නීතිමය ගැටලුවක් හේතුවෙන් ‘Fun Shoe’ ළමා පාවහන් එකතුව තාවකාලිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම පිළිබඳව මෙරට ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන Lakpa Footwear (පුද්.) සමාගම සිය පාරිභෝගිකයන්ට සහ වෙළඳ නියෝජිතයන්ට කනගාටුව පළකර සිටී.

මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වූ අපහසුතාව තමන් හොඳින් දන්නා බවත්, එම කාලසීමාව තුළ ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් සමාගම පවසයි.
“අපගේ පාවහන් බලාපොරොත්තුවෙන් සිටි පාරිභෝගිකයන් සහ වෙළඳුන් මේ ගැටලුව හේතුවෙන් නොසතුටට පත්වුණු බව අප දනිමු. මේය නිරාකරණය කිරීමට අප මේ වන විට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ගැටලුව හැකි ඉක්මනින් විසඳාගැනීම සඳහා පියවර ගනිමින් සිටී. අපගේ නිෂ්පාදනවල අව්‍යාජ බව සහ අපගේ කාර්ය මණ්ඩලයේ නිර්මාණශීලීත්වය පිළිබඳව අපට ආඩම්බර වීමට හැකිය. ‘Fun Shoe’ නිෂ්පාදන පෙළ අපගේ නවෝත්පාදන හැකියාවන් මැනැවින් විදහා දක්වන අතර, සෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන්ම අප දක්වන සැලකිල්ල මැනැවින් නිරූපණය කරන නිෂ්පාදන එකතුවක් ලෙස එය හැඳින්විය හැකියි.” Lakpa Footwear (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මලිත කන්නන්ගර මහතා පැවසීය.
නවෝත්පාදනය ඔස්සේ තමන්ටම අනන්‍ය වූ ශිල්පීය නිපුණත්වයක් සහ තමන්ටම ආවේණික වූ නිෂ්පාදන සැලසුම්කරණ ක්‍රියාවලියක් තුළින් Lakpa Footwear (පුද්.) සමාගම විසින් Fun Shoe නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන ලදී. පවතින ගැටලුකාරී තත්වය හේතුවෙන් එම නිෂ්පාදන පෙළ තාවකාලිකව වෙළඳපොළට නිකුත් නොකළද, සමාගම විසින් පිරිමි, කාන්තා සහ ළමා කාණ්ඩ යටතේ හඳුන්වා දී ඇති අනෙකුත් පාවහන් වර්ග සියල්ල සුපුරුදු පරිදි වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇත. මේ වන විටත් Lakpa රබර් සෙරෙප්පු යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් වැනි කලාප වෙත අපනයනය කෙරේ.
මේ ආකාරයට අපනයන තුළින් රටට අතිශය වැදගත් වන විදේශ විනිමය අප රැගෙන එන අතරම, දේශීය පාරිභෝගිකයන්ගේ දැඩි ඉල්ලුම හේතුවෙන් මෙරටට නව නිෂ්පාදන රැසක් හඳුන්වා දීමටද Lakpa Footwear (පුද්.) සමාගම පියවර ගෙන ඇත. කලාපීය ප්‍රමිතීන් ඉක්මවා යන ආකාරයට අලංකාර නිමාවකින් සහ ඉහළම ප්‍රමිතියකින් යුතුව මෙම පාවහන් නිෂ්පාදනය කෙරේ.
1986 වසරේදී ශ්‍රී ලංකාවේ රබර් වගාව බහුලව සිදුවන ප්‍රදේශයක Lakpa Footwear (පුද්.) සමාගම ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පාවහන් නිෂ්පාදන සමාගම වන Lakpa Footwear (පුද්.) සමාගම තිරසාර නිෂ්පාදන ක්‍රමවේදයන්, නව්‍ය නිමාවන් සහ 100% ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිෂ්පාදන සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටී. මේ වන විට බෙදාහැරීම් නියෝජිතයන් 4,000 කට අධික පිරිසක් හරහා ශ්‍රී ලංකාව තුළ සහ ලොව රටවල් කිහිපයකට Lakpa නිෂ්පාදන බෙදාහරිනු ලැබේ.