HelpAge ශ්‍රී ලංකා සංවිධානයමඟින් සිදුකරනු ලබන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය සහය ලබා දෙයි

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ආධාර උපකාර අවශ්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් සිය සවිගැන්වීම ලබා දීම සඳහා HelpAge ශ්‍රී ලංකා හා එක්වෙයි.  AIA වෙතින් ලබාදෙන මෙම පරිත්‍යාගය ඔස්සේ ඇසේ සුද නිසා පෙනීම දුර්වල වූ රෝගීන් 10 දෙනෙකුහට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා දායකත්වය ලැබෙනු ඇත.  ඇසේ  සුද ඉවත් කිරීමේ සැත්කම මඟින් එම රෝගීන්ගේ පෙනීම යථාතත්ත්වයට පත් කිරීම පමණක් නොව ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරමින් සිය ආදරණීයයන්ටත්, සමාජයටත් ඔවුන්ගේ දායකත්වය සහ සහයෝගය ලබා දීමේ හැකියාව ඇති කරයි.    

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම පරිත්‍යාගය ලබාදෙන ලද්දේ, මෙවර වෙසක් මංගල්‍යයට සමඟාමීව අප ආයතනය විසින් දියත් කරන ලද ‘පියවර පූජා’ නම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනතා සහභාගීත්වයෙන් ආලෝකමත් කරන ලද ඩිජිටල් වෙසක් තොරණ ඔස්සේ සමාජය වෙත ලබාදුන් පණිවිඩය වඩාත් අර්ථවත් කරලීමේ අරමුණෙනි. මෙම නව්‍ය  ඩිජිටල් තොරණ නිර්මාණය කිරීමේ අරමුණ වුයේ,  තොරණ ආලෝකමත් කිරීමට ජනතාව සහභාගී කරවා ගැනීම මඟින් තම ජීවිතයේ සුවතාවය වෙනුවෙන් දිනපතා යම් දුර ප්‍රමාණයක් ඇවිදීම පුරුද්දක් වශයෙන් කළ යුතුය යන ප්‍රතිඥාව ජනතාව වෙතින් ලබා ගැනීමත්  ඒ අතරම, ඉන් ඔබ්බට වඩාත් උතුම් වූ අරමුණකට ඔවුන්ගේ දායකත්වය ලබා දීම උනන්දු කරවීමටත්ය.   මෙම පියවර පුජාවට සහභාගී වී AIA ඩිජිටල් තොරණ ආලෝකමත් කරමින් ලබා දෙන ලද සෑම ප්‍රතිඥාවක් සඳහාම,  AIA වෙතින් HelpAge ශ්‍රි ලංකා ආයතනය වෙත  පරිත්‍යාගයක්  ලබා දෙන ලද අතර එම මුදල්  ඇසේ  සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා යොදා ගනු ඇත.  මේ ඔස්සේ  පුද්ගලික සෞඛ්‍යසම්පන්න බව ප්‍රවර්ධනය කිරීම, සමාජ වගකීම යන කරුණු  සමඟ සම්බන්ධ කර ගනිමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ජනතාවගේ සුබසිද්ධිය වැඩි දියුණු කරලීම සඳහාත් අවශ්‍යතා ඇති ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහාත් සිය කැපවීම තහවුරු කර සිටියි.

AIA ඉන්ෂුවරන්ස් හි අප විශ්වාස කරන්නේ සැබෑ සාර්ථකත්වය මැනිය හැක්කේ, අප විසින් අන් අයගේ ජීවිත තුල ඇතිකරන ධනාත්මක බලපෑම මත වන බවයි.  මෙසේ HelpAge ශ්‍රී ලංකා ආයතනය සමඟින්  සහයෝගිතාවයකට එළඹීමෙන් අපගේ සහය  මූල්‍යමය ආධාරයකින් ඔබ්බට යමින් අවශ්‍යතාවය ඇති අයගේ ජීවිත වලට සහනයක් ලබා දීමට හැකියාව ලැබී ඇත. මෙම මුලපිරීම් ඔස්සේ  අපගේ දැනටමත් ක්‍රියාත්මක මෙහෙවර වන ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක්  ගත කිරීම සඳහා සහය වීම යන්න පිළිබිඹු වන අතර මෙම මහඟු කාර්යය වෙනුවෙන්  AIA හි දායකත්වය ලබාදීමට හැකිවීම අපට මහත් ගෞරවයකි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply