒවා පහසුවෙන් තේරුම් ගතහැකි අතර, ඒවා රෝග තත්ත්වයන්ට අදාළ ඡායාරූපවලින් ද සමන්විත වේ. රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීමේ පටන්, ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන්ට සහය වීම දක්වා, සම්පූර්ණ තොරතුරු මෙම සුහුරු වෛද්‍ය වාර්තා සේවාව හරහා ලබාගත හැක. එමගින් මෙරට සෞඛ්‍ය සේවාව පෙර නොවූ විරූ පරිදි වඩාත් ස්මාර්ට්, වේගවත් මෙන්ම සියලු දෙනා වෙනුවෙන් සවිබල ගන්වන ලද සේවාවක් බවට පත් කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්, Forte Diagnostics හි සභාපති එම්.එෆ්.ඒ. රියාස් මහතා සඳහන් කළේ මෙලෙසයි. “මෙම හවුල්කාරිත්වය තුළින්  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ විප්ලවයක ආරම්භ කෙරෙනවා. අපගේ රෝග විනිශ්චය සුහුරු වෛද්‍ය වාර්තා සේවාව සඳහා අති නවීන AI තාක්ෂණය හා ඒකාබද්ධ කිරීමෙන් අපි සෞඛ්‍ය තොරතුරු ජනතාවට ලබාදෙනවා. අප හුදෙක් රසායනාගාර ප්‍රතිඵල වාර්තා කිරීමෙන් නොනැවතී, සෑම රෝගියෙකුටම ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳ පැහැදිලි, AI රෝග වාර්තාවක් සහ රෝග විස්තර පිළිබඳ සාරාංශයක් නිකුත් කරනවා. මෙය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය  ක්ෂේත්‍රය පරිවර්තනයට ලක්කිරීමේ අපගේ ගමනේ ආරම්භය පමණයි.”

ISO 9001:2015 තත්ත්ව සහතික ලත් Forte Diagnostics, ශ්‍රී ලංකාව පුරාම රසායනාගාර පරීක්ෂණ නිවැරදි බවෙන් හා විශ්වාසනීය අන්දමින් සිදුකරමින් රෝග නිශ්චය වාර්තා ලබාදීම සඳහා මෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිගාමී දැක්ම සඳහා කැපවී කටයුතු කරන ආයතනයකි. එම ආයතනය, අගනගරයේ ප්‍රධාන පෙළේ ස්ථානයක වර්ග අඩි 5,000 ක මුළු භූමි ප්‍රමාණයකින් යුක්තව පිහිටා තිබෙන අතර ඉඩකඩ සහිත අති නවීන, රසායනාගාරයක්ද ආයතනය සතු වේ. එමගින්, විශේෂිත රසායනාගාර පරීක්ෂණ රාශියක් සිදුකිරීම සඳහාම කැපවූ සුදුසුකම්ලත් පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමක්ද සිටියි. මෙම ආයතනය හා අත්වැල් බැඳගත් ඉන්දියාවේ Health Vectors, ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය AI තාක්ෂණයෙන් බලගන්වමින්, එම ක්ෂේත්‍රය සුවිශාල පරිවර්තනයකට බඳුන් කරන සමාගමකි.  මෙම නවතම සේවාව  මගින්, අති නවීන ගණිත ක්‍රම සහ දත්ත විශ්ලේෂණ තුළින් සිදුකෙරෙන පුරෝකතන හරහා ජනතාවට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කර අවබෝධ කරගැනීමට මෙන්ම, තම සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමටත් හැකියාව සලසයි. ඒ අනුව, රෝග කල් තියා වළක්වා ගැනීමේ ප්‍රතිකර්ම සහ නිදන්ගත රෝග කළමනාකරණයෙහි නවතම වෙනස්කම්, මෙම පුරෝගාමී සුහුරු වෛද්‍ය වාර්තා සේවාව මගින් සිදුකෙරේ. 


Share with your friend