කොළඹ (2023 මාර්තු 13): වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2023) සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රංශ සහ ස්විස් නෘත්‍යමය ගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම ප්‍රංශ භාෂා කලාකරුවන් දෙදෙනෙකුවන ලොරෙන්ට් බෘෘනෙටි සහ මරියෝ පචියොලි එක්ව ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය “Les Monsieur Monsieur” ලෙස නම් කර ඇත.
මෙහි පළමු ප්‍රසංගය එළඹෙන මාර්තු 24 වැනිදා සිකුරාදා පස්වරු 7 සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නුග උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ය. ඉන් අනතුරුව මාර්තු 26 දින ඉරිදා පස්වරු 7 සිට යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, අවසාන වශයෙන් මාර්තු 28 අඟහරුවාදා පස්වරු 6 සිට පේරාදෙණිය සරසවියේදීත් ප්‍රසංගය ඉදිරිපත් කෙරෙනු ඇත. සියලු දර්ශන වාර සඳහා කිසිදු ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය නොකෙරෙන අතර පැමිණි පිළිවෙල අනුව සහභාගීත්වයට අවකාශ උදාවනු ඇත.
මෙම සංගීත චාරිකාවට ප්‍රංශ සහ ස්විස් සංගීතඥයින්ගේ මුල් ගීත මෙන්ම ජනප්‍රිය ගීත ද ඇතුළත් ය. ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ භාෂාවට ඇති දුරස්ථභාවය බිඳදමමින් වචන, හැඟීම් සහ ජවය මගින් කලාකරුවා සහ රසිකයා අතර සංස්කෘතික පාලමක් නිර්මාණය වීමයි. සංගීත චාරිකාව අතරතුර තෝරාගත් විශ්ව විද්‍යාල පරිශ්‍ර කිහිපයකදී සිසුන් සමඟ තම දැනුම බෙදාගැනීමට මෙම කලාකරුවෝ දෙපළ ඉඩ වෙන්කර තිබීම ද කැපීපෙනේ.
ලෝරෙන්ට් බෘෘනෙටි ඉතා ළාබාල වයසේදීම සංගීතයට සහ නෘත්‍ය වේදිකාවට නැඹුරු වූ දක්ෂ කලාකරුවෙකි. තනිව වාදනය කරන පියානෝවක් හෝ සිම්පනි වාද්‍ය වෘන්දයක් සමඟ වේදිකාවට පිවිසෙන බෘෘනෙටි සංගීත ඛණ්ඩ සහ ස්වර මාධූර්යය නෘත්‍ය අංගයක් බවට පත්කිරීමට සමත් ය. මේ දක්වා ස්වකීය සංගීත ඇල්බම් පහක් එළිදක්වා ඇති ඔහු, වෙනත් කලාකරුවන් වෙනුවෙන් ද සංගීත රචනයේ නියැළී සිටියි.
මරියෝ පචියෝලි තම සංගීත දිවිය ආරම්භ කළේ හත් හැවිරිදි වියේදී, පියානෝ වාදකයෙකු සහ ඔපෙරා ගායකයෙකු ලෙසිනි. ස්විට්සර්ලන්තයේ Golden record සහ ඇල්බම් හතරක් තමන් සතුකරගෙන සිටින මරියෝ තම කලා නිර්මාණ එළිදැක්වූයේ ලොස් ඇන්ජලීස්හි හොලිවුඩ් සංගීත තාක්ෂණ විද්‍යාලයේදී (Musicians Institute of Technology of Hollywood) ය. ඊට අමතරව ඔහු ප්‍රංශයේදී වේදිකා නළුවෙකු ලෙස ද පුහුණුව ලබා තිබේ. ඔහුගේ ආසන්නතම සංගීත නිර්මාණයවන “Remas” මගින් ඔහු සිය මව් භාෂාව වන Romansh භාෂාවට තම ආචාරය පිරිනමා තිබේ. මරියෝ ද වාද්‍ය වෘන්ද සඳහා සංගීත ඛණ්ඩ රචකයෙකු, ගායකයෙකු සහ සමූහ ගායකයෙකු ලෙස මහත් ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටියි.