Hemas Pharmaceuticals සමාගම Oproma Cosmetics සමග එක් වී සිය ප්‍රථම විද්‍යුත්-වාණිජ සන්නාමගත නිෂ්පාදනය වන ‘Hair Buddy’ දියත් කරයි. 

Share with your friend

Hemas Holdings PLC හි අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Hemas Pharmaceuticals (පුද්) සමාගම විසින් මෑතකදී සිය නවතම හිසකෙස් සත්කාර නිෂ්පාදනය වන ‘Hair Buddy’ එළිදක්වන ලදි. Oproma Cosmetics පුද්ගලික සමාගම සමග එක්ව ‘Botanical fusion hair masque’ සත්කාරයක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙය, Hemas Pharmaceuticals සමාගමේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.

Hair Buddy ඇසුරුම

Hair Buddy යනු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි, චර්ම විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද සහ 100% ක් BPA රහිත නිෂ්පාදනයකි. කෙටි කාලයක් තුළ පැහැදිලිව දැකගත හැකි ප්‍රතිඵල ලබාදීමට එයට හැකියාව ඇත. හිසකෙස් ගැලවී යාම වළක්වා හිස්හොරි ඇති වීම අවම කරන Hair Buddy, හිසකෙස් මුල සිට අග දක්වා ශක්තිමත් කරයි. හිස්කබල හොඳින් පෝෂණය කරමින් එය දීර්ඝකාලීනව නිරෝගීව පවත්වා ගැනීමේ හැකියාව Hair Buddy සතුය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අත්දුටු ශාකසාර සත්කාර ක්‍රම උපයෝගී කරගනිමින්, හිසකෙස් සුරකින කාර්යක්ෂම නිෂ්පාදනයක් ලෙස, භාවිතා කරන්නාගේ ‘සදාකාලික මිතුරෙකු’ බවට පත්වන ආකාරයට Hair Buddy නිෂ්පාදනය කර ඇත. 

ශ්‍රී ලංකාවේ හිසකෙස් සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රය මේ වන විට වේගයෙන් පුළුල් වෙමින් පවතී. එම වෙළඳපොළට පිවිසීම සඳහා Hemas Pharmaceutical ගත් ක්‍රමෝපායික තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස Hair Buddy හඳුන්වා දෙන ලදි. එමෙන්ම මෙය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම නිෂ්පාදන දිවයින පුරා පහසුවෙන් බෙදාහැරිය හැකි වෙනම විද්‍යුත් වාණිජ පදනමක් නිර්මාණය කිරීම සඳහා Hemas Pharmaceuticals සමාගම සතුව පැවති සැලසුම් යථාර්ථයක් බවට පත්වීමක් ලෙසද හැඳින්විය හැකි වේ. 

Chandrasiri Distributors සමාගමේ අධ්‍යක්ෂ හෂාන් පෙරේරා, එම සමාගමේ සභාපති චන්ද්‍රසිරි පෙරේරා, Oproma Cosmetics සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම, Hemas Pharmaceuticals සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ රණසෝම, එම සමාගමේ අලෙවි අධ්‍යක්ෂ චින්තක පෙරේරා සහ එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන සහ ආයතනික කටයුතු අධ්‍යක්ෂිකා එරන්දිකා හැන්නදිගේ යන මහත්ම මහත්මීන් 

දශක දෙකකට වැඩි කාලයක් Hemas Pharmaceuticals හි බෙදාහැරීමේ හවුල්කරු ලෙස කටයුතු කරන චන්ද්‍රසිරි සහ පුත්‍රයෝ සමාගම Hair Buddy සඳහා එකම බෙදාහැරීම් නියෝජිත ලෙස කටයුතු කරයි. මෙය විශ්වාසනීය සමීප සම්බන්ධතා ඔස්සේ නව වෙළඳපොළවල් සහ නව පාරිභෝගික නිෂ්පාදන කාණ්ඩ වෙත ප්‍රවේශ වීම සඳහා Hemas Pharmaceuticals දක්වන උනන්දුවට මනා සාක්ෂියකි. 

“මේ ආකාරයට නව වෙළඳපොළවල් සහ නව සෞඛ්‍ය සේවා කාණ්ඩ වෙත ව්‍යාප්ත වීමට සමගාමීව, අප මෙතෙක් දුර පවත්වාගෙන ආ දීර්ඝකාලීන සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපේ ඉලක්කය වී තිබෙන්නේ සංකීර්ණ රසායනික සංයෝග වෙනුවට පිළිගත් සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය සහ ක්‍රමවේද භාවිතා කරන නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමටයි. එමෙන්ම නවෝත්පාදන සහ ආචාරධර්ම ඔස්සේ පැහැදිලි අරමුණක් කරා ගමන් කිරීමට අප දරන උත්සාහය Hair Buddy මගින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට සීමා නොවී, පෞද්ගලික යහපැවැත්ම සම්බන්ධ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම සඳහා Hemas Pharmaceuticals දරන සුවිශේෂී උත්සාහයක සමාරම්භක පියවර ලෙස හැඳින්වීමට පුළුවන්.” Hemas Pharmaceuticals සමාගමේ කළමනාකාරණ අධ්‍යක්ෂ ආචාර්ය මහේෂ රණසෝම මහතා පැවසීය. 

Oproma Cosmetics සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතා සහ Hemas Pharmaceuticals  සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ රණසෝම මහතා

“Hair Buddy යනු දීර්ඝකාලීන හිසකෙස් සත්කාරයක් මෙන්ම උපරිම පාරිභෝගික තෘප්තියක් ඉලක්ක කරගෙන හඳුන්වා දුන් නිෂ්පාදනයක්. Hemas Pharmaceuticals සමග අත්වැල් බැඳගැනීම තුළින් ඒ ඉලක්කය ළඟා කරගැනීමට වගේම, දෙපාර්ශ්වයටම පොදු වටිනාකම් ඔස්සේ නව ගමනක ආරම්භය සනිටුහන් කිරීමට අපට හැකි වී තිබෙනවා.” Oproma Cosmetics සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතා පැවසීය. 

හිසකෙස් වැටීම අවම කර හිසකෙස් පෝෂණය කරන Hair Buddy මින් ඉදිරියට පාරිභෝගිකයන්ගේ සදාකාලික මිතුරෙකු බවට පත් වනු නිසැකය. මේ ආකාරයට විශ්වාසනීය නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට සැබැවින්ම වැදගත් වන නව නිෂ්පාදන හඳුන්වා දීම සඳහා Hemas Pharmaceuticals සමාගම දිගින් දිගටම කැප වී සිටී.


Share with your friend